තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

රූපලාවන්‍ය සිරස්තල

2018 ජූලි 03, අඟහරුවාදා 13:01

කෘෂ බව වළකා ලස්සන වෙන්න... විශේෂාංග

Written by 
අගයන්න
(0 මනාප)
  සිරුරේ හැඩය කාන්තාවකගේ රූපශ්‍රීයේ ඇති ආකර්ෂණීයම අංගයකි. මනා ප්‍රමාණයට පිහිටි සිරුර රූපයට මෙන්ම සෞඛ්‍යය ද රැක දෙන්නක් නිසා උසට සරිලන මහතින් හා නියමිත බර ප්‍රමාණයෙන් යුතු සිරුරක් පවත්වා ගැනීමට වෙහෙසීම ප්‍රයෝජනවත් කටයුත්තකි.

 

තරබාරු සිරුරකට වඩා සිහින් සිරුරක් වටිනා බව පැවසුව ද සිහින් යනු කෘෂ බව නොවේ. කෘෂ බව ඕනෑම පුද්ගලයකුට ගෙනදෙන්නේ අවලස්සනකි.

එම නිසා අද අපි කේරළයේ පවතින රහස් මඟින් කෘෂ බව නැතිකර ගැනීමට යොදා ගන්නා ක්‍රමවේද පිළිබඳ දැනුවත් වෙමු. අධික කෘෂ බවට බලපාන හේතු ද ගණනාවකි.

ජානමය බලපෑම්, මනා පෝෂණයක් නොමැති වීම, සිරුරේ අධික උෂ්ණාධික බව, අධික ලෙස වෙහෙස වන රැකියාවක නියුතු වීම, මානසික අතෘප්තිය, අවිවේකී බව, පිත අධික සිරුරක් තිබීම, නිධන්ගත රෝගාබාධයක් පැවතීම, නිතර ඖෂධ වර්ග භාවිතය, වැරැදි ඇවතුම් පැවතුම්, ආහාරයට ගන්නා කෑම බීම නිසි ලෙස නොදිරවීම, ආහාර දිරවීමට කාලයක් නොතබා නිතර නිතර ආහාර ගැනීම, රළු ආහාර පාන වර්ග නිතර ගැනීම, ආහාර නොගෙන සිටීම, නිදි වැරීම, කාලයක් රෝගයකින් පීඩා විඳීම ආදිය කෘෂ බවට හේතුවන කාරණා ලෙස සැලකිය හැකියි.

ආයුර්වේදයට අනුව මෙවැනි කෘෂ අයට ආකාර තුනකට ප්‍රතිකාර හා සත්කාර සිදු කළ හැකිය. එනම්,

1. ආහාර ක්‍රම

2. විහරණ ක්‍රම

3. ඖෂධ ලෙසයි.

ආහාර ක්‍රම

මෙහිදී ආහාර ගැනීමේ දී ප්‍රත්‍ය වූ එනම් සුදුසු ආහාර ගැනීම කළ යුතුය. මෙහිදී විශේෂයෙන් එළකිරි, අලුත් හාලේ බත්, ගිතෙල්, මුදවපු කිරි, උඳු පිටි, රටඉඳි, උක්පැණි, උක්පැණි යොදා සකසන ලද ආහාර වර්ග, ධාන්‍ය වර්ග, මුං කිරිබත් වැනි ආහාර ඉතා වැදගත් වේ.

එමෙන්ම කොපමණ ආහාර ගත්ත ද සිරුර නොවැඩෙන කාන්තාවන්ට මඳ උණුසුම් කිරි වීදුරුවකට ගිතෙල් තේ හැන්දක් මිශ්‍රකර උදෑසන පානය කිරීම ද සිරුර පෘෂ්ටිමත් වීමට හේතු වේ. මෙයට අමුක්කරා තේ හැන්දක් හෝ හාතවාරිය අල තේ හැන්දක ප්‍රමාණයක් එකතු කිරීම මඟින් වඩාත් හොඳ ප්‍රතිඵල ලබා ගත හැකියි. සතියකට දින තුනක්වත් කොළ කැඳ පානය කිරීම ද සුදුසු ය.

විහරණ ක්‍රම

විහරණ ක්‍රම ලෙස හඳුන්වන්නේ ඇවතුම් පැවතුම් ය. එනම්, සුව පහසුලෙස යහන්වල නිදා ගැනීම, සිත සැහැල්ලු අරමුණුවල තබා ගැනීම, මනසට හොඳ විවේකයක් ලැබෙන සේ ගහ-කොළ හා ඇළ-දොළ ආශි‍්‍රතව කාලය ගත කිරීම, සුදු හෝ ළා පැහැති වස්ත්‍ර ඇඳීම, පි‍්‍රයයන් දැකීම, ස්වභාවික මල්වල සුවඳ ආඝ්‍රාහණය වැනි දේ හා සිතට කලකිරීම, වෛර, ක්‍රෝධ සිතිවිලි නොපැමිණෙන සේ ක්‍රියා කිරීම ආදියයි.

ඖෂධ

රටඉඳිවල ඇට ඉවත්කර එතුළට එළඟිතෙල් පුරවා, මී පැණි මිශ්‍රිත බඳුනක දමා උදෑසන එම රටඉඳි මදුළු 2-3 ක් ආහාරයට ගන්න. (මෙහිදී දියවැඩියාව වැනි රෝග පිළිබඳ සැලකිලිමත් විය යුතුයි)

හාතවාරිය කැඳ පානය කරන්න. අළු පුහුල්, අළු කෙසෙල්, කොස් වැනි දේ ආහාරයට ගන්න. එළකිරි පානය කරන්න. නෙල්ලි, රසකිඳ තම්බා පානය කරන්න.

  

උපදෙස් ආයුර්වේද රූපලාවණ්‍ය විශාරද

අසෝකා පල්ලියගුරු

සැලෝන් බෙල්ලෙස්සා මහනුවර 

 

963 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2018 ජූලි 03, අඟහරුවාදා 13:03
අදහස් එක් කිරීමට ලොග් වෙන්න