තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

රූපලාවන්‍ය සිරස්තල

2018 ජූලි 03, අඟහරුවාදා 13:19

ආකර්ෂණයට කැමැති ඔබට... විශේෂාංග

ලිව්වේ  සුපුන් ජයසිංහ
අගයන්න
(0 මනාප)
කාන්තාවන් ස්වභාවයෙන්ම තමන්ගේ රූපය සුන්දර කරගැනීමට බොහෝම උනන්දුයි. නමුත් බහුතරයක් විවාහක කාන්තාවන්. විවාහයත් සමඟ තමන්ගේ ශරීර සුන්දරත්වය අමතක කිරීමට පෙලඹේ. එය අඥානකමකි.

 

කාන්තාවන් සැමදා එක ලෙස සුන්දරව සිටිය යුතුය. නිවෙසේ, කාර්යාලයේ, මඟතොටදී දහසකුත් භූමිකාවන් කාන්තා ඔබ සතුවේ. මවක, මිතුරියක, අසල්වැසියක, සොයුරියක ලෙස භූමිකාවන් රැසක්ම ඔබ සතුය. ඉතින් ඔබගේ රූපය පිළිබඳ සැලකිලිමත් නොවී කොහොම ද?

අමුතු තාලේ හිසකෙස් විලාසිතා

කාන්තාවන් හිසකෙස් විලාසිතා දැමීමට බොහෝම දක්ෂයිනේ. ඒත් ඔවුන් අනවශ්‍ය ලෙස ජෙල් ගාගෙන, කොණ්ඩ කටු ගහගෙන කරන විලාසිතාවලට පිරිමි ආසා කරන්නේ නැහැ. පිරිමින් ආකර්ෂණය වන්නේ සිනිඳු කඩා හැළෙන කෙස් කළඹකටයි.

මේක්අප් වෙස්මුහුණුවලට

මේක්අප් එකක අරමුණ මුහුණක ඇති ලප, රැලි වැටීම් වැනි අඩුපාඩු වසාගැනීමයි. මෙයට කාන්තාව යොදන මේක්අප් සාමාන්‍ය, සරල වීම වැදගත්ය. ඇතැම් කාන්තාවන් අධික ලෙස මේකප් දැමීමට ආශාකරති.

ඇතැම් සැලුන්වලින් ද තම ලාභය සලකා පාරිභෝගිකයන්ට අධික මේකප් දමනු දක්නට ලැබේ. සියලුම කාන්තාවන් තමන්ගේ මුහුණට සරිලන මේක්අප් ප්‍රමාණය සහ එය යොදන පිළිවෙළ හඳුනා ගත යුතුය.

නැතිනම් අත්හදා බැලීම්වලින් එය උගත යුතුය. අන් අය වෙනුවෙන් බොහෝ කාලය වැය කරන ඔබ ඔබටත් කාලයක් වෙන් කළ යුතුය. නැතිනම් ඔබට ජීවිතය මඟහැරෙනු ඇත.

ගල් වුණු ඇස් පිහාටු

ඇතැම් කාන්තාවන් ඇස් පිහාටුවලට මස්කාරා ගල්වන්නට පුරුදු වී තියෙනවා. එය ඇසට අලංකාරයක් ගෙනදෙනවා. නමුත් අධික ලෙස මස්කාරා තැවරීමෙන් ඇස් පිහාටු එකට ඇලී ගල් වෙනවා. ඇස් දෙපසින් කළු වර්ණය පෙනෙනවා.

මෙයට බොහෝම පිරිමින් අකැමැතියි.

මේ නිසා පැල්ලම් ඇති නොවන ඉක්මනින් වේලෙන සහ ගුණාත්මක බවින් වැඩි මස්කාරා ගැල්වීමෙන් පසුව වැඩියෙන් තැවරුණු මස්කාරා ඉවත්කිරීමට බ්‍රෂ් එකක් භාවිත කරන්න.

දිලිසෙන මුහුණ

මේක්අප් ගැල්වීමේ දී ඇතැම් කාන්තාවන් දිලිසෙන මේකප් ආලේපකිරීමට පුරුදු වී සිටිනවා ඔබ දැක ඇති. සමහරු තමන්ගේ ඇහිපිය මත දිලිසෙන මේක්අප් ගල්වනවා. නමුත් කාන්තාවන්ගේ දිලිසෙන මේකප්වලට පිරිමින් අකැමැති බවත් අමතක කරන්නට එපා.

කහ පැහැති දත්

කහපාට දත් ඇති, මුවෙන් දුඟද හමන අයකුට කිසිවෙක් කැමැති නැති බව රහසක් නොවේ. මෙම ගැටලුවෙන් මිදෙන්නට දත් සුදු කරන දන්තාලේප, මුව දුගඳ නසන මවුත්වොෂ්, ලොසින්ජර භාවිතයට ගන්න. නිතරමම කෝපි පානයෙන්, මත්ද්‍රව්‍ය, දුම්වැටි පානයෙන් වැළකීමෙන් දත් සුදු කරගත හැකිය.

සිරුර ගැන ඇති නොසැලකිල්ල

ඇතැම් කාන්තාවන් වයස් ගතවීමත් සමඟ තමන්ගේ සිරුර ගැන උනන්දු නොවේ. අපිරිසුදු සහ අපිළිවෙළ නියපොතු සහ ලෝම පිරුණු දෙපා, ලෝම සහිත කිහිලි ඇති කාන්තාවන්ට පිරිමින් ආකර්ෂණය නොවේ. මෙවැනි අඩුපාඩු ලස්සන ඇඳුම්වලින් , මේක්ප්වලින් මැකිය නොහැකිය.

වියළි හෝ තෙල් සහිත සම

ඔබ නොසිතුවත් පිරිමින් ඔබේ වියළී ගිය පැළුණ දෙපා, තෙල් සහිත මුහුණ හෝ පතුරු ගැළවුණු සමට අවධානය යොමු කරනවා. මේ නිසා ඔබේ සමේ ඇති ගැටලු ගැන අවධානය යොමුකරන්න. එයට ප්‍රතිකර්ම කරන්න.

ප්‍රසිද්ධියේ හැඩවීම

ඇතැම් කාන්තාවන් ප්‍රසිද්ධියේ මේක්අප් දැමීම, තොල් ආලේපන ගැල්වීම, කොණ්ඩය පිරීම සිදුකරනවා. මේවා ගැන පිරිමින් උනන්දු නැහැ. ඔවුන් එම හැසිරීම පි‍්‍රය කරන්නේ නැහැ.

කළු පැහැති දෙතොල්

 

තොල් ආලේපනවලින් කළයුත්තේ ඔබේ දෙතොල්වල සුන්දරත්වය වැඩිකිරීමයි. ඇතැම් කාන්තාවන් දෙතොල්වල අඳුරු පැහැ ආලේපන ගල්වනවා. ඇතැම් වේලාවලදී අඳුරු පැහැති ඇඳුම්වල වර්ණයෙන් තොල් ආලේපන ගල්වනවා. මෙයට පිරිමින් අකැමැතියි. දෙතොල කාන්තාවන්ගේ සුන්දරත්වය වැඩිකරන්නක් බව අමතක නොකළ යුතුයි.

අධික ලෙස විලවුන් ගැල්වීම

සෑම දෙයකටම සීමාවක්, ප්‍රමාණයක් තිබෙනවා. සුවඳවිලවුන් භාවිතයත් එබඳුය. එසේ නැතිව අධික ලෙස සුවඳ විලවුන් ගැල්වීමෙන් අන් අයට ඔබව අපි‍්‍රය වෙනවා. මේ නිසා සුවඳ විලවුන් ස්වල්පයක් බෙල්ලට, අතේ මැණික් කටුවට, කන් දෙකේ පිටුපසට වැනි ස්ථානවලට ස්ප්‍රේ කරගන්න.

ඔබ කවුදැයි නිවැරැදිව දන්නේ ඔබම පමණයි. ඔබගේ සමාජ තත්ත්වය ඉහළ නංවන අයුරින් විලාසිතා කරන්න. ආකර්ෂණීය, ගෞරවනීය කාන්තාවක් වන්නට ඔබටත් හැකිවේවි නිසැකවම.

1177 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2018 ජූලි 03, අඟහරුවාදා 13:20
අදහස් එක් කිරීමට ලොග් වෙන්න