තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

රූපලාවන්‍ය සිරස්තල

2018 නොවැම්බර් 05, සඳුදා 14:50

වියළි සමට ආයුර්වේද ප්‍රතිකර්ම... විශේෂාංග

ලිව්වේ  අයන්ති උඩුගම්පල
අගයන්න
(0 මනාප)
පුද්ගලයකු දෙස බැලූ බැල්මට පෙනෙන්නේ ඔහුගේ හෝ ඇයගේ බාහිර ස්වරූපයයි. බාහිරව පෙනෙන ප්‍රධානම දෙය වන්නේ එම පුද්ගලයාගේ සමයි.

 

සමේ වර්ණය, සමේ ස්වභාව දකින විටම ඇස යොමු වන්නකි. සමේ වර්ණය කුමක් වුවත් නිරෝගී සමක් නැතිනම් එය රුවට අභියෝගයකි. කැලැල් පිරුණු සම මෙන්ම වියළීම නිසා ද සමේ නිරෝගී බවට හානි ඇතිවේ. සම කුමන වර්ණයකට අයත් වුවත් එය නිරෝගී නම් ඔබට ගෙන දෙන්නේ සුන්දරත්වයක්.

අද අපි වියළි සමක් ඇති ඔබට එම තත්ත්වයෙන් මිදීම සඳහා පිළියම් සැපයීමට සූදානම්.

වියළි සමක් ඇති විට තුරුණු බව අකාලයේ අහිමිව යාමට එය සාධකයක් වේ. සම රැලි වීමට ප්‍රධාන කාරණය වන්නේ සිරුරේ ඇති තෙතමනය නැතිව යාමයි. එසේ වීමට ප්‍රධාන හේතු කීපයක් ඇත.

හෝමෝනවල ක්‍රියාකාරීත්වය නොමැති වීම

නිසි පෝෂණය නොමැති වීම

ශරීරයේ ඇති විස පදාර්ථ (දහදිය, මුත්‍රා, මල) හොඳින් බැහැර නොවීම

නිතර නිතර සම සේදීම

ශරීර ශෝධන ද්‍රව්‍ය (සබන් වැනි දේ) භාවිතය

නිතර නිතර සැර ඖෂධ භාවිතය

අවශ්‍ය ප්‍රමාණයට පමණක් වතුර ගැනීම

වැඩිපුර වතුර පානය නොකිරීම

රළු පොල්කොසු, ගල් වැනි සීරීම් ඇති වන දේ මඟින් ඇඟ ඇතිල්ලීම

නිතර විදුලි පංකා හා වායු සමනය කරඇති ස්ථානවල සිටීම

රුධිර ගමනාගමනය අඩාල වීම

මෙවැනි බොහෝ හේතූන් නිසා සමේ තෙතමනය නැති වී වියළීමට ලක් විය හැකිය. මෙහිදී බොහෝ කාන්තාවන් පුරුදු වී සිටින්නේ සමේ බාහිරව ආලේප කරන බොඩි ලෝෂන් වැනි යමක් භාවිත කිරීමටයි. එහෙත් එය බාහිර ආලේපනවලින් පමණක් ආලේප කිරීම ප්‍රමාණවත් නැත. මෙහිදී වඩා වැදගත් වන්නේ සිරුරට අභ්‍යන්තරයෙන් අප කරනා සත්කාර හා ප්‍රතිකාරය. විශේෂයෙන් මෙහිදී ශරීරයේ දැඩි ඌෂ්ණාධික බව නැතිකර ගැනීමට නිතර සිසිල ගෙන දෙන පානයන් නෙල්ලි, ඉරමුසු, සව්, බාර්ලි, තැඹිලි, නිවිති, ගොටුකොළ, පෙනර කැඳ වැනි දේ පානය කිරීමත් එළකිරි පානයත් කිරි මෝරු පානයත් ඉතා වැදගත් වේ. වතුර පානය කළ යුත්තේ ආහාර ගැනීමෙන් පසුව හෝ පිපාසය දැනුණු විට පමණක් නොවේ. මේ සඳහා නිතර නිතර ජලය පානය කිරීම ද විශේෂයෙන් වැදගත් වේ.

මේ සඳහා ආයුර්වේදයේ විශේෂ ප්‍රතිකාරයක් ලෙස පිචූ යන ප්‍රතිකර්මය බාහිරින් සමට සිදු කළ හැකිය. මෙහිදී ප්‍රථමයෙන් සම හොඳින් සෝදා කොහොඹ

පොතු කුඩු, වෙනිවැල් කුඩු, සිවංගුරු, නෙල්ලි කුඩු, ඉරමුසු කුඩු යනාදිය එළකිරිවලින් හොඳින් මිශ්‍රකර සිරුරේ ආලේපකර ස්ක්‍රබ් කරන්න. ඉන්පසුව එලෙසින් සම විනාඩි 30 ක් පමණ වේලාවක් තිබෙන්නට හැර නැවත ස්ටීම්කර ස්ක්‍රබ්කර සෝදාහරින්න.

පසුව තල තෙල්, අබ තෙල්, කුංකුමාදී තෙල් මේස හැඳි 1 බැගින් ගෙන මිශ්‍රකර ස්ටීම් කරගන්න. ඉන්පසුව මෙම රත්කර ගත් තෙල් ගෝස් කැබැල්ලක තවරා එය මඳ උණුසුම පිටින් සිරුරේ අලවා තබන්න. මෙය වියළුණාට පසුව (උණුසුම ගියාට පසුව) ඉවත් කරගන්න. මෙසේ එකම ස්ථානයකට තෙවරක්වත් තෙල් ගැල් වූ ගෝස් කැබැලි තබන්න. මෙය සතියකට තුන්වරක්වත් මාස දෙකක පමණ කාලයක් කිරීම මඟින් ඉතා පහසුවෙන් සමේ ඇති වියළි බව මඟහරවා ගැනීම පමණක් නොව, සම පැහැපත් වීම ද සිදු වේ.

බාහිරව මෙම සත්කාරය මෙන්ම ඔබගේ මෙම ආහාර රටාව පිළිබඳ ද විශේෂයෙන් සැලකිලිමත් වීම අත්‍යවශ්‍ය කරුණකි.

 

උපදෙස්

ආයුර්වේද රූපලාවණ්‍ය විශාරද

අසෝකා පල්ලියගුරු

සැලෝන් බෙල්ලෙස්සා මහනුවර

185 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2018 නොවැම්බර් 05, සඳුදා 14:52
අදහස් එක් කිරීමට ලොග් වෙන්න