තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

මල් කළඔ සිරස්තල

2017 ජූලි 25, අඟහරුවාදා 09:26

දෙවැනි දිනය දා... විශේෂාංග

ලිව්වේ  ආශිර්වාදිනී හෙට්ටිආරච්චි
අගයන්න
(0 මනාප)
අත රැඳි මල් කලඹෙන් ගෙනෙන චමත්කාරය යුවතිය, පතිනියක වී තම පෙම්බර සැමියාගේ අතගෙන ඇගේ නිවෙසට පැමිණෙන දෙවැනි ගමන දා නිරවුල් මනසකින් යුතුව සැරසී එන්නීය.

 

 

එදිනට ඇගේ දෝත රැඳි මල් කලඹ පළමු දා මල් කලඹට වඩා හාත්පසින්ම වෙනස් වූවකි. එහි රතු පැහැයෙන් යුතු එකම එක මලක් හෝ නෙතු ගැටෙනු ඇත.

දෙවැනි ගමන දාට සුදුසු මල් කලඹ කිහිපයක් පසුගිය සතියේ ඉදිරිපත් කළා ඔබට මතක ඇති. මේ ඊට නොදෙවෙනි වූ තවත් නයනීය මල්කලඹ කිහිපයක සොඳුරු සිත්තමකි. හෙට දිනයේ මංගල ගමනට සූදානම් වන ඔබටත් මෙවැනි මල් කලඹක් ගැළපේදැයි බලන්න.

1. පෝසි හැඩය මනරම්

බටහිර ක්‍රමයට සැරැසී දෙවැනි ගමනට එන්නේ නම් මෙවැනි මල් කලඹක් ඊට නව අරුතක් සපයයි. මෙය විවාහ ගිවිස ගැනීමකට ද සුදුසු එකකි. වැඩිම ඉල්ලුමක් ඇති මෙවැනි පෝසි හැඩයේ මල් කලඹකට ඔබේ සිතත් ආසක්ත වූයේ ද?

2 ෂවර් හැඩයට ටයිගර් ලිලී

ෂවර් හැඩයෙන් ටයිගර් ලිලී මලින් සෑදූ මේ මල් කලඹ ඉන්දියන් මනාලියක හැඩ කරයි. දිගැති මල් කළඹක් නිසා උසින් වැඩි මනාලියකට වඩාත් ගැළපේ. ටයිගර් ලිලී මලට රත් පැහැය ස්ප්‍රේකර තිබේ. ඉද්ද පොහොට්ටු, ස්ප්‍රේ කළ අයිවී කොළ, ස්ප්‍රේ රෝස පොහොට්ටු යනාදිය මල් කලඹේ හැඩැති බව වඩාත් ඔප් නංවයි.

3. මොඩර්න් කැන්ඩියන්

 කළු සහ රතු එක් වූ තැන ඇත්තේ අමුතුම ආකර්ෂණයකි. මොඩර්න් කැන්ඩියන් එකකින් සැරසුණු ඇය අත රැඳි රතු පැහැති මල් කලඹ කෙතරම් සිත්ගන්නා සුළු වූවක් ද? මෙවැන්නක් මධුසමය සඳහා පිටත්ව යෑමටත් සුදුසු වේවි. කඳුළු බිඳුවක හැඩය යන්තමට තිබේ. ඇගේ හිස සරසා ඇත්තේ මල් කිනිතිවලිනි.

4. ඕකිඩ් මලින් හැඩ වී

ඉන්දියානු ක්‍රමයට හැඩ වූ මේ මනාලිය දෝත දරා සිටිනුයේ පැලනොප්සිස් නම් වූ ඕකිඩ් මලින් සැරැසූ මල් කලඹකි. එයට ඕකිඩ්, රෝස මල්, බේබිස් බ්‍රෙත් යනාදිය එක් කිරීමෙන් තව තවත් ලස්සන කරතිබේ.

උඩරට ක්‍රමයට සැරසී දෙවැනි ගමන සඳහා යෑමට බලාපොරොත්තුවන යුවතියකට මෙවන් මල් කලඹක් අපූරුය. හිස සැරැසීමට මල් කිනිති හා පැලනොප්සිස් මල් දෙක තුනක් ගෙන තිබේ.

බේජ් පැහැයෙන් යුතු සාරියට මෙවැනි මල් කලඹකින් වඩා වැඩි කලඑළියක් ගෙන දේ.

5 රත් පැහැය එක්කළ පිච්ච මල්

ස්ට්‍රෙෆනෝටීස්, රතු රෝස, බේබිස් බ්‍රෙත්, ස්ප්‍රේ රෝසවල මෙන්ම රත් පැහැයෙන් ස්ප්‍රේ කළ පිච්ච මල්වල සංකලනයෙන් යුතු අපූරු මල් කලඹකි. සාරියේ රිදී පැහැයෙන් පිච්ච මල් තැනින් තැන ද රිදී පැහැයෙන් ස්ප්‍රේ කොට තිබේ.

6 ක්‍රිස් බේබිස් බ්‍රෙත් අතරට ක්‍රිස්ටල්

ඉන්දියානු ක්‍රමයට හැඩවැඩවන ඇයව තව තවත් ලස්සන කරන පෝසි හැඩයේ මල් කලඹකි. වටේට දැමූ බේබිස් බෙ‍්‍රත් හා මල් අතරට එක්කළ ක්‍රිස්ටල් මෙහි සුන්දරත්වය ඔප් නංවයි.

 ඉදිරිපත් කිරීම ලස්සන ෆ්ලෝරා හි අධ්‍යක්ෂිකා නීතිඥ

මධුවන්ති මලවිගේ

විශේෂ ස්තූතිය

ලස්සන ෆ්ලෝරා අධිපති වෛද්‍ය

ලසන්ත මලවිගේ ට 

 

816 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2017 ජූලි 25, අඟහරුවාදා 09:29
අදහස් එක් කිරීමට ලොග් වෙන්න