තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

මල් කළඔ සිරස්තල

2017 සැප්තැම්බර් 11, සඳුදා 12:40

ඔබේ පෙනුම වැඩිකර ගන්නට නම් විශේෂාංග

ලිව්වේ  විදුමිණි නිමේෂා දිසාකරුණා
අගයන්න
(0 මනාප)
වැදගත්කම කියන්නේ කාන්තාවන්ට ආභරණයක්. ඔබේ සමාජ තත්ත්වය කුමක් වුවත් ගැහැනියක් ලෙස ගරුත්වය, සුන්දරත්වය ඉස්මතු වන්න කටයුතු කිරීම ගොඩක් වැදගත් වෙනවා.

 

මෙන්න මේ පුංචි දේවල් ටික පුහුණු වුණොත් වාසිය ඔබටමයි. ඔබේ සැමියා, යහළුවන්, පවුලේ අය ඔබ ගැන ආඩම්බර වේවි. ඔබේ යහළුවන් ඔබව ආදර්ශයට ගනීවි.

නියමිත ඉරියවුවෙන් හිටගැනීම

කාන්තාවක් නිතරම ලස්සනට කෙළින් හිට ගැනීම කළ යුතුයි. කොතරම් අලංකාර විදිහට ඇන්දත් කිසිම එළියක් නැහැ ඔබ හිටගන්නේ කුදු ගැහිලා නම්. කකුල් දෙක එක ළඟ හිටින විදිහට නිකට මදක් උඩට ඉස්සෙන්න තමයි සිට ගත යුත්තේ. මතක ඇතිව හැම විටම පිට කොන්ද කෙළින් තබා ගන්න. අත් දෙක පහළට දමාගෙන ඉන්න පුළුවන්. නැත්නම් ඔබේ අතේ බෑගයක් ඇත්නම් එක අතකින් අත් බෑගය පහළට හිටින විදිහට අල්ලගන්න පුළුවන්. ඒ අයුරින් හිට ගත්තම ඔබේ පෞරුෂය හැමෝගෙම ප්‍රසාදයට හේතු වෙනවා. එය ඔබට ගෙන එන්නේ අභිමානයක්.

අලංකාර ලෙස වාඩිවීම

කකුලක් පිට කකුලක් දමා ගැනීම අද සමාජයේ බහුලව සිදු වෙනවා. නමුත් එය කාන්තාවකට එතරම් සුදුසු නැහැ. රාජකීය කාන්තාවෝ හැම විටම සිට ගන්නේ කකුල

වෙනුවට වළලුකර පටලවාගෙන. හොඳින් බලන්න රාජකීය කාන්තාවෝ කිසි විටෙක කකුලක් පිට දාගෙන වාඩි වෙන්නේ නැහැ. වාඩිවෙන විට හොඳින් කොන්ද කෙළින් තබාගෙන වාඩිවිය යුතුයි.

ගෞරවනීයව ඇඳුම් පැලඳුම් ඇඳීම

හැම තැනටම ෂෝට් එක ඇඳගෙන රබර් සෙරෙප්පු දාගෙන යන අයත් ඉන්නවා. ඒ අතරේ වැදගත් කාන්තාවන් කැපී පෙනෙන්නේ ඇඳුම්වල ඇති සුන්දරත්වය නිසාමයි. සමාජයේ වැදගත් තරුණියක් විදිහට ප්‍රසිද්ධ වෙන්න නම් නිතරම ලස්සනට සැරසිලා ඉන්න එක වැදගත් වෙනවා. සාරි සහ ලස්සන ටධපථචත ඹඥචප කාර්යාලයට සහ වැදගත්ගමන් වලට අඳින්න පුළුවන්. උෂ්ණ කලාපීය රටක් නිසා සරල කැෂුවල් ඇඳුම් අඳින්න හැකියි. ඒ වගේම නිසි විදිහට ආභරණ දැමීමත් කළ යුතුයි.

මුඛ සෞඛ්‍ය

දිනකට දෙවරක් දත් මදින්න. ඔබේ මේක් අප් පෙට්ටියේ මුව සෝදන ර්ධභබඩ එචඵඩ එකක් තියා ගන්න. කෙනකුට ඔබේ මුවේ දුගඳක් හැමුවොත් කොපමණ ලස්සනට ඇඳගෙන හිටියත් වැඩක් නැහැ.

කොණ්ඩය

හොඳින් සෝදා කන්ඩිෂනර් දමා ලස්සනට තියාගන්න. හිස්හොරි ඇත්නම් එයට නිසි ප්‍රතිකාරයක් කර ගන්න. ඔබට තියෙන්නේ අපිළිවෙළ කොණ්ඩයක් නම් සැලෝන් එකක් වෙත ගොස් පිළිවෙළට සකස්කර ගත හැකියි.

මුහුණේ ලස්සන ගොඩක් වැදගත්

හොද ක්ලෙන්සර් එකකින් හවසට කුණු දූවිලි ඉවත් වෙන්න සෝදන්න. තෙතමනය රැක දෙන ආලේපන ගල්වන්න.

 

අන්තර්ජාලය ඇසුරිනි

346 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2017 සැප්තැම්බර් 11, සඳුදා 12:41
අදහස් එක් කිරීමට ලොග් වෙන්න