තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

2015 ජූනි 15, සඳුදා 16:22

ඔබ හිතන්නේ ලස්සන වෙන්න නම්...

Written by 
අගයන්න
(1 මනාපය)
රූපලාවණ්‍ය යනු අප උපතින් ලද රුව සෞඛ්‍ය සම්පන්න ලෙස වැඩි දියුණු කර ගැනීම හා වර්ධනය කිරීමයි. නමුත් අද අප සමාජයේ ජීවත්වන බොහෝ දෙනෙක් මේ රූපලාවණ්‍ය ක්‍රමවේදයන් හරි හැටි භාවිත කරනවාද යන්න සහ කෙටි ක්‍රම මගින් සිදුවන හා රසායනික දේ ගැල්වීම තුළින් සිදුවන අයහපත් දේ ගැන ඔබට දැනුවත් බවක් ගෙන දීමයි අපේ අරමුණ.

 

අප සමාජයේ අද සෑම කෙනෙක්ම තමන්ගේ රුව ලස්සන කර ගැනීම සඳහා වැඩි කැමැත්තක් සහ වැඩි උනන්දුවක් දක්වනවා. මේ අතරින් වැඩි දෙනෙක් උත්සාහ කරන්නේ සුදු වෙන්නමයි. සුදු වෙන්න තිබෙනවා නම් මොනව වුණත් කමක් නැහැ හැඟීමෙන් ඔහු කටයුතු කරන අවස්ථා තිබෙනවා. මේ සඳහා නොයෙකුත් ආලේපන මුහුණේ තවරනවා. එවන් දේ මගින් තාවකාලික විසඳුමක් ලැබුණත් දීර්ඝ කාලීන ලෙස අයහපත් ප්‍රතිඵල රාශියක් අත්වීදීමට සිදුවනවා.

තම රූසපුවට අදාළ ගැටලු බොහෝමයක් වන්නේ අපේ වැරැදි ක්‍රියාකාරකම් හා වැරැදි ආලේපන මගින්. සමේ පැහැය හා දීප්තිය වැඩි කරගැනීම උදෙසා විවිධ රසායනික ද්‍රව්‍ය ගැල්වීම බිලීචිං කිරීමපැක් වර්ග යෙදීම වයිටීන් ක්‍රීම් ගැල්වීම ආදියෙන් මුහුණේ පැහැය වෙනස්කර ගත හැක. නමුත් මුහුණේ පැහැපත් බව තකා සුදුවීමට උත්සහ කරනවා නම් දීර්ඝකාලීනව ඉහත සඳහන් සත්කාර සිදුකිරීමට කිසිසේත්ම සුදුසු නොවේ.

සමේ ස්වභාවිකව තත්ත්වය වෙනස් වීම මත මේවායින් යහපත් ප්‍රතිඵල වලට වඩා අයහපත් ප්‍රතිඵල ඇතිවීමට වැඩි ඉඩකඩක් තිබේ. මුහුණේ පැහැය වෙනස් කරන ඇතැම් රසායනික ප්‍රතිකාර හේතුවෙන් මුහුණේ හා සමේ ඇති පරිසරයට නිරාවරණය වන ඉතා සියුම් සිවිය ඉවත් වී යන බව නවීන පරීක්ෂණ වලින් අනාවරණය වී ඇත. මේ මගින් කෙටි කාලයක් තුළ සම වියලීම හා රැළිවැටීම සම දුර්වර්ණ වීම වැනි පොදු ගැටලු රාශියක් ඇති විය හැක. මෙම බාල වර්ගයේ ආලේපන නිසා ඇස්යට කලු වීම වැරැදි තොල් ආලේපන නිසා තොල් අවපැහැවීම වැනි සමේ කොරළ ඇතිවීම, බාල වර්ගයේ නිය ආලේපන නිසා නිය අවපැහැ වීම වැරදි ෂම්පු කන්ඩිසර්නර් නිසා හිස්හොරි, කෙස් අග පැටලීම, කෙස් පැලීම, කෙස් සුදුවීම වැනි ගැටලුද ඔබේ නොදැනුවත්කම සහ නොසැලකිල්ල නිසා වැරදි ආලේපන භාවිතය නිසා ඉහත ප්‍රතිඵල ඇති විය හැක.

එසේ නම් අප බලමු මෙම තත්ත්වයන් මගහරවා ගෙන සෞඛ්‍ය සම්පන්න ලෙස ඔබේ රුව වර්ධනය කරගන්නේ කෙසේද කියා. අපට හිමි ප්‍රධාන සම්පතක් වන ජලය පානය කිරීම තුළින් පැහැපත් සමක් උරුම කර ගත හැක. අප අපගේ ශරීරය පිටින් පිරිසුදු කරගන්න. සේම එය ඇතුළතින් අපේ ලේ ධාතුව පිරිසුදු කර ගැනීමට අත්‍යාවශ්‍ය වන දෙයකි ජලය පැයෙන් පැයට නම් ජලය අඬු කෝප්ප එකක්, පැය භාගෙන් භාගයට නම් ජලය අඬු කෝප්ප භාගයක් පානය කිරීම. ඔබේ අභ්‍යන්තර පිරිසුදු බව මතුපිටින් මනාව දිස්වීමෙන් එහි හිතකරභාවය කෙතරම් දැයි ඔබට වටහාගත හැක.

එමෙන්ම ඔබ නිතරම අයිස් වතුර පැණි බීම පානය කරනවා විය හැක. ඒ වෙනුවට ජලය, වද මල්, රණවරා, ඉරමුසු පානය කිරීමත් ගී‍්‍රන්ටී ස්වල්පයක් වතුර ලීටර් 1 කට (ගී‍්‍රන් ටී පැකට් 1 ක්) දියකර එය මිශ්‍රකර එම ජලය නිතර පානයට ගන්න. ඔබ ඔබගේ ආහාර වේල පැය තුනෙන් තුන ගතවන සේ සකස් කරගන්න. එනම් උදේ 7.00 ට ආහාර ගත්තා නම් උදේ 10.00 ට පලතුරු පානය දහවල්ට සමබර ආහාර වේලක් හවස 4.00 ට පළතුරක් හවස හෝ 6.00 එළවළු තම්බා හෝ එසේත් නැත්නම් සුප් එකක් ගත හැකි නම් වඩා සුදුසුයි. රාත්‍රී 7.30 - 8.00 වන විට සැහැල්ලු ආහාර වේලක් (ඉතා කුඩා) ගන්නට පුළුවන්. රෑට නිදි වරනවා නම් 12.00 ට පමණ කෙසෙල් ගෙඩියක් වැනි දෙයක් ආහාරයට ගන්න පුළුවන්. මෙම ආහාර වේලට ජලය ප්‍රොටීන් කාබෝහයිඩ්ඩ්‍රේට්, විටමින් කැල්සියම් සහ පොස්පර්ස්, යකඩ ඇතුළු අනෙකුත් පෝෂක කොටස් ඇතුළත් වන සේ සකස් කරගන්න.

අනෙක් කාරණය නම් හිරු එළියේ සම ආරක්ෂා කර ගන්න. එමෙන්ම දීර්ඝකාලීන අයහපත් මානසික තත්ත්වයන් නිසාද ශරීරය තුළ සිදුවන ජෛව රසායනික ක්‍රියාකාරීත්වය නිසාත් සමහරුන්ගේ වයසට වඩා වයසක පෙනුමක් දිස්විය හැක. දැඩි චිත්තාවේග වලට නිතර නිතර මුහුණ දීම නිසාද වයසට වඩා මහලු පෙනුමක් ඇතිවිය හැක. අකලට සමරැලි වැටීම සම අවපැහැ ගැන්වීම මෙම අංශිනක දේවල්වල ප්‍රතිඵලයි. මේ නිසා සතුටින් සැහැල්ලුවෙන් යහපත් මානසික තත්ත්වයෙන් යුතුව කල්ගත කිරීම වඩාත් වැදගත් කොට සලකන්න. ස්ථිර අධිෂ්ඨානයෙන් ක්‍රියාකිරීම තුළින් ඔබ මහලු නොවන වයසට වඩා ඉතා සිත්ගන්නා සුළු රූසපුවක් ඔබට හිමිකරගත හැක. මුහුණේ සම ගත්කළ එය එකිනෙකාට වෙනස් වේ. එම නිසා සම රැක ගැනීමට උපකාරි වන ස්වභාවික සත්කාරක කිහිපයක් පහත දැක්වේ.

මුහුණු පිරිසුදු කරගැනීමට කඩල පිටි හෝ මුං ඇට පිටි ටිකක් ගෙන එය එළකිරිවලින් කලවම්කරන්න. එය ඔබ නාන අවස්ථාවේ මෙම මිශ්‍රණය මුහුණේ ගල්වන්න. මෙය ඇඟ ගැල්වීමටද සුදුසුයි. සමේ ගැල්වීමෙන් පසු සම තද නොකර ඉතා සෙමින් අතුල්වන්න. සබන් වෙනුවට සතියකට වරක් හෝ දෙවක් පාවිච්චි කිරීම ඉතා සුදුසුයි. සමේ නැවුම් බව හා සිනිදු බව රැක ගැනීමට මෙම ප්‍රතිකාරය ඉතා කදිමයි.

අදුරු පැහැති සමට - ඇඟිලි තුඩින් කස්තුරි කහ කුඩු ටිකක් උරගා එය කිරි පිටි මේස හැදි 1 කට කලවම් කරන්න. එයට මී පැණි මේස හැඳි දෙකක් ලෙමන් යුෂ හැන්දක් මිශ්‍ර කරන්න. මෙය කලවම් කර මුහුණේ ගා වේලෙන්න හරින්න. වේලුණු පසු සෝදා හරින්න. සම පැහැපත් වීමට - සූදුරු මාදුරු සමව ගෙන එකට දමා එළකිරිවලින් අඹරන්න. මුහුණේ මෙම මිශ්‍රණය ගල්වා වි. 20 ක් තිබෙන්නට හැර සෝදා හරින්න. ඇක්නී, බ්ලැක් ගෙඩි තිබෙන විට අඹරා අඹ ටිකකට කහකුඩු ස්වල්පයක් එකතු කරන්න. රාත්‍රීයට මෙම මිශ්‍රණය බ්ලැක්ගෙඩි ඇති තැන්වල ගල්වන්න. මෙම ඉක්මණින් පිරිසුදු කිරීමට වගබලා ගන්න. රාත්‍රීයට ගල්වා උදේ සෝදා හරින විට කළුපැහැ ගැල්වුණු පැල්ලම් නැති කර ගැනීමට මෙය ඉතා සුදුසුයි.

මුහුණ මසාජ් කිරීමට (වියළි හෝ තෙල් සහිත සටන් මසාජ් කිරීමට) යෝගට් මෙන්ම එළවළු තෙල්ද ඉතා සුදුසුයි.

ඉතින් මෙම උපදෙස් ඔබේ රුව ලස්සන කරගන්නට ඔබ උපකාර වේවි.

උපෙදස් – ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පිණි චාමලී කල්දේරා

 

මංජුලා මල්කාන්ති

19854 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2015 ජූනි 15, සඳුදා 16:26
අදහස් එක් කිරීමට ලොග් වෙන්න