තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

2016 ජනවාරි 12, අඟහරුවාදා 11:38

ස්වභාව දහමේ දායාදයන්ගෙන් ඔබටත් දැකුම් කළු කෙස් කළඹක්

Written by 
අගයන්න
(2 මනාප)
 අතීතයේ පටන් කාන්තාවෝ තම රුව රැකගැනීම සඳහා ස්වභාවික ඖෂධ භාවිතා කළෝ ය. පංච කල්‍යාණියේ පළමුවැන්න කේශ කල්‍යාණයයි. නමුත් බොහෝ බාධාවක් ඇත්තේ ද එයටමය. හිස කෙස් වැටීම, අකලට හිස කෙස් පැසීම, හිසකෙස් දුර්වර්ණ වීම ඉන් සුලභ බාධා කිහිපයකි. ඒවා මගහැර දිගු නිල් වරළසකට හිමිකම් කියන්න ඔබත් මේ උපදෙස් අනුගමනය කර බලන්න.

 

 

හිස කෙස් වැටීමට

හිසට නිසි පෝෂකයක් නොලැබීම හිසකෙස් වැටීමට ප්‍රධාන හේතුවක් වන අතර පිරිසුදු පොල්තෙල් හෝ තලතෙල් වැහි තෙල් වර්ගයක් දිනපතා භාවිතයට හුරුවන්න.

අරළු, බුළු, නෙල්ලි තම්බා හිස සේදීම හිසකෙස් ශක්තිමත් වීමට ඉවහල් වේ.

එසේම හිසකෙස්වල දීප්තිමත් වර්ණයට ද මෙම සත්කාරය හිතකරය.

 හෙනා සත්කාරය

1). ස්වභාවික මරතොණ්ඩි කොළ වාෂ්පයෙන් තම්බා අමුවේ වියළා කුඩුකරගන්න. ඊට උළුහාල් කුඩු මේස හැදි 2ක්, බිත්තරයක් යෝගට් හැදි 2 ක් දෙහි යුෂ ස්වල්පයක් සහ තේ කුඩු හෝ කෝපි කුඩු ද, එක්කර තලපයක් සාදා හිසෙහි ආලේපකර (පීනස් රෝගීන්ට හිතකර නොවේ) පැයකට පමණ පසු සෝදා දමන්න. හිසකෙස් සවිමත්ව සහ දීප්තිමත්ව වර්ධනය වනු ඇත.

 හිස් හොරි

මෙය වර්තමානයේ සුලභ, හිසකෙස් වැඩිමට ප්‍රබල බාධාකාරී තත්ත්වයකි. උළුහාල් ස්වල්පයක් රාත්‍රියෙහි පෙඟෙනෙන්ට තබා එම තලපය ද සමග හිසෙහි මිශ්‍රණයක් සේ ගල්වා සෝදාහරින්න.

දෙහිගැට, උළුහාල් සහ ගොඩපර තම්බා ගෙන මිශ්‍රණය සහ දියරය වෙන්කරගන්න. අනතුරුව, පළමුව මිශ්‍රණය තලපයක් ලෙස හිසේ ගල්වා පැයකින් පමන පිරිසුදු ජලයෙන් සෝදාහැර අවසානයට වෙන්කරගත් දියරෙන් සෝදන්න. හිස් හොරි දුරු වී හිසකෙස් වර්ධනය වේ.

සැවැන්දරා තැම්බූ ජලයෙන් සතියකට දින 3 ක් බැගින් මසක පමණ කාලයක් හිසකෙස් සේදීම මගින් සම්පූර්ණයෙන්ම හිස්හොරි සුවකර ගත හැක.

ස්වභාවික හිසකෙස් සේදුමක් සඳහා

කෘත්‍රිම ෂැම්පු වර්ගවල අඩංගු ඉඹ්ජ්ඉ, ජ්ඹ්ඉ යන රසායනික සංයෝග හිස ආශ්‍රිතව රෝගී තත්ත්වයන් ඇති කිරීමට හේතුවකි. වැල් පෙනෙල සුළු මේස හැඳි 2 ක් විනාකිරි යුෂ මේස හැදි 2 ක් සමග උළුහාල් කුඩු මේස හැදි 2 ක් බිත්තර කහ මදයක් මිශ්‍රකර හිසේ ගල්වා පැය භාගයකට පසුව සෝදා දමන්න.

අකලට හිසකෙස් පැසීම වායුසමීකරණ්‍ය කරන ලද ස්ථානයන්හි නිතර ගැවසීම, අධි ශිත වතුර ස්නානය විටමින් ඕ ඌනතාවය, මන්ධ පෝෂණය තයිරොයිඩ් ග්‍රන්ථියේ අඩු ක්‍රියාකාරිත්වය මීට හේතුවයි. යහපත් සෞඛ්‍ය පුරුදු සහ ආහාර රටාවක් අනුගමනය කිරීමට, නිරෝගී කෙස්කළඹක් අපේක්ෂා කරන ඔබ අනිවාර්යයෙන්ම සැලකිලිමත් විය යුතුය.

නිරතුරු ජලය පානය කිරීම දෛනිකව හිසට තෙල් ගැල්වීම. සමබල ආහාර වේලක් ආහාරයට ගැනීම විශේෂයෙන්ම පළාවර්ග අලුත් එළවළු පලතුරු වලින් ඔබේ ආහාරය සමන්විත වීම වඩා වැදගත් ය.

වඩා වැඩි කැල්සියම් ප්‍රමාණයක් අන්තර්ගත බටු කොළ හිසකෙස් වර්ධනයට ඉතා හිතකරය.

එසේම යහපත් මානසික සෞඛ්‍යය ද පිළිබඳවද නිරෝගී කෙස් කළඹක් ගැන සිහින දකින ඔබ සැලකිලිමත් විය යුතුය.

ගසක් කප්පාදු කළ පසු එය වඩා හොඳින් දලුලන මෙන් මාසිකව හිස කෙස් අඟ යම් ප්‍රමාණයකින් කපා දැමීමෙන් හිසකෙස් හොඳින් වර්ධනය වේ.

ආයුර්වේදයේ හිසකෙස් සම්බන්ධ සියලු ගැටලු වලට ඉතා කෙටි කාලයකින් යහපත් ප්‍රතිඵල ලැබෙන නිෂ්පාදනයන් ද වේ.

 උපදෙස් ආයුර්වේද වෛද්‍ය ඔසේල් අතුරලිය

දිස්නා කුමාරි අල්විස්

8473 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2016 ජනවාරි 12, අඟහරුවාදා 11:42
මේ යටතේ එන අනෙකුත් ලිපි: « චවිකාන්ති සඳුන් ෆෙයානස් පබා »
අදහස් එක් කිරීමට ලොග් වෙන්න