තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

2017 ජූනි 06, අඟහරුවාදා 12:45

පර්ම් කළ කොණ්ඩයේ ලස්සන පෙනුම හැමදාටමත් විශේෂාංග

ලිව්වේ  මංජුලා මල්කාන්ති
අගයන්න
(0 මනාප)
කො ණ්ඩයට යම් කිසි විලාසිතාවක් කළ පසු එම පෙනුම කාලයක් පවත්වා ගන්නට නම් ඒ කෙරෙහි වැඩි සැලකිලිමත් බවකින් යුතුව කටයුතු කළ යුතුයි. කොණ්ඩය රැලි කිරීම යුවතියන් අතර ජනප්‍රිය විලාසිතාවක්.

 

 

බලන්න ඔබත් ඔබේ කොණ්ඩය රැලි ගන්වා තිබෙනවා නම් කොණ්ඩය රැකබලා ගත යුත්තේ මොන ආකාරයෙන්ද කියා.

කෘත්‍රිමව කොණ්ඩයක් සැකසූ පසු එය රැකබලා ගතයුතු පිළිවෙළක් තිබෙනවා.

මෙහිදි හිසකෙස්වල ආරක්ෂාව පිළිබඳ වැඩි අවධානයක් දැක්වීම ඉතාමත් වැදගත්.

හේතුව ඔබගේ අඩු අවධානය නිසා කෙස් කලඹේ නිරෝගී පැවැත්මට හානිකර බලපෑම් ඇතිවිය හැකි නිසයි.

අප සාමාන්‍යයෙන් හිසකෙස්වල පිරිසුදු කිරීම ගැන කතා කළහොත් හැමවිටම කෙස් කලඹේ ආරක්ෂාවට එහි ස්වභාවයට අනුව ගැළපෙන සැර අඩු ෂැම්පු වර්ගයක් හිසකෙස් සේදීමේදී භාවිත කරන්න.

ෂැම්පු යෙදීමෙන් පසු කන්ඩිෂනර් ගැල්වීම අනිවාර්යය වන්නේ හිසකෙස්වල ආරක්ෂාවට එය ඉවහල්වන නිසයි. ඒ හිසකෙස් සේදීම සම්බන්ධයෙන් වන පොදු ක්‍රමය වුවත් අප මෙහිදී කතා කරන්නේ රැලි සහිත කොණ්ඩයක් පිරිසුදු කළ යුතු නිවැරැදි ක්‍රමය ගැනයි.

මුලින්ම විලාසිතාවකට සැකසූ හිසකෙස්වලට නියමිතව ඇති උසස්ම තත්ත්වයේ ෂැම්පු වර්ගයක් තෝරා ගන්න. ඉන්පසු අත්ලට ෂැම්පු ටිකක් ගෙන හොඳින් හිසේ ගල්වා අතුල්ලන්න. ඉන්පසු ෂැම්පු ඉවත්වන සේ හිස හොඳින් සෝදන්න.

මෙහිදී 100% ක්ම ෂැම්පු ඉවත්වනතුරු හිසකෙස් හොඳින් සේදිය යුතුයි.

ඉන්පසු කන්ඩිෂනර් යොදන්න. හිසේ සමට කන්ඩිෂනර් නොවදින පරිදි ආලේප කරන්න.

ෂැම්පු මෙන්ම කන්ඩිෂනර් ගැල්වීමේදී රැලි ගැන්වූ හිසකෙස් ඇදීම නොකළ යුතුයි. රැලි කළ කෙස්වල ෂැම්පු සහ කන්ඩිෂනර් ගැල්විය යුත්තේ හිසකෙස් අතින් පොඩිකරමිනි. එනම් ඵජපභදජඩ ආකාරයටයි.

හිසකෙස්වල ගැට ගැසෙන පටලැවෙන ස්වභාවය අඩුකිරීමට කන්ඩිෂනර් වඩාත් උපකාරී වෙයි.

කන්ඩිෂනර් ගැල්වූ පසු ඒවා සියයට සීයක්ම ඉවත් නොවන ආකාරයට අඩුම තරමින් සියයට අසූවක් තරම්වත් එය කෙස්වල ඉතිරිවන සේ සේදීම කළ යුතුයි.

රැලි සහිත කොණ්ඩයක් පීරීමේදී ඒ සඳහා කිසිවිටෙකත් කුඩා දැති පනා සුදුසු නොවන අතර ඒ සඳහා ‘ජම්බෝ කෝම්බ්’ නමින් හඳුන්වන ලොකු දැති සහිත පනාවක් තෝරා ගන්න.

කුඩා දැති සහිත පනාවකින් රැලි කරගත් කොණ්ඩය පීරීමට යාමෙන් කොණ්ඩයට හානි සිදුවිය හැකියි.

වඩාත් සුදුසුවන්නේ කන්ඩිෂනර් යෙදූ පසු හිසකෙස් තෙත්ව පවතිනවිටදී පනාවෙන් පීරා ගැනීමයි.

හැමවිටම හිසකෙස්වල රැලි ස්වභාවය ආරක්ෂා කරගැනීමට සැලකිලිමත් වන්න.

රැලි කරගත් හිසකෙස්වලට අලුත්ම පෙනුමක් සහ අලංකාර ස්වභාවයක් ගෙන දීමට සිලිකන් ඔයිල් සහ ආෆ්ටර් කන්ඩිෂනර්වලට හැකියාව තිබෙයි.

එම නිසා දිනපතාම මින් එක් වර්ගයක් වියළි හිසකෙස් මත ගල්වන්න.

ඉහත කී ආකාරයට කෘත්‍රිමව රැලි ගන්වන ලද හිසකෙස්වලට සුදුසුවන ෂැම්පු කන්ඩිෂනර් භාවිතය මඟින් සහ නිසි සත්කාර මඟින් හිසකෙස්වලට විය හැකි හානිය අවම කරගත හැකි අතර කෘත්‍රිමව රැලිකරන ලද හිසකෙස් දිගු කලක් පවත්වා ගන්නට ද ඔබට හැකියාව ලැබේවි.

 උපදෙස්

ප්‍රවීණ රූපලාවණ්‍ය හා කේශලාවණ්‍ය ශිල්පී මංගල පතිරාජ

2089 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2017 ජූනි 06, අඟහරුවාදා 12:47
අදහස් එක් කිරීමට ලොග් වෙන්න