තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

2017 ජූනි 13, අඟහරුවාදා 11:56

හිසකෙස් ගැළවෙනවා නම් මෙන්න හොඳම විසඳුමක් විශේෂාංග

ලිව්වේ  මංජුලා මල්කාන්ති
අගයන්න
(0 මනාප)
කො ණ්ඩය යාමට පටන් ගත්තට පස්සේ එය නවත්ත ගන්නේ කොහොමද කියන එක සමහරුන්ට ලොකුම ප්‍රශ්නයක්. "මොනතරම් සත්කාර කළත් ප්‍රතිකාර කළත් කොණ්ඩේ යන එක නම් නවතින්නේ නෑ." වැඩිදෙනක් කියන්නේ එහෙමයි.

 

 

නමුත් කොණ්ඩේ යාම වළක්වා ගතහැකි සාර්ථක ප්‍රතිකර්මයක් දැන් නවීන ප්‍රතිකර්ම අතරට එක්ව තිබෙනවා. අප PRP (Platelet Rich Plasma වශයෙන් හඳුන්වන්නේ එයයි. මෙහි විශේෂත්වය වන්නේ හිසකෙස් යාම නතරකර හිසකෙස් වර්ධනය කරන්නට ඉවහල් වන ප්‍රතිකර්මයක් වන නිසයි.

සමහරුන්ගේ හිසකෙස් අඩු බව, හිසකෙස් යාම බහුල ලෙස දක්නට ලැබෙනවා. මේ අතරින් හිස ඉදිරිපසින් කොණ්ඩය අඩුවීමේ තත්ත්වය ද කාන්තාවන් අතර වැඩි වශයෙන් දැකිය හැකි තත්ත්වයක්.

(Female Pattern hari Loss)  හිසකෙස් යාම පිළිබඳව කතා කළොත් ඒ සඳහා බලපාන විවිධ හේතූන් තිබෙනවා. මින් ගැහැනු පිරිමි දෙපක්ෂයටම බලපාන තත්ත්වයක් වන්නේ ආරෙට යාමයි. ඒ සමඟම හිසකෙස් තුනීවීම, හිසකෙස්වල දිග අඩුවීමක් දක්නට පුළුවන්. කොණ්ඩය යාමට පටන් ගන්නා මුල් අවස්ථාවේදීම ප්‍රතිකාර කරන්නට පටන් ගතහොත් කොණ්ඩය යාම නවත්වා ගන්න හැකියාව තිබෙනවා. එමෙන්ම කොණ්ඩය වර්ධනය වීමක් ද සිදුවෙනවා.

මෙහිදී තමන්ගේම රුධිරයෙන් ස්වල්ප ප්‍රමාණයක් ගෙන එහි තිබෙන රුධිර පට්ටිකා වෙන්කර ගත යුතුයි. එම රුධිර පට්ටිකාවල තිබෙන ග්‍රෝන් ෆැක්ටර්ස් (Growth Factor) යන කොටස මඟින් හිසකෙස් වැවීම වේගවත්වනවා.

ප්‍රතිකර්මය ආරම්භයේදී මුලින්ම සිදුකරනු ලබන්නේ හිසෙහි අදාළ ප්‍රදේශයේ ආලේපනයක් තවරා හිරිවැටීමකට ලක්කිරීමයි. ඉන්පසු අප මුලින් ලබාගත් රුධිර පට්ටිකා සාන්ද්‍රණය එන්නත් කිරීම සිදුකරනවා.

මෙම ප්‍රතිකර්මයෙන් පසු අතුරුආබාධ ඇතිවිය හැකිද?

එන්නත් කිරීමේදී ඇතිවන පරිදි මඳ වේදනාවක් හැරෙන්නට මෙහිදී වෙනත් කිසිදු ගැටලුවක් ඇතිවන්නේ නැ. එමෙන්ම තමන්ගේම රුධිරය මේ සඳහා භාවිත කරන නිසා අසාත්මිකතාවයක් වැනි දේ ඇතිවන්නේ ද නෑ. එම නිසා මෙම ප්‍රතිකර්මය පිළිබඳව අනවශ්‍ය බියක් ඇති කරගත යුතු නෑ.

මෙය සාර්ථක ප්‍රතිඵල ලබාදෙන ප්‍රතිකර්මයක් ද?

කොණ්ඩය යාමට පටන් ගන්නා මුල් අවස්ථාවේදීම එය සිදු කරගැනීමයි වඩාත් වැදගත්වන්නේ.

මෙම ප්‍රතිකර්මයේදී සැලකිලිමත් විය යුත්තේ මොන ආකාරයෙන් ද?

PRP  ප්‍රතිකර්මයට පෙර සුදානමක් හෝ ඉන් පසුව පරෙස්සම් වීමක් අවශ්‍ය වන්නේ. නෑ. පසුව සුපුරුදු පරිදි තමන්ගේ රාජකාරී කටයුතුවලට යාමට පුළුවන්. මෙම ප්‍රතිකර්මයෙන් පසුවත් හිසකෙස්වලට ලබාදිය යුතු ඖෂධ ලබාදෙනවා.

හිසකෙස් යාම සම්බන්ධව ගැටලු ඇති අයට දැන් ඒ සඳහා තිබෙන හොඳම ප්‍රතිකර්මයක් වශයෙන් මෙය හඳුන්වන්නට පුළුවන්.

 උපදෙස් - මේ රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය

නයනී මදරසිංහ

 Santadora  රෝහල බත්තරමුල්ල

2546 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2017 ජූනි 13, අඟහරුවාදා 12:12
අදහස් එක් කිරීමට ලොග් වෙන්න