තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

2017 ජූනි 20, අඟහරුවාදා 15:34

ස්ට්‍රේට් කළ කෙස් කලඹකට අලුත්ම ලුක් එකක් විශේෂාංග

ලිව්වේ  අචිනි ලක්මාලි චන්ද්‍රසේකර
අගයන්න
(1 මනාපය)
ඔබ ස්ට්‍රේට් කළ කෙස් කලඹ හිමි යුවතියක් නම් මංගල දිනයේදී එයට අලුත් පෙනුමක් දෙන්න හිතාවි. එසේ නම් කර්ලිං අයන් එක භාවිතයෙන් කොණ්ඩය මේ විදිහට රැලිකර ගත හැකියි.

 

ස්ට්‍රේට් හෙයාර් එකට කර්ලිං ලුක් එකක් ගෙනෙන මේ කොණ්ඩා මෝස්තරය සාම්ප්‍රදායික බවින් ඔබ්බට ගිය කාලීන විලාසිතාවකි. කොණ්ඩා මෝස්තරය වර්ණවත්කර ඇති බැවින් ආභරණ වැඩිපුර පැලඳීමක් අවශ්‍ය වන්නෙත් නැහැ.

මෙය දෙවැනි දින මංගල ගමනට සැරසෙන යුවතියකට සැබෑම ආකර්ෂණීයයි.

අපි දැන් බලමුකෝ කොහොමද මේ මෝස්තරය යොදන්නේ කියලා.

1 පියවර - කනේ මැද සිට කෙළින් ඉරක් වෙන්කර ඉදිරිපස කෙස් කොටස අතහැර හිස් මුදුනෙන් බැක් කෝම්බ්කර පහළට වන ලෙස හෙයාර් ක්ලිප් සහ හෙයාර් පින්ස් රඳවාගන්න.

2 පියවර - වම්පසින් කෙස් කොටසක් ඉතිරිකර පිටුපස දකුණුපසට වන ලෙස පෝනි ටේලයක් දමන්න.

3 පියවර - පිටුපසට වන ලෙස ඇති වම්පස කෙස් කොටසින් බන් එකක් සාදාගන්න.

4 පියවර - ඉදිරිපස කොණ්ඩය වම්පසින් පටන් ගනිමින් කුඩා කෙස් තීරු ගන්න. දැන් හොඳින් හෙයාර් ස්ප්‍රේකර තරමක බුරුලක් තබමින් හෙයාර් ක්ලිප් සහ හෙයාර් පින්ස් රඳවාගන්න.

5 පියවර - පෝනි ටේලයේ ඉතිරි කෙස් කර්ලිං අයන් එක ආධාරයෙන් කර්ල් කරගන්න.

6 පියවර - ඇඳුමට ගැළපෙන ආකාරයට ආභරණ සහ මල් එකතුකර ගන්න.

අවසානයේ කොණ්ඩා මෝස්තරය මෙලෙසින් ඔබට දිස්වේවි.

 

නිරූපණය - කිත්මා

ඡායාරූප - ශාන් රඹුක්වැල්ල

 උපදෙස්  ප්‍රවීණ රූපලාවණ්‍ය සහ කේෂලාවණ්‍ය ශිල්පිනී

නදීකා පෙරේරා

(නදී හෙයාර් ඇන්ඩ් බියුටි ඇකඩමි)

2465 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2017 ජූනි 20, අඟහරුවාදා 16:04
අදහස් එක් කිරීමට ලොග් වෙන්න