තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

2018 අප්‍රේල් 03, අඟහරුවාදා 12:33

මොකක්ද මේ ඩබල් බොයිල්? විශේෂාංග

Written by 
අගයන්න
(2 මනාප)
තෙල් සාත්තුවක් කියන්නේ නිකන් කොණ්ඩෙ උඩින් තෙල් ටිකක් ගාන එක නම් නෙවෙයි. මතුපිටින් කෙස් අවුල් නොවෙන්න තෙල් ටිකක් ගැල්වූ පමණින් හිසකෙස්වලට පෝෂණයක් ලැබෙන්නේ නැහැ. ගොඩක් දෙනෙක් තෙල් සාත්තුවක් සඳහා මොනවගේ තෙල් වර්ගයක් සුදුසු ද යැයි කල්පනා කරනවා.

 

මතක තබාගන්න හිසට සහ හිසකෙස්වලට හොඳ පෝෂණයක් ලබා දීමට පිරිසුදු පොල් තෙල් හා ඔලිව් තෙල්, විටමින් ඡ් මිශ්‍ර කර සාදා ගන්නා මිශ්‍රණයක් වුවත් ප්‍රමාණවත්. මේ සත්කාරය හිසට සැහැල්ලුවක් ලබාදීමට සමත් අතර රුධිර ගමනාගමනයට ද පහසුවක් ගෙන දෙයි. එමෙන්ම මාංස පේශි ශක්තිමත් කරමින් සිරුර නිරෝගී වීමට ද මෙය කදිම සත්කාරයක් වෙනවා.

මොකක්ද මේ ඩබල් බොයිල් ක්‍රමය

තෙල් සාත්තුවකදී යොදා ගන්නේ උණුසුම් කරගත් තෙල් බව ඔබ හොඳින්ම දන්නවා. එහිදී තෙල් උණුසුම් කිරීමට යොදා ගන්නා ක්‍රමවේදය වඩාත් වැදගත්. ඔබ තෙල් උණුසුම් කිරීමේදී බොහෝ විට සිදු කරන්නේ තෙල් ස්වල්පයක් ඇලුමිනියම් ටිං එකකට හෝ කුඩා බඳුනකට දමා සෘජුවම ගින්දරට අල්ලා දහනය කර ගැනීමයි. මෙමඟින් තෙල් සතු වටිනා පෝෂක කොටස් දහනය වීමක් සහ වාෂ්ප වීමක් සිදුවනවා. ඒ නිසා එය සුදුසු ක්‍රමයක් නොවන බව වටහාගන්න.

තෙල් සත්කාරයකදී තෙල් උණුසුම් කිරීමට වඩාත් සුදුසු වන්නේ ඩබල් බොයිල් ක්‍රමයයි. එහිදී ඇලුමිනියම් බඳුනකට තෙල් ටික දමන්න. ඉන්පසු උතුරුවා ගත් උණුසුම් ජලය සහිත බඳුනක තෙල් සහිත බඳුන සුළු වේලාවක් තබන්න. මෙමගින් තෙල් තමන්ට අවශ්‍ය පමණට උණුසුම් කරගත හැකි වන අතරම තෙල් සතු පෝෂක කොටස් ද ආරක්ෂා වේ. ඒ වගේම මෙය තෙල් උණුසුම් කිරීමට යොදා ගත හැකි ආරක්ෂාකාරීම ක්‍රමවේදය ද වේ.

තෙල් සාත්තුව කර ගන්නා ආකාරය

පිරිසුදු පොල් තෙල්, ඔලිව් තෙල් හා විටමින් ඡ් මිශ්‍රකර එය භාජනයක දමා ඩබල් බොයිල් ක්‍රමයට රත් කරගන්න. තෙල් රත්වූ පසු පුළුන් කැබැල්ලක් එහි පොඟවා කොණ්ඩය හොඳින් පීරා තෙල් හිස් කබලෙහි හොඳින් තැවරෙන ලෙස ගල්වන්න. ඉන්පසු විනාඩි 20 ක් පමණ කොණ්ඩය හොඳින් සම්භාහනය කරන්න. ඇඟිලි තුඩුවලින් රවුම් ආකාරයට මෙම සම්භාහනය සිදු කරන්න. ඉන්පසු උණු වතුරේ පොඟවා මිරිකාගත් උණුසුම් ටවල් එකකින් හිස ආවරණයකර විනාඩි 10 ක් පමණ සිටින්න. පැයකට පමණ පසු ඒවා සෝදා ස්නානය කරන්න.

 

උපදෙස්

ආයුර්වේද වෛද්‍ය

මහේෂ් අතුරලිය

2938 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2018 අප්‍රේල් 03, අඟහරුවාදා 12:35
අදහස් එක් කිරීමට ලොග් වෙන්න