තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

2018 ජූනි 12, අඟහරුවාදා 16:33

කුමක්ද මේ කැරටීන් ට්‍රීට්මන්ට්

Written by 
අගයන්න
(0 මනාප)
  අද වන විට විලාසිතා ලෝකයේ විශේෂයෙන්ම කේශාලංකරණය සඳහා විවිධ ක්‍රම ශිල්ප භාවිත කරමින් සහ ඒ සඳහාවන විවිධ නිෂ්පාදන වර්ග භාවිත කරමින් තම කෙස් කළඹ අලංකාර කරගන්නට කාන්තා පක්ෂය මෙන්ම පිරිමි පක්ෂය ද යොමු වී තිබෙන බවක් දක්නට පුළුවන්.  මේ නිෂ්පාදන සඳහා වැඩිවශයෙන් භාවිත කරනු ලබන්නේ රසායනික සංයෝග අඩංගු ද්‍රව්‍යයයි.

 

මෙවන් නිෂ්පාදන ප්‍රමිතියෙන් උසස් වුවත් නිසි මාත්‍රාව, නිසි ක්‍රමවේදයන්, නිසි උපකරණ සහ නිශ්චිත කාල සීමාවන් යනාදිය නිසි ලෙස සිදු නොවුණහොත් කෙස් කළඹට හානිකර තත්ත්වයක් ඇතිවෙන්නට පුළුවන්. 

එවන් විටෙකදී කෙස් කළඹ ආරක්ෂා කරගන්නට අනුගමනය කළයුතු ක්‍රමවේදයක් තිබෙනවා ද?

තිබෙනවා. ඒ සඳහා වඩාත් උචිත ක්‍රමයක් සහ සත්කාරයක් ලෙස කැරටීන් ට්‍රීට්මන්ට් වශයෙන් හඳුන්වන ප්‍රතිකර්මය සඳහන් කළහැකියි. කැරටීන් ට්‍රීට්මන්ට් වශයෙන් පැවසෙන්නේ ඉතාමත් වියළි වූ දුර්වර්ණ  වී ගිය කැඩෙන සුළු හිසකෙස් යථාතත්ත්වයට පත්කරලීම සඳහා සිදු කෙරෙන ඉතාමත් සුදුසු සත්කාරයක්.

ඔබ හිසකෙස් වර්ණ ගන්වා හෝ රීබොන්ඩින් කිරීම නිසා වියළි වී දුර්වර්ණ වූ කෙස් කළඹට මෙම සත්කාරය යෝග්‍ය වන අතර මෙම කැරටීන් සත්කාරයෙන් පැහැපත් දීප්තිමත් බවක් හා නිරෝගීමත් පෙනුමක් කෙස් කළඹට හිමිකර දෙයි.

කැරටීන් සත්කාරය නිසා කෙස් කළඹට එම හැකියාව ලැබෙන්නේ මොන ආකාරයෙන් ද?

අපගේ කෙස් ගසෙහි සැකිල්ල ගතහොත් එය නිර්මාණය වීම සඳහා එහි අන්තර්ගත ප්‍රධාන ද්‍රව්‍යයක් තමයි කෙරටීන් කියන ප්‍රෝටීනය. මොනයම් ආකාරයකින් හෝ හිසකෙස්වලට හානි වන බව පැවසෙන්නේ කෙස්වල ඇති කෙරටීන් ප්‍රමාණයටත හානිවනවා කියන එකයි. මෙම සත්කාරයේ දී කෙරටීන් භාවිත කරන නිසා අඩු වී ගිය කෙරටීන් නැවත තැන්පත් කිරීමක් සිදුවීමෙන් කෙස් ගසට නැවත කෙරටීන් ලැබී එහි නව පෙනුමක් ඇතිවෙයි. එමෙන්ම කෙස්ගස් ප්‍රාණවත් තත්ත්වයට පත්වෙයි.

අප දැන් බලමු මෙම කැරටීන් සත්කාරය සිදුකෙරෙන අයුරු

පියවර - 1

පළමුව හිසකෙස් හොඳින් ෂැම්පු කරගන්න. මේ සඳහා විශේෂිත වූ කෙරටීන් ෂැම්පුවලින් අති පිරිසුදු කිරීමක් වන නිසා එවැනි ද්‍රව්‍යයක් භාවිත කිරීම වඩාත් ප්‍රතිඵලදායකයි.

පියවර - 2

ඉන්පසුව පිරිසුදු කරගත් හිසකෙස් වියළා ගතයුතුයි. මෙය කිරීමට පෙර අවධානයට යොමුවිය යුතු කරුණු කිහිපයක් වෙයි. ඉන් ප්‍රධාන කරුණ වන්නේ අප භාවිත කරන නිෂ්පාදනයේ වර්ගයයි. හේතුව නිෂ්පාදනය අනුව හිසකෙස්වල තෙතමනය තිබියයුතු ප්‍රමාණය වෙනස්වීමයි. සමහර නිෂ්පාදන සඳහා වැඩි තෙතමනයක් අවශ්‍ය වන නිසා කෙස් කළඹ වියළා ගතයුත්තේ වැඩි තෙතමනයක් පවතින ආකාරයටයි. එමෙන්ම වඩාත් හොඳින් වියළාගත් කෙස් කළඹට ආලේප කළයුතු නිෂ්පාදන ද තිබෙනවා. එවන් විටෙක හෙයාඩ්‍රයර් එකකින් නිසි පරිදි හිසකෙස් වියළාගත යුතුයි. යම් පමණකට තෙතමනය තිබියදී භාවිත කළයුතු නිෂ්පාදන ද තිබෙන අතර එවන් විටෙක අවශ්‍ය පමණට තෙතමනය පවතින සේ හිසකෙස් වියළාගත යුතුයි. එනම් 30% ක් 50% ක් ආදී වශයෙන්.

පියවර - 3

කෙරටීන් ආලේපනය ගල්වනු ලබන්නේ ඉන්පසුවයි. මෙහිදී කෙස් කළඹ කොටස්කර රඳවා තබා ඉන්පසුව කොටසින් කොටස ගෙන මෙය ගැල්වීම කළයුතුයි. පළමුව ආලේප ගැල්විය යුත්තේ හිස පිටුපස කොටසටයි. (ව්චනඥ චපඥච) මෙහිදී දැති සිහින් පනාවක් භාවිත කරමින් කෙස් කොටසින් කොටස ගෙන ආලේප කරන්න. ඒ සමඟම ඇඟිලි තුඩුවලින් පිරිමැදීමෙන් එම ආලේපනය හිසකෙස්වලට හොඳින් උරාගැනෙයි. එවිට වඩාත් ප්‍රතිඵලදායක වෙයි. ඒ ආකාරයට මෙම නිෂ්පාදනය සම්පූර්ණයෙන්ම හිසගල්වන්න.

පියවර - 4

ඉන්පසුව බ්ලෝඩ්‍රයර් කරගත යුතුයි. මෙහිදී හෙයාඩ්‍රයරයක් භාවිත කරමින් පළමු ආකාරයටම හිසකෙස් කොටස් වශයෙන් ගෙන වියාළාගත යුතුයි.

පියවර - 5

දැන් නැවත හිසකෙස් කොටස්කර ක්ලිප් මඟින් රඳවා ඉන්පසු පිටුපසින් බෙල්ලට ඉහළින් වන කෙස් ප්‍රමාණයෙන් ටික ටික ගෙන ක්‍රමානුකූලව අයන් කරන්න. මේ ආකාරයට මුළු කෙස් කළඹම අයන් කරගත යුතුයි. ඉන්පසු මෙම කෙරටීන් සත්කාරය නිමා වූ බව සිතුවත් සමහර නිෂ්පාදන භාවිතයේ දී අයන් කිරීමෙන් පසුව වතුරෙන් තෙමා තත්පර 30 ක පමණ කාලයක් තුළ සෝදා නියමිත කන්ඩිෂනර් ගැල්වීම කළයුතු බව උපදෙස් දක්වා තිබෙයි. එම නිසා එම නිෂ්පාදනයන්හි උපදෙස් හොඳින් දැන ඒවා පිළිපැදීම වඩාත් වැදගත් වෙයි.

මෙම සත්කාරය කළපසු එය අවම වශයෙන් දවස් දෙකක්වත් ඒ ආකාරයෙන් තබාගත හැකිනම් සුදුසුයි.

එවිට එය කෙස්ගසට හොඳින් උරාගැනෙයි.

අනෙක් කරුණ නම් මෙවන් සත්කාරයක් සිදුකරගන්නා විට  ඒ පිළිබඳව දැනුමක් ඇති ශිල්පියකු හෝ ශිල්පිනියක වෙතින් කරවා ගැනීමයි.

 

 

උපදෙස්

ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පිනී

ශීලා ප්‍රනාන්දු

සැලෝන් ශීලා

මොරටුව

මංජුලා මල්කාන්ති 


 

411 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2018 ජූනි 12, අඟහරුවාදා 16:37
අදහස් එක් කිරීමට ලොග් වෙන්න