තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

2018 ඔක්තෝබර් 09, අඟහරුවාදා 12:37

තණපත් මත ඇවිදීමෙන් වාසි රැසයි විශේෂාංග

ලිව්වේ  විදුමිණි දිසාකරුණා
අගයන්න
(0 මනාප)
එළියට යනකොට විතරක් නෙමෙයි ගේ ඇතුළේ ඉන්න විටත් බොහෝ දෙනෙක් සෙරෙප්පු දාගෙන ඉන්නවා. දවස පුරාම සෙරෙප්පු දාගෙන ඉන්න ඔබ කවදාවත් හිතුව ද එය ඔබගේ ශරීර සෞඛ්‍යයට හොඳ නෑ කියලා.

 

අපේ රටේ තියෙන උෂ්ණාධික කාලගුණය එක්ක සෙරෙප්පු දවස පුරාම දාගෙන ඉන්න එක ශරීරය සෞඛ්‍යයට හොඳ නැහැ. සෙරෙප්පු ගලවලා තණකොළ මත ඇවිදීමෙන් ඔබට ලැබෙන වාසි ගැන ඇහුවොත් ඔබ පුළුවන් හැම වෙලාවකම තණකොළ ටිකක් පාගලා ඇවිදින්න උත්සාහ කරයි. ඒවගේම අපි ඔබට සෙරෙප්පු දාන්නේ නැතුව තණකොළ මත ඇවිදින්න කියන්නේ ඇයි කියලත් ඔබ මේ ලිපියෙන් වටහා ගනීවි.

ඇස්වලට හොඳයි

ඇස්වලට වගේම ඔබගේ සිරුරේ තවත් අවයව නියෝජනය කරන චිකිත්සා කලාපයක් පාදයේ පතුලේ පිහිටලා තියෙනවා. පාවහන් නැතුව තණකොළ මත ඇවිදීමේදී ඔබගේ පාදයේ පළමු දෙවැනි හා තුන්වැනි ඇඟිලි මත උපරිම තෙරපීමක ලබාදීම තුළින් ඇස්වල ප්‍රභල චිකිත්සාවක් සිදුවනවා.

මේ චිකිත්සක කලාපයේ උත්තේජනය කිරීම මඟින් පෙනීම වර්ධනයවීම වගේම ඔබගේ සමස්ත ශරීරය, සෞඛ්‍යය සම්පන්නව පවත්වාගෙන යන්න පුළුවන් වෙනවා. ඔබ අවදි වුණු ගමන් පිනි වැටුණු තණකොළ මත සෙරෙප්පු නැතුව ඇවිදින්න. එමඟින් ඔබට අදහාගත නොහැකි ප්‍රතිඵල රැසක් ලබාගන්න හැකි වේවි.

සෞඛ්‍ය සම්පන්න පාද

සෙරෙප්පු නැතුව ඇවිදිනකොට ඔබගේ කකුල්වලට ඉතා හොඳ ව්‍යායාමයක් ලැබෙනවා. පාදයේ මාංසපේශි වගේම බල නහර, වළලුකර, අස්ථි බන්ධනය හා පසුපස මාංසපේශි සවිමත් වීමත් සිදු වෙනවා. පාද පිණි වැටුණු තණකොළවල ස්පර්ශවීමෙන් නැවුම් ආස්වාදයක් ලබාගන්න පුළුවන්.

ආතතිය දුරුකරයි

උදෑසන සෙරෙප්පු නැතුව තණකොළ මත ඇවිදීමෙන් ඔබගේ මනසට සැහැල්ලු බවක් ලබාගන්න පුළුවන්. නැවුම් වාතය, උණුසුම් හිරු එළිය, කොළ පැහැති පරිසරය වගේ සාමකාමී උදෑසන පරිසරය මඟින් ඔබගේ මානසික සෞඛ්‍ය වර්ධනය කරනු ලබනවා.

ඒ වගේම ඔබට නැවුම් ඔක්සිජන් ලැබීම ශරීරයේ ඉන්ද්‍රිය පද්ධතියේ ක්‍රියාකාරිත්වයට ඉතාමත් වැදගත්. උදෑසන හිරු කිරණින් ශරීරයට විටමින් ච් ලැබෙන නිසා ඔබගේ මනස වගේම ශරීරය සැහැල්ලු වී ආතතිය දුරුවීමත් සිදුවෙනවා. ඔබත් වැඩ රාජකාරි එක්ක ආතතියෙන් යුක්ත පරිසරයක ජීවත් වෙනවා නම් ඔබටත් පුළුවන් දැන් උදේට ටිකක් තණකොළ මත සෙරෙප්පු නැතුව ඇවිදලා ආතතිය නැතිකර ගන්න. හැමදාම උදේට විනාඩි 30 ක් පමණ සෙරෙප්පු නැතුව ඇවිදලා බලන්න. එවිට ඔබට සෑම දවසකම ඔබගේ සියලු වැඩ කටයුතු හොඳින් ඉටුකර ගන්න පුළුවන් ශක්තිය ලැබේවි.

විටමින් D  ලබාගන්න

උදෑසන හිරු රශ්මියෙන් විටමින් ච් ලැබෙනවා. ඉතිං ඔබ උදෑසන ඇවිදිනකොට හිරු කිරණේ විටමින් ච් මඟින් ඔබව පෝෂණය කරනවා. අස්ථි සෞඛ්‍ය සම්පන්නව පවත්වාගෙන යාමටත් ඔස්ටියෝ ආතරයිටීස් සහ අස්ථි සම්බන්ධ වෙනත් රෝගවලිනුත් ඔබව ආරක්ෂා කරනු ලබනවා. විටමින් ච් ඌනතාව නිසා අධි රුධිර පීඩනය වැනි තත්ත්වයන් ඇතිවීම වළකාගත හැකියි. ගර්භණී මවුවරුන්ට ශරීරයට විටමින් ච් ලබා ගැනීම ඉතාමත් වැදගත් වන අතර සෙරෙප්පු නැතුව තණකොළ මත ඇවිදීම ගර්භණී සමයේ පසුවන මවුවරුනට ඉතාමත් වැදගත්.

ඉලෙක්ට්‍රෝන ශක්තිය ලැබෙනවා

සෙරෙප්පු නැතුව තණකොළ මත ඇවිදීමෙන් පොළොව මතුපිට තියෙන ඉලෙක්ට්‍රෝන ශරීරයට හුවමාරු වී ශරීරයේ වෙනස්කම් රැසක් සිදුකරනවා.

මේ ඉලෙක්ට්‍රෝන තුළ ප්‍රතිඔක්සිකාරක බලයන් ඇතුළත් වෙන අතර ඔක්සිකාරක මඟින් ආතතිය දුරු කරලා ශරීරයේ තියෙන සියලු වේදනා සහ රෝගාබාධ දුරු කිරීම සිදු කරනු ලබනවා.

පාවහන් නැතුව තණකොළ මත හෝ පස් මත ඇවිදීමෙන් මිහිතලය මත ගබඩා වී තිබෙන ශක්තිය ඔබගේ සිරුරට මෙන්ම මනස හා ආත්මයටද ගබඩා කරලා තියන්න පුළුවන්. ඒ වගේම තණකොළ මත ඇවිදීමෙන් ඔබට සුවදායක නින්දක් ලබා ගන්නත් පුළුවන්. ඔබගේ කායික මෙන්ම මානසික සෞඛ්‍ය තත්ත්වය යහපත්ව පවත්වාගෙන යාමටත් මොළය වර්ධනය කිරීමට, ප්‍රතිශක්තිකරණ පද්ධතිය මෙන්ම ස්නායු පද්ධතිය වර්ධනය කිරීමටද තණකොළ මත ඇවිදීම උපකාරී වෙනවා.

 

 

 

 

 

උපදෙස් - කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය

උපුල් දිසානායක

392 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2018 ඔක්තෝබර් 09, අඟහරුවාදා 12:38
අදහස් එක් කිරීමට ලොග් වෙන්න