තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

කොණ්ඩා සැකසුම් සිරස්තල

2015 ඔක්තෝබර් 20, අඟහරුවාදා 11:07

ගොයිං අවේ එක ගැන අලුතින් සිතමු විශේෂාංග

ලිව්වේ  මංජුලා මල්කාන්ති
අගයන්න
(4 මනාප)
හෙයාස්ටයිල් එකක් වඩාත් ලස්සන වන්නේ එය මුහුණේ පෙනුමට, ඇඳුමට උත්සව අවස්ථාවට අනුව ගැළපූ විටයි. එනිසාම කොණ්ඩ මෝස්තර දැමීමේදී ඒ ගැන වැඩි අවධානයක් යොමු කරන්නට සිදු වෙනවා.

 

බලන්න, ගොයිං අවේ එකට හැඩවී ඇති මෙම යුවතියට යොදා ඇති විලාසිතාව ඇය ඇඳ සිටින ඇඳුමටත් ඇයගේ පෙනුමටත් හරිම අපූරුයි නේද?

ඇයව මේ අයුරින් හැඩ කළේ ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පීනි සෆ්නා කාදර්. බලන්න, ඔබටත් මෙවන් විලාසිතාවක් ගැළපේ ද කියා.

1. මෙහි පෙනෙන සේ ඉයර් ටූ ඉයර් ලයින් එකට අනුව කොණ්ඩය ෂෙක්ෂන් කරගන්න. ඉන්පසුව මුළු කොණ්ඩයම පීරා හිස මුදුනට කර රබර් බෑන්ඩ් එකක් දමාගන්න.

2. පෝනිටේල් කොටස පසුපස සිට ඉදිරියට දමා කටු ගසාගන්න.

3. කොණ්ඩය අඩුනම් බන් එකක් තබා නැවත පෝනි ටේලය පිටුපසට ගෙන එය වැසෙන සේ කටු ගසාගන්න.

4. ඉදිරිපසින් මැදින් කොටසක් බෙදාගන්න.

5. කන දෙපැත්තෙන් කොටස් දෙක බැක්කෝම්බ්කර පීරා පිටුපසටකර කටු ගසාගන්න.

6. ඉදිරිපසින් වෙන්කර ගත් මැද කොටසින් කුඩා කොටසක් ඉතිරිකර අනෙක් කොටස කුඩා පෝනිටේලයක් ලෙස වෙන්කර ගන්න.

7. ඉතිරි කොටස හොඳින් ජෙල්කර එක් පැත්තකට කර කටුගස ගන්න. (සයිඩ්පාට් එකක් සේ)

8. ඉදිරිපසින් ඉතිරි කරගත් පෝනිටේලයෙන් කුඩා කොටස් බැගින් ගෙන ලූප්ස් සාදා මෙහි පෙනෙන සේ රඳවන්න.

9. නිම වූ පසු පෙනෙන අයුරුයි මේ.

නිරූපණය - නදීරා සත්සරණී

ඡායා - ප්‍රභාත් රඹුක්වැල්ල

 ඉදිරිපත් කිරීම  - ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පිනී සෆ්නා කාදර්

සැලෝන් සෆ්නා මහබාගේ 

9786 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2015 ඔක්තෝබර් 20, අඟහරුවාදා 11:15
අදහස් එක් කිරීමට ලොග් වෙන්න