තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

කොණ්ඩා සැකසුම් සිරස්තල

2015 නොවැම්බර් 02, සඳුදා 11:37

මේ උඩරට මනාලියගෙ... ලස්සන බලන්නකෝ... විශේෂාංග

ලිව්වේ  මංජුලා මල්කාන්ති
අගයන්න
(2 මනාප)
 පහතරට මනාලියට ඕනෑම ආකාරයේ කොණ්ඩ මෝස්තරයක් ගැළපුණත් උඩරට මනාලියකට නවීන පන්නයට නිර්මාණය කෙරෙන කොණ්ඩ මෝස්තර නොගැළපෙයි.

 

බොහෝ විට උඩරට මනාලියකට ගැළපෙන්නේ ගෙල පිටුපසට සමීප වන්නට යොදන ගෙඩි කොණ්ඩයයි.

බලන්න, මේ කොණ්ඩ මෝස්තරය. උඩරට මනාලියගේ චාම් බව, සුන්දරත්වය ඉස්මතු කර ඇති

ආකාරය බන් එකක් යොදා ගනිමින් නිර්මාණයකර ඇති මෙම කෝණ්ඩ මෝස්තරය අලංකාර වී තිබෙන්නේ මලින් නිමවූ හිස් පලඳනාව නිසයි.

මෙම කොණ්ඩ මෝස්තරය යොදන ආකාරයයි මේ.

* මුලින්ම මුහුණේ හැඩයට අනුව ඉදිරිපසින් කොණ්ඩය බැක්කෝම්බ්කර පිටුපසට පීරා ඉදිරියෙන් බම්ප් එකක් ලෙස තබා පිටු පසට ගෙන කටු ගසාගන්න. ඉතිරි කොටස පෝනිටේලයක් දමා ඒ වටා කෙස් රොදක් ඔතා ක්ලිප්කර ගන්න.

* ඉන්පසු විග් එකක් ගෙන එය කීපවරක් ඔතා හෙයා නෙට් එකකට දමා එයට හොඳින් හෙයා ස්පේ‍්‍රකර අවශ්‍ය හැඩයට සකසාගන්න.

* බන් එක සහිත කොටස රඳවා ගැනීමෙන් පසු පෙනෙන අයුරු බලන්න.

* මෙම බන් එක පෝනිටේලය ගැට ගැසූ තැනින් තබා ඉතිරි කොණ්ඩය එය වැසෙන සේ ගෙන කටු ගසා ගන්න.

* ඉන්පසු කොණ්ඩය වටා හිස් පලඳනාව රඳවාගන්න - නිම වූ පසු කොණ්ඩ මෝස්තරය පෙනෙන අයුරු ඡායාරූපයේ දැක්වෙයි.

 ඡායා  -ශාන් රඹුක්වැල්ල

  මෝස්තර නිර්මාණය  - ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පිනී නදීකා පෙරේරා

ඉදිරිපත් කිරීම - නදී හෙයා ඇන්ඩ් බියුටි ඇකඩමි ජා ඇල 

9400 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2015 නොවැම්බර් 02, සඳුදා 11:47
අදහස් එක් කිරීමට ලොග් වෙන්න