තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

කොණ්ඩා සැකසුම් සිරස්තල

2016 ජූලි 05, අඟහරුවාදා 09:59

මනාලියට චාම් පෙනුමක් ගෙනෙන හෙයාස්ටයිල් එකක් විශේෂාංග

ලිව්වේ  මංජුලා මල්කාන්ති
අගයන්න
(1 මනාපය)
 චාම් විලාසිතාවන්ගෙන් හැඩ වූ මනාලියක කෙරෙන් දිස් වන්නේ අපූරු සුන්දරත්වයක්. මනාලියගේ හැඩගැන්වීම්වලදී ඇයගේ කොණ්ඩ මෝස්තරය ද විශේෂ තැනක් ගන්නවා.

 

මෙහිදී ඉතාමත් චාම් එහෙත් ලස්සන පෙනුමක් ගෙන දෙන විලාසිතාවක් ඇයට වඩාත් සුදුසුයි.

බලන්න, මේ පහතරට මනාලිය වෙනුවෙන් යොදා ඇති කොණ්ඩ මෝස්්තරය. එය ඉතාමත් සරල මෝස්තරයක් වුවත් පෙනුමෙන් වැඩි ලස්සනක් මතුකර දක්වනවා.

මේ එම කොණ්ඩ මෝස්තරය යොදා ඇති ආකාරයයි.

මුලින්ම කොණ්ඩය ෂැම්පු හා කන්ඩිෂනර්කර හොඳින් ගැටහැර පීරාගන්න.

 * කන දෙපසින් ඉයර් ටු ඉයර් එකට අනුව බෙදාගන්න.

* කොණ්ඩය පසුපසින් බැක්කෝම්බ්කර පෝනි ටේලයක් දමාගන්න.

* පෝනිටේලය ඉදිරිපසට දමා ක්ලිප්කර එය කුඩා කොටස් වශයෙන් ගෙන බැක්කෝම්බ් කරන්න.

* දැන් එම කොටස පසුපසට ගෙන බන් එකක් ආකාරයට සකස් කරගන්න. ඉස්පසුව සයිඩ් පාට් එකෙන් කොටස් වශයෙන් ගෙන බැක්කෝම්බ්කර එය පළමුව සකසාගත් බන් එකටම සම්බන්ධ කරගන්න.

ඉදිරිපසින් පි‍්‍රන්ච් එකක් යොදන්න.

වැඩි අලංකාරයක් ගෙන දෙන්නට හෙයා ඕනමන්ට් එකක් රඳවාගන්න.

 කොණ්ඩ මෝස්තර නිර්මාණය

ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පිනී

ස්වර්ණා ඉලංකෝන්

සැලෝන් ඩේ රෝස්

පුත්තලම 

6422 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2016 ජූලි 05, අඟහරුවාදා 10:11
මේ යටතේ එන අනෙකුත් ලිපි: « බලාජියෝ ටෙක්නික් Hair Styles »
අදහස් එක් කිරීමට ලොග් වෙන්න