තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

කොණ්ඩා සැකසුම් සිරස්තල

2016 සැප්තැම්බර් 05, සඳුදා 14:29

උඩරට මනාලියට ටුවිස්ට් විලාසිතාවේ මෝස්තරයක් විශේෂාංග

ලිව්වේ  අචිනි ලක්මාලි චන්ද්‍රසේකර
අගයන්න
(3 මනාප)
විශේෂ උත්සව අවස්ථාවන්ට සහභාගිවීමේදී ලස්සන කොණ්ඩා මෝස්තරයකින් හැඩවෙන්නට අප කැමැතියි. එසේම සොඳුරු මනාලියක වී පතිකුලයට පිවිසෙන දින අන් කවරදාටත් වඩා ආකර්ෂණීය විය යුතුයි.

 

එදින මනාලියගේ මුහුණට, මංගල ඇඳුමට වගේම මනාලයාගේ උසට සරිලන උසක් මනාලිය වෙතින් ඉස්මතු කිරීමටත් මේ කොණ්ඩා මෝස්තරය ඉතාමත් වැදගත් වෙනවා. මොඩර්න් කැන්ඩියන් එකකට ගැළපෙන මේ විලාසිතාව සාම්ප්‍රදායික උඩරට මනාලියකට ද ගැළපෙන ලෙස සකසාගත හැකියි. මෙම මෝස්තරය දැමීමට විනාඩි 25 ක කාලයක් වැය වෙනවා. එහෙම නම් අපි විලාසිතාව දමමුද?

පළමු පියවර - මනාලියගේ මුහුණට ගැළපෙන ආකාරයට ඉදිරිපස බැක් කෝම්බ් කරගන්න. ඒ සමඟින් පෝනිටේල් 3 ක් දමාගන්න. මෙහිදී කෙස් ප්‍රමාණවත් මදිනම් විග් එකක් එකතුකර ගත හැකියි.

දෙවැනි පියවර - පෝනිටේල් තුන පසුව කුඩා කෙස් තීරු වශයෙන් ගෙන හොඳින් හෙයා ජෙල් තවරා කෙස් තීරුවේ මුල සිට අගට ඇඹරුමක් කරගන්න.

තුන්වැනි පියවර - ඡායාරූපයේ පෙනෙන ආකාරයට ඇඹරුම කරගත් කෙස් තීරුව දෙකට නමා පෝනිටේලයේ මුලට තබා ක්ලිප්ස් වලින් රඳවාගන්න. එවිට ඡායාරූපයේ පෙනෙන ආකාරයට ඇඹරුමක් සහිත මෝස්තරයක් ඔබට ලැබේවි.

හතරවැනි පියවර - මේ ආකාරයට කුඩා කෙස් තීරු වශයෙන් ගෙන සම්පූර්ණ පෝනිටේල් තුනේම කෙස් තීරු සකස්කර ගන්න.

පස්වැනි පියවර - පසුව එය ඡායාරූපයේ පෙනෙන ආකාරයට ඔතා ගනිමින් හෙයාර් ක්ලිප්ස් හා පින්ස් රඳවාගන්න. දැන් ඔබට පෙනෙන ආකාරයට උඩරට මනාලිය සඳහා අලංකාර මෝස්තරයක් සකස්කර ගත හැකියි.

හයවැනි පියවර - පසුව මුහුණට ගැළපෙන ආකාරයට උඩරට මනාලිය සඳහා තැල්ලක් යොදා ගන්න. අවසානයට සාරියට සහ සමේ වර්ණයට ගැළපෙන ආකාරයට හිස් පලඳනා යොදාගන්න.

හැඩගැන්වීම - රූපලාවණ්‍ය ශිල්පිනී නදීකා පෙරේරා

නදීකා හෙයාර් ඇන්ඩ් බියුටි ඇකඩමි ජා-ඇල

6240 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2016 සැප්තැම්බර් 05, සඳුදා 14:39
අදහස් එක් කිරීමට ලොග් වෙන්න