තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

කොණ්ඩා සැකසුම් සිරස්තල

2016 සැප්තැම්බර් 22, බ්‍රහස්පතින්දා 10:17

මිටි අය උසකර පෙන්වන ‘බන්ච් ඔෆ් කර්ල්’ විශේෂාංග

ලිව්වේ  අචිනි ලක්මාලි චන්ද්‍රසේකර
අගයන්න
(0 මනාප)
මනාලියකගේ කොණ්ඩා මෝස්තරය සැකසීමේදී මනාලයාගේ උස ගැන විශේෂ අවධානයක් යොමු කළ යුතුයි. මේ ‘බන්ච් ඔෆ් කර්ල්’ මෝස්තරයත් එලෙස උසින් අඩු මනාලියකට උස වැඩිකර පෙන්විය හැකි විලාසිතාවකි. මෙය‘හයි හෙයාස්ටයිල්’ ලෙසත් හැඳින්වේ.

 

 

බටහිර මනාලියක් සඳහා විශේෂිත වූ බන්ච් ඔෆ් කර්ල් මෝස්තරය සාම්ප්‍රදායික පහතරට මනාලියට ද වැඩි සුන්දරත්වයක් එක් කරයි.

පළමු පියවර - මනාලියගේ හිසේ මුදුනට වන ලෙස පෝනිටේලයක් දමා ගන්න.

දෙවැනි පියවර - පෝනිටේලය දැමීමට හිසකෙස් ප්‍රමාණවත් මදිනම් විග් එකක් එකතුකර ගන්න.

තුන්වැනි පියවර - කෙස් තීරුවක් ගෙන හොඳින් හෙයාර් ජෙල් තවරා තොණ්ඩුවක් ආකාරයට කෙස් තීරුව සකස්කර හෙයාර් පින්ස් රඳවා ගන්න.

හතරවැනි පියවර - ඡායාරූපයේ පෙනෙන ආකාරයට දෙවැනි කර්ල් එකත් එම කෙස් තීරුවෙන්ම සකස්කර ගන්න

පස්වැනි පියවර - එම ක්‍රමයම අනුගමනය කරමින් පෝනි ටේලය වටා කර්ල්වලින් රවුමක් සාදා ගන්න.

හයවැනි පියවර - පළමු පේළියේ කර්ල් දෙකක් අතරට දෙවැනි පේළියේ කර්ල් එක තබන්න.

හත්වැනි පියවර - තුන්වන පේළියත් පළමු සහ දෙවැනි පේළිය ආකාරයටම අවසන් කරගන්න.

අටවැනි පියවර - කර්ල් සියල්ල අවසන් කළ පසු පෙනෙන ආකාරය ඡායාරූපයෙන් විස්තර කෙරේ.

නමවැනි පියවර - මුහුණේ හැඩයට ගැළපෙන ආකාරයට ඔටුන්නකින් හිස සරසා බීඩ්ස්වලින් අලංකාර කරගන්න.

 

 

 

 ඔබට මෙම කොණ්ඩා මෝස්තරය පිළිබඳව ගැටලු ඇත්නම් 0778030800 අංකය අමතන්න.

 හැඩගැන්වීම - ප්‍රවීණ රූපලාවණ්‍ය සහ කේෂලාවණ්‍ය ශිල්පිනී නදීකා පෙරේරා

(නදීකා හෙයාර් ඇන්ඩ් බියුටි ඇකඩමි)

7081 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2016 සැප්තැම්බර් 22, බ්‍රහස්පතින්දා 10:24
අදහස් එක් කිරීමට ලොග් වෙන්න