තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

කොණ්ඩා සැකසුම් සිරස්තල

2016 නොවැම්බර් 08, අඟහරුවාදා 11:30

හැමෝගෙම ඇස් දෙක එයා ළඟමයි

Written by 
අගයන්න
(0 මනාප)
‘ලේයර් කට්’ රහස...

 

 

පාටි එකේ ලස්සනම යුවතිය වන්නට ඔබත් ආස ඇති. හැමෝගෙම ආකර්ෂණය දිනා ගෙන ලස්සනට ඩාන්ස් කළොත් කොහොම සතුටක්ද? ඒත් ඔබේ හෙයාර් ස්ටයිල් එක අකීකරු නම් ඒ සියල්ල හීනයක් වේවි.

 සැහැල්ලු ‘ලේයර් කට්’ එකක් කරගත්තොත් නම් හරිම අපූරුයි. ඔබේ ස්වාභාවික කොණ්ඩය රැකෙන පරිදි ලේයර් කිරීමත් අවශ්‍යයි.

මේ ලේයර් එකෙන් ඔබත් හැඩවෙන්න. ඔබට සැබෑම සොඳුරු පෙනුමක් එක්කරයි.

දිග ලේයර් විලාසිතාවකි මේ. පියවර, තට්ටු තරමක් වැඩිපුර තියෙනවා. ළාබාල වියේ පසුවන එතරම් උස නැති යුවතියක් වන ඩිල්මිට මෙවැනි ලේයර් එකක් වඩාත් ලස්සනක් එක්කර ඇති අපුරුව බලන්න. රවුම් මුහුණක් තරමක් ලොකු නහයක් හිමි ඇයට ෆ්‍රෙන්ච් එකකින් හැඩවීමට මේ ලේයර් එක උදව් කරයි.

මෙය කැපීමේදී දිගම ලෙන්ත් බේස් ලයින් එක උරහිස දක්වා වැඩියෙන් ලේයර් කළා. එයින් පිරිපුන් බවක් පේනවා. ඇයගේ කොණ්ඩයේ වර්ණය කළු නොවූ නිසා දුඹුරු පාටට හුරු මහෝගනි වර්ණය දීප්තිමත්කර ගැනීමට හයිලයිට් කරගන්න අවශ්‍ය වුණා.

එමඟින් මහෝගනී වර්ණයට තවත් කොපර් පැහැය මිශ්‍ර බොලොන්ඩ් වර්ණය එක් කළා. උඩ කොටසත් ලෙන්ත් එකක් සමඟ පෙන්ච් එක මෙම කොපර් බොලොන්ඩ් වර්ණය සමඟින් හයිලයිට් කළ හැකියි. එතුළින් කොණ්ඩා මෝස්තරයට වැඩි කළඑළියක් ලැබී තියෙනවා.

මෙම මෝස්තරය සඳහා බීචිං පාවිච්චි නොකර වර්ණයෙන්ම වැඩි දියුණුකර අවශ්‍ය පැහැය ලබා ගත්තේ කොණ්ඩයේ නිරෝගී බව තවදුරටත් ආරක්ෂාකර ගැනීම සඳහායි.

කොණ්ඩය කැපූ මෝස්තරය හොඳින් දැන ගැනීමට නම් එය ක්‍රමවත් ලෙස බ්ලෝව්කර සෙට්කර ගත යුතුයි. පළමුවෙන්ම කොණ්ඩයට මූස් ස්වල්පයක් එක් කිරීම අවශ්‍යයි. එනිසා මූස් ස්වල්පයක් හැම තැනම විසිරෙන සේ ඉතා යාන්තමින් දැමිය යුතුයි. එසේ කළේ ඩිල්මිගේ නිරෝගී දිගු කොණ්ඩය බරින් වැඩි නිසා අවශ්‍ය මෝස්තරය එහි රඳවා ගැනීමටයි. එනිසා බ්ලොව් ටයි කළ පසු මෙම කොණ්ඩයේ ලස්සන පෙනුමක් අපිට ලබා ගන්න හැකි වුණා. දැන් මේ කොණ්ඩය නැවතත් ෂැම්පුකරන තෙක් ලස්සනට තියාගන්න පුළුවන්. එසේම මේ වර්ණය දීර්ඝ කාලයක් කොණ්ඩයේ රඳා පවතියි.බලන්නකො ඩිල්මිගේ හෙයාර් ස්ටයිල් එක ඔබගේ කොණ්ඩයටත් නැවුම් අත්දැකීමක් එක්කරන අයුරු.

 

උපදෙස් - ප්‍රවීණ කේෂාලංකරණ ශිල්පී

තිලක් ද සිල්වා

ඡායාරූප ශාන් රඹුක්වැල්ල

නිරූපණය ඩිල්මි 

4546 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2016 නොවැම්බර් 08, අඟහරුවාදා 11:34
අදහස් එක් කිරීමට ලොග් වෙන්න