තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

කොණ්ඩා සැකසුම් සිරස්තල

2016 නොවැම්බර් 21, සඳුදා 14:49

ස්ට්‍රේට් කොණ්ඩයකට කරලා බලන්න හරි ලස්සනයි... විශේෂාංග

ලිව්වේ  දුමින්ද කාරියවසම්
අගයන්න
(0 මනාප)
වරලස සෑම යුවතියකටම උපතින්ම හිමි දායාදයකි. මේ වරලස තමුන්ටම ගැළපෙන Hair Cut එකකින් හැඩ කළොත් කොයිතරම් නම් ලතාවක් එක් කරනවාද?

 

තමුන්ට අවනත නොවන ස්ට්‍රේට් හැඩැති කොණ්ඩයට සුදුසු මේ ලේයර් කට් එක හඳුන්වන්නේ Forward Graduation layer cut  ලෙසයි.

1. මුලින්ම ඔබ කළ යුත්තේ හිසේ හරි මැද සිට ගයිඩ් එක කපා ගැනීමයි. එය කැපීම ආරම්භ කිරීමේදී පිටුපස හරි මැද සිට අඟලක ප්‍රමාණයක් Straight  හැඩයට කපාගන්න. ඉන්පසුව දෙපැත්තට U  හැඩයට සිටින ලෙසින් ඇඟිලි හැඩකරමින් කැපීම සිදු කරන්න.

2. ඔබ මෙහි දකින්නේ U  හැඩයට කපා ගත් පසුව පෙනෙන ආකාරයයි.

3. දැන් ෆි‍්‍රන්ච් ඒරියා එකෙන් අඟලක පමණ ඍ හැඩයට වෙන්කර නහය සහ නිකට දක්වා ඉදිරියට ගෙන සේවාදායකයාට අවශ්‍ය ප්‍රමාණයට දිගට සිටින ලෙස කෙස් කොටස වෙන්කර ගන්න. එම කොටස ත්‍රිකෝණාකාරව සිටින ලෙස හරි මැදට හිස කෙස් ටික හැඩකර ගන්න. එම කැපූ කොටස ගයිඩ් එක ලෙස සලකා අඟල් 1/2 ක පමණ හිස් මුදුනේ සිට හිසේ ඉදිරිපස පහළ කොටස දක්වා වක්‍ර හැඩයට කොටස් කරගනිමින් එම කොටස අත්ල යටි අතට අල්ලමින් ෆෙදර් එකක් ලෙසින් කපාගන්න. එසේ කැපීමේදී පෙර කැපූ කොටස ගයිඩ්කර ගනිමින් U ස කොටස කෙටි වෙන්නටත් පහළ කොටස දිගු වෙන්නටත් ඛ් හැඩයට කැපීම සිදුකරන්න.

ඉන්පසුව අනෙක් පැත්තෙන් ද එම අයුරින්ම අඟල් 1/2 කොටසක් කොටස් කරමින් ඉහළ සිට පහළට වක්‍ර හැඩයට (Curve) මුලින් කැපූ කොටස ගයිඩ් කරමින් ඛ් හැඩයට කපාගන්න. මේ අයුරින් දෙපැත්තෙන්ම කපන්න.

මෙලෙසින් මුළු කොණ්ඩයම පිටුපස හරිමැද දක්වා මාරුවෙන් මාරුවට මේ ක්‍රමයට ඛ් හැඩයට කපාගන්න.

අවසානයේ දී ඔබ දකින මේ Hair Cut එක කොයිතරම් නම් හැඩකාරද?

 උපදෙස් - ප්‍රවීණ කේෂලංකරණ හා කොණ්ඩා සැකසුම් ශිල්පී

ආචාර්ය ආරිය මධුරසිංහ

0777946165

 ඡායාරූප - ශාන් රඹුක්වැල්ල

5502 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2016 නොවැම්බර් 21, සඳුදා 14:54
අදහස් එක් කිරීමට ලොග් වෙන්න