තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

කොණ්ඩා සැකසුම් සිරස්තල

2017 දෙසැම්බර් 19, අඟහරුවාදා 10:59

Side Fringe එක නිවැරැදිව යොදන්නේ මෙහෙමයි

ලිව්වේ  මංජුලා මල්කාන්ති
අගයන්න
(0 මනාප)
හෙයාස්ටයිල් යෙදීමේදී ඉදිරිපසට වන්නට යොදන සයිඩ් ෆ්‍රින්ජ් එක දැන් වඩාත් ජනප්‍රිය විලාසිතාවක් බවට පත්වෙලා. නමුත් මෙය කෙනකුගේ මුහුණට පෙනුමට ගැළපෙන ආකාරයෙන් නිර්මාණය කරගැන්මට නොහැකි වුවහොත් එහි ක්‍රමවත් නිමාවක් ලස්සන පෙනුමක් දක්නට හැකිවන්නේ නෑ.

 

 

විශේෂයෙන්ම සයිඩ් ෆ්‍රින්ජ් එක වඩාත් ගැළපෙන්නේ වයසින් අඩු ළාබාල වියේ පසුවන යුවතියන්ටයි. මෙය වයසින් වැඩි මැදිවියේ පසුවන කාන්තාවන්ට සුදුසුවන විලාසිතාවක් නොවෙයි.

සයිඩ් ෆ්‍රින්ච් එකක් නිවැරැදිව යොදන්නේ කොහොමද?

මෙහි දැක්වෙන ඡායාරූප අනුගමනය කළහොත් නිවැරැදිව සයිඩ් ෆ්‍රින්ච් එකක් නිර්මාණය කරන ආකාරය ඔබට වටහා ගන්නට හැකිවේවි.

අප දැන් බලමු සයිඩ් ෆ්‍රින්ච් එකක් නිර්මාණය කරගන්නා ආකාරය

1. කොණ්ඩය ඉදිරිපසින් ඍ හැඩයට වෙන්කර ගන්න.

2. දැන් එම කොටස අයන් කරගන්න.

3. ඉන්පසු මෙහි පෙනෙන සේ දෙපසින් හා ඉදිරිපසින් කොටස් 3 කට බෙදා ගන්න.

4. මෙම බෙදාගත් කොටසෙහි මැදින් වන කොටස බැක්කෝම්බ් කරන්න. ඉන්පසු එය දෙපසින්වන කොණ්ඩ කොටස් දෙකෙන් වසා ගන්න.

5. දැන් එම කොටස මෙම ඡායාරූපයෙන් පෙනෙන සේ එක් පැත්තකට ගෙන (සයිඩ්එකට) මඳක් ඇඹරී එන ආකාරයට එහි කෙළවර කන අසලට ගෙන කටු ගසන්න. මෙය ඉදිරිපසින් එසවී තිබෙන ආකාරයට ගෙන ස්ප්‍රේකර ගන්න.

6. මෙය ඉදිරිපසින් ක්‍රමවත්ව එසවී තිබෙන ආකාරයට සකසාගන්න.

ඉන්පසු අවශ්‍ය ආකාරයට හිස සැරසිල්ලක් රඳවා අලංකාර කරගන්න.

 

 

 

උපදෙස්

ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පිනී

නිල්මිණි බණ්ඩාර

 

 

ඡායා. - ශාන් රඹුක්වැල්ල

 

 

 

 

 

2353 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2017 දෙසැම්බර් 19, අඟහරුවාදා 11:04
අදහස් එක් කිරීමට ලොග් වෙන්න