තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

කොණ්ඩා සැකසුම් සිරස්තල

2018 ඔක්තෝබර් 02, අඟහරුවාදා 12:29

හිසකෙස් සුදුවීමේ ගැටලුව ඔබටත් තියෙනවා ද? විශේෂාංග

ලිව්වේ  අයන්ති උඩුගම්පල
අගයන්න
(0 මනාප)
      කාන්තාව යනු සුන්දරත්වය කැටි කරගත් වස්තුවකි. මේ නිසාම රුවේ සොඳුරු බව දිගු කාලයක් රඳවා තබාගැනීමට සෑම කාන්තාවක්ම උත්සුක වේ. රුව පිළිබඳ ඇතිවන ඇතැම් ගැටලු විසඳා ගැනීමට නිසි උපදෙස් ලබාගැනීමට නොහැකි වීමෙන් බොහෝ දෙනා හානිදායක ආලේපනයන් හා ක්‍රියා මාර්ගවලට යොමු වේ. මේ පිළිබඳ අපිට කොතෙකුත් පුවත් අසන්නට, දකින්නට ලැබේ.

 

එම නිසා ඔබේ සිතේ පවතින රූපලාවණ්‍ය ගැටලු සඳහා පිළිතුරු ලබාදීමට අපි අදහස් කළෙමු.

 

* හිසකෙස් අකලට සුදුවන්නේ ඇයි?

ජානමය බලපෑම් - මවුපියන්ගේ හිස කෙස් ඉක්මනින් සුදු පැහැ වූවානම් දරුවන්ගේ හිසකෙස් ද ඉක්මනින් සුදු වීමට වැඩි ඉඩක් පවතිනවා. මන්ද අපේ සිරුරේ බොහෝ දෑවලට ජාන මඟින් බලපෑම් ඇති කරනවා.

ඒවගේම හැමවෙලාවකම ස්ට්‍රෙස් නැතිනම් මානසික ආතතියෙන් යුතුව කාලය ගෙවන විටත් හිසකෙස් සුදුවීමට එය හේතුවක් වෙනවා. එසේ වන්නේ මානසික පීඩනය පවතින විට සිරුරේ ඔක්සිකාරක වැඩි වශයෙන් නිපදවීම නිසයි. මේ ඔක්සිඩේටිව් ස්ටෙ‍්‍රස් නිසා කෙස් කලඹේ පැහැය වෙනස් වීමකට බඳුන් වෙනවා.

පීනස වගේ රෝග තියෙන අයගේත් හිසකෙස් සුදු විය හැකියි. මෙයට බටහිර වෛද්‍ය විද්‍යාවෙන් හරියටම විද්‍යාත්මක හේතුවක් කියන්න අමාරුයි. සමහර ඖෂධ, සමහර රෝග නිසාත් මෙවැනි තත්ත්වයන් ඇතිවෙන්න පුළුවන්.

 

* මේ තත්ත්වය වළක්වා ගන්න අපි කුමක් ද කළ යුත්තේ?

මේකෙදි රෝග ඇති නොවීමට, වළක්වා ගැනීමට කටයුතු කිරීමත් විටමින් වර්ග දීමත් තමයි කළයුතු වන්නේ. ඒ හැරුණු විට ඩයි වර්ගයක් මඟින් හිසකෙස් කළුකර ගැනීමටත් පුළුවන්.

 

*ඩයි ඇලජි වෙන්නේ ඇයි?

විවිධාකාරයේ ඩයි වර්ග වෙළෙඳ පොළේ තියෙනවා. ඒත් බොහෝ දෙනකුට ඩයි ඇලජි නැතිනම් අසාත්මික වෙන්න පුළුවන්. මේ විදියට ඩයි ඇලජි වෙන්නේ ප්‍රධාන වශයෙන්ම ඇමෝනියා සහ ර්‍ථර්‍ථච් කියලා කොටස් දෙකක් ඩයිවල ඇතුළත් වෙන නිසයි. මේ වර්ග දෙක ඉක්මනටම අපේ හමට ආසාත්මිකතා ඇති කිරීමේ වැඩි ඉඩක් තියෙනවා. එක පාර ඇලජි එකක් අපිට ආවොත් නැවතත් ඇලජි එකක් ඇතිවිය හැකි වාර ගණන හා එහි තත්ත්වය ප්‍රභල විය හැකියි. එම නිසා දෙවැනි ආසාත්මිකතාව ඉතා ඉක්මනින් ඇති වෙනවා. ඒ නිසා එක්වතාවක් ආසාත්මික වූ අයකුට තවත් වතාවක් අත්හදා බැලීම් කරන්න අපහසුයි. එවැනි අත්හදා බැලීම් තරමක් භයානකයි. එවැනි අවදානමක් නොගෙන ආසාත්මිකතාවක් ඇති වූ විට විකල්පයක් භාවිත කිරීම සුදුසු ම ක්‍රියාවයි.

නමුත් විකල්ප ක්‍රම හරි අඩුයි. මොකද හැම දේකම වගේ රසායනික ද්‍රව්‍ය අඩංගුයි. අපිට සුදුසුයි කියන්න පුළුවන් වෙන්නේ ස්වාභාවික හෙනා. ඒත් බ්ලැක් හෙනාවලත් රසායනික ද්‍රව්‍ය යම් ප්‍රමාණයකට අඩංගුª වෙලා තියෙනවා. ඇත්තටම හෙනා කියන්නේ දුඹුරු වර්ණයෙන් යුතු දෙයක්. ඒක භාවිත කිරීමේදී කෝපි, බීට්රූට් යුෂ එක්කර ගන්න පුළුවන්. බ්ලැක් හෙනාවල අනික් ඩයිවලට සාපේක්ෂව ඇමෝනියා ආදී රසායනික ද්‍රව්‍ය අඩුයි. නැතිනම් කෙමිකල්

ෆ්‍රී හෙයා ඩයි වෛද්‍ය නිර්දේශ අනුව භාවිත කළ හැකියි.

* වෙනත් විකල්ප ඇත්තේම නැද්ද?

තාවකාලික විකල්පයක් විදියට සුදු කෙස් ගස් කළු කරගන්න හෙයා මස්කාරා භාවිත කරන්න පුළුවන්. මේකෙ වර්ණය ඔළුව සේදීමේ දී ඉවත් වෙනවා. ඒත් චෝක් එකට වඩා මෙය හොඳ බව කියන්න පුළුවන්. චෝක් එක ආලේප කළාම දාඩියට බේරෙනවා. අත්වල හැම තැනම ගෑවෙනවා. තරමක් කරදරයි.

 

* ඩයි ඇලජි වෙන බව කලින් දැනගන්නේ කොහොමද ?

මුලින්ම ඩයි වර්ගයක් භාවිත කිරීමේ දී එක්වරම එය ආලේප නොකර පැය 48 කට පෙර කන පිටුපස කුඩා ප්‍රමාණයක් ගල්වා ඇලජි ටෙස්ට් එකක් සිදු කළ යුතුයි. ඒකෙදි කිසිම වෙනසක් දකින්නට නොලැබුණොත් ඔබට ඩයි වර්ගය භාවිත කළ හැකියි. එහෙම වුණත් ඇලජි එකක් වුණොත් ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම තමයි සුදුසු. ඒ සඳහා පහසුකම් සලසාගෙන ඩයි ගැල්වීම වඩාත් සුදුසුයි.

 

* කොණ්ඩය ඉදිරිපසින් සුදුවීම බොහෝ දෙනකුට ගැටලුවක්. මෙහෙම වෙන්නේ ඇයි?

මුහුණ සේදීමේ දී සිදුවන ක්‍රියාකාරකම් මේ තත්ත්වයට එක් හේතුවක්. අපි මුහුණ සේදීමේ දී භාවිත කරන විවිධාකාර සේදුම්කාරක හිස ඉදිරිපස හිසකෙස්වල ගෑවීම නිසා මෙය සිදු විය හැකියි. ග්ලයිකෝලික් ඇසිඩ්, කෙමිකල් තියෙන නිසා තමයි නිතර සේදීමේදී හිසකෙස් සුදුවීම ඇරඹෙන්නේ.

 

 උපදෙස් - වෛද්‍ය ශානිකා අර්සකුලරත්න

(ඊස්තටික් මෙඩිසින් ඩිප්ලෝමා USA)
Practical Dermataogy
Dip.(UK)

 

 ඔබේ රුව ගැටලුවට රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් පිළිතුරු

රුව ගැටලු තරුණී

ලේක්හවුස් කොළඹ -10

187 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2018 ඔක්තෝබර් 02, අඟහරුවාදා 12:30
අදහස් එක් කිරීමට ලොග් වෙන්න