තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

කොණ්ඩා සැකසුම් සිරස්තල

මල් කළඔ සිරස්තල

මෙහෙන්දි රටා සිරස්තල

රූපලාවන්‍ය සිරස්තල

ආභරණ සපයන්නෝ සිරස්තල

සාරි සිරස්තල

2015 ජූනි 16, අඟහරුවාදා 14:56

ෂා... ඇවිත් බලන්නකෝ ගෝල්ඩ් සෙන්ටර් එකේ අලුත් ආභරණ විලාසිතා විශේෂාංග

ලිව්වේ  පාලිකා දිල්රුක්ෂි
අගයන්න
(1 මනාපය)
එකකට එකක් වෙනස් රන් ආභරණ විලාසිතා.... සොඳුරුතම කර මාල, වළලු, මුදු, කරාබු, චේන් ආදිය පිරුණු රන් පාරාදීසයේ රවුමක් යන්නට වෙනසක් අත් විඳින්නට ඔබත් කැමැති ඇති. ලලනා සිතුම් පැතුම් ඉටුකරන මේ අගනා රන් ආභරණ දැකගන්නට නම් ඔබ කළම්බු ගෝල්ඩ් සෙන්ටර් වෙත පියනැගිය යුතුමයි.

රන් ආභරණ විතරක් ද? නැත. මුතු, මැණික් පිරුණු ආභරණ, රිදී හා ඉමිටේෂන් ආභරණ.... හරි අපූරු වර්ණ රටාවල මෝස්තර.... කාන්තා ඔබ දැකගත යුතුම විලාසිතාය. නෙත් සිත් ඇදගන්නා මේ ආභරණ පුරවරය ආරක්ෂිතය. සුව පහසුය. ජීවිතයේ දී එක් වරක් හෝ පියනැඟිය යුතුම ස්ථානයකි. දහසක් කටයුතු වෙනුවෙන් කොළඹට එන ඔබ මෙතැනට නො ආවොත් නම් ලොකු අඩුවකි.

කතෝලික බැතිමතුන්ගේ මෙන්ම අනෙකුත් ආගම් අදහන අයගේ ද ගෞරවයට පාත්‍ර වුණු දිනපතා දහස් ගණන් බැතිමතුන් පියනගන කොච්චිකඩේ පල්ලිය ආසන්නයේ කළම්බු ගෝල්ඩ් සෙන්ටර් පිහිටා ඇත.

මේ දිනවල එහි වැඩි අවධානය විවාහ මංගල රන් ආභරණ වෙතයි. ඒ නිසාම ඉතාමත් අලංකාර විලාසිතා මේ දිනවල බහුලයි. මෙහි දැක්වෙන්නේ එහි පිය නැඟූ අප කැමරාවට හසුකරගත් අබරණ සමූහයකි.

මොකක් ද මේ කළම්බු ගෝල්ඩ් සෙන්ටර්? දැන් ඔබට එහෙම හිතෙනවා නේද? එදා දහස් ගණන් ජනී ජනයාගෙන් පිරී පැවතුණ එහෙත් කාන්තාවන් වැඩි දෙනෙක් යන්නට අකැමැති වූ ශාන්ත ජෝන් මාළු වෙළෙඳපොළයි. පිළී ගඳත් අපවිත්‍ර පරිසරයත් උරුම කරගත් එම ගෙඩනැගිල්ල හා අවට පරිසරය අද සුපිරි සාප්පු සංකීර්ණයක වෙස් ගෙන ඇත. සුව පහසු වාහන නැවතුම් හා අනෙකුත් අංගවලින් සුසැදි මේ බිමට පය තියන ඔබට එදා අද වෙනසත් රන්වල ඇති ශෝභමාන බවත් නෙත ගැටෙනු ඇත.

 ස්තූතිය – කළම්බු ගෝල්ඩ් සෙන්ටර් හි දෙවැනි මහලේ පිහිටි Haylee ජුවෙලරි ආයතනයේ හිමිකරු සුනිල් අරුණ වීරසිරි මහතාට සහ ප්‍රමෝද් නාරායන මහතාට

ඡායාරූප - ශාන් රඹුක්වැල්ල

10275 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2015 ජූනි 16, අඟහරුවාදා 15:14
අදහස් එක් කිරීමට ලොග් වෙන්න