තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

කොණ්ඩා සැකසුම් සිරස්තල

මල් කළඔ සිරස්තල

මෙහෙන්දි රටා සිරස්තල

රූපලාවන්‍ය සිරස්තල

සාරි සිරස්තල

2015 ඔක්තෝබර් 19, සඳුදා 10:23

බන්ච් එකක් නිර්මාණය කිරීමේ නිවැරැදි ක්‍රමය... විශේෂාංග

ලිව්වේ  මංජුලා මල්කාන්ති
අගයන්න
(0 මනාප)
මල් සැකසුම් සඳහා මල් තෝරා ගැනීමේදී සැලකිලිමත් විය යුතු දේ පිළිබඳ අප ගිය සතියේ ඔබව දැනුවත් කළා. ඒ දැනුවත් බවත් සමඟින් මුල්ම පියවර වශයෙන් නිවැරැදි ක්‍රමවේදයන්ට අනුව මල් බන්ච් එකක් (මල් පොකුරක්) නිර්මාණය කරන ආකාරය අපි ඉගෙන ගනිමු.   හැම විටම මල් සැකසුමක් කිරීමේදී ඒ සඳහා අවශ්‍ය දේ ඔබ සමීපයෙන් සූදානම්කර තබාගෙන නිර්මාණය කිරීම ඇරැඹිය යුතුයි. හේතුව නිර්මාණය කිරීමට පටන් ගත් පසු එය නොවෙනස්ව එකම ආකාරයට රඳවා තබා ගත යුතු නිසයි.

 

 * බන්ච් එකක් නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය වන දේ -

ගේජ් 20 කම්බි, ගී‍්‍රන්ටේප්, රැෆින් පේපර්, රිබන්.

 

* භාවිත කෙරෙන මල් වර්ග -

ජර්බරාස්, ඇස්ට්‍රාමේරියා, රෝස, මිසැන්ජියානා ක්‍රිෂාන්තිමම්, සුපර් ඩේසි

මෙවන් බන්ච් එකක් නිර්මාණය කිරීමේදී අනුගමනය කළ යුතු නිවැරැදි ක්‍රමයක් ඇත. මෙය ස්කූටයිප් ලෙස හඳුන්වයි.

දැන් මුල සිට සරලව අප උපදෙස් දෙන ආකාරයට බන්ච් එක නිර්මාණය කිරීමට සූදානම් වන්න. ඔබ භාවිත කරන ඇස්ට්‍රා මේරියා, සුපර් ඩේසි සහ රෝස මල්වල ඉති ආදියේ අනවශ්‍ය ලෙස ඇති කොළ ඉවත් කරගන්න.

1. මල් වයර් කරගැනීම - මුලින්ම ජර්බරාස් මල් ගේජ් 20 කම්බියෙන් වයර් කරගන්න. මෙමඟින් අපට අවශ්‍ය පරිදි මල හසුරුවා ගැන්මට පහසුවේ. ඉන්පසු වයර් කළ මල්වල කම්බිය වැසෙන සේ ගී‍්‍රන් ටේප් ඔතාගන්න.

2. මිසැන්ජියානා කොළ ගෙන අග්ගිස්සේ සිට ඇතුළට රවුමට නවා ස්ටේප්ලර් කරගන්න. පහළින් නාරටිය ඉතිරි වන සේ කොළය කපා ඉවත් කරන්න.

3. ජර්බරා මලක් ප්‍රධාන මල ලෙස ගන්න. දැන් දෙවැනි මල ගෙන පළමු මල හා ඇලයට තබා ගන්න. මේ අයුරින් මල් තබා ගැනීම ආරම්භ කළ රිද්මය එක දිගටම පවත්වා ගන්න. කිසිම විටෙක විරුද්ධ දිසාවට මල් තැබීම නොකරන්න. බන්ච් එක නිර්මාණයේදී මුලින්ම අල්ලාගත් ස්ථානය කිසිම මොහොතක වෙනස් කරන්න එපා. නිර්මාණය අවසන් වන තුරුම එම ස්ථානය අල්ලා ගෙන සිටිය යුතුයි. මෙම ස්ථානය බයින්ඩින් පොයින්ට් ලෙස හඳුන්වයි.

4. රටාවකට අනුව මල් සම්බන්ධ කරගත් පසු

5. මල් සියල්ල තබාගත් පසු අප කලින් සකස් කරගත් මිසැන්ජියානා කොළ ගෙන මුලින් පවත්වාගත් රිද්මයට අනුකූලව ඒ දිසාවටම කොළ රවුමට රඳවාගන්න. දැන් එම බයින්ඩින් පොයින්ට් එකට රබර් පටියක් දමා තදකර ගන්න.

6. බන්ච් එක යටින් ඉතිරි වූ නටු ටික සමාන්තරව කපන්න. ඔබ නිවැරැදිව මල් රඳවා ගත්තේ නම් නටු කැපීමෙන් පසු මේසය මත වුවද රඳවා තැබිය හැකියි.

* බන්ච් එකට රැපින් පේපර්ස් දමාගන්නා ආකාරය.

රැපින් පේපර්ස් දැමීමට පෙර මෙහි ස්වාභාවික බව රැක ගැන්මට අවශ්‍ය පෝෂණය ලබාදිය යුතුයි.

7. සිදුරු නැති රැපින් පේපර් එකක් ගෙන මේසය මත එලාගන්න. දැන් මල් බන්ච් එක ඒ මැදින් තබා කොළය වටේට එකතුකර අල්ලාගන්න.

8. දැන් රැපින් පේපර් එක තුළට වතුර පුරවන්න. මල් නටු සියල්ලම වතුර ගැටෙන සේ තිබිය යුතුයි. ඉන්පසු රැපින් පේපර් එක වටේට එකතුකර බයින්ඩින් පොයින්ට් එකට රබර් පටියක් දමා ගන්න. වතුර වෙනුවට තෙමාගත් පුළුන් වුවද තැබිය හැකියි.

9. ඉන්පසු වර්ණවත් රැපින් පේපර් එක ගෙන අවානක හැඩයට රැලිකර ගන්න.

10. එය මල් බන්ච් එක වටේට තබා අතින් හැඩයට සකසාගන්න.

11. රෝස පැහැති නෙට්වලින් සකසාගත් බෝ එකක් බයින්ඩින් පොයින්ට් එකට තබා ගැට ගසන්න. දැන් ඔබට ක්‍රමාණුකූලව සකසාගත් බන්ච් එකක් දක්නට ලැබේවි.

මෙය නිවෙසේ අලංකාරයට මෙන්ම විශේෂ අවස්ථාවකදී සුබ පැතුමක් ලෙස පිරිනමන්නටත් පුළුවන්.

   

ඉදිරිපත් කිරීම - ලස්සන ෆ්ලෝරා ඇකඩමි ප්‍රධාන උපදේශක -
ජී. ඒ. සුදර්ශන

5897 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2015 ඔක්තෝබර් 20, අඟහරුවාදා 08:53
අදහස් එක් කිරීමට ලොග් වෙන්න