තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

කොණ්ඩා සැකසුම් සිරස්තල

මල් කළඔ සිරස්තල

මෙහෙන්දි රටා සිරස්තල

රූපලාවන්‍ය සිරස්තල

සාරි සිරස්තල

2015 ඔක්තෝබර් 20, අඟහරුවාදා 10:44

ලස්සන ෆ්ලෝරා මල් සැකසුම් පාඨමාලාව විශේෂාංග

ලිව්වේ  මංජුලා මල්කාන්ති
අගයන්න
(5 මනාප)
මල් සැසසුම් කලාවට උනන්දුවක් කැමැත්තක් දක්වන ඔබ වෙනුවෙන්ම ඇරඹෙන මෙම පාඨමාලාව තුළින් මල් සැකසුම් නිර්මාණය පිළිබඳව ඔබට දැනුමක් අවබෝධයක් ලබා දෙන්නට අප සූදානම්.

 

  

මල් සැකසුම් නිර්මාණයට සුපතළ අති දැවැන්ත ආයතනයක් වන ලස්සන ෆ්ලෝරා වෙතින් ඔබට ලබාදෙන මෙම සුවිශේෂී පාඨමාලාව තුළින් රැකියා අවස්ථා උදාකර ගන්නට බලාපොරොත්තු වන ඔබට මහඟු අත්වැලක් වනු නිසැකයි.

අද මෙලෙසින් ඇරඹෙන්නේ එහි පළමු පියවරයි.

මල් තෝරා ගැනීමේදී  මේ දේවල් ගැන සැලකිලිමත් ඹවන්න

මල් සැකසුම් නිර්මාණය පිළිබඳව අප හදාරන්නේ නම් ඒ ගැන ඔබේ අවධානයට යොමු විය යුතු වැදගත් කරුණු බොහෝමයක් තිබෙයි. මල් සැකසුම් කලාව මූලික අවබෝධයක් දැනුමක් පුහුණුවක් නොමැතිව කළ නොහැකි කාර්යයකි.

මල් ජීවයක් ඇති දෙයකි. එහි සුන්දරත්වය නැවුම් බව ආරක්ෂාකර ගනිමින් මේ සඳහා යොදා ගැන්ම කළ යුතුයි. මල් සැරසිලි කිරීමට ප්‍රථම මල්වලට ආදරය කිරීම සහ මල් රැකබලා ගන්නා ආකාරය පිළිබඳ දැනුවත් වීම අත්‍යවශ්‍යයි.

මලක් ගසෙහි තිබෙන අවස්ථාවලදී ගසේ කඳ සහ මුල් උපයෝගී කර ගනිමින් එහි පැවැත්මට අවශ්‍ය සියලුම පෝෂණ කොටස් මල විසින් ලබා ගනියි. නමුත් මල ගසකින් නෙලා ගත් පසු එම මලට අවශ්‍ය පෝෂණය අප විසින් සපයා දිය යුතුයි. ගසෙහි තිබෙන මලෙහි නැවුම් බව සුන්දරත්වය අප නිර්මාණය සඳහා යොදා ගන්නා මල් තුළද තිබිය යුතුයි. එලෙසින් දිස්වන මලේ නැවුම් බව අප කරනු ලබන නිර්මාණයේ විශිෂ්ටත්වය පෙන්නුම් කරයි.

ඔබ මල් සැකසුම් කලාව කෙරෙහි පිවිසෙන්නේ නම් මෙහිදී අනුගමනය කළ යුතු ක්‍රියා පටිපාටියක් ඇත. අප මුලින්ම ඒ පිළිබඳ විමසා බලමු.

* අප මල් සැකසුම්කරණය සඳහා මල් තෝරා ගැනීමේදී ලාමක බවින් අඩු මල් තෝරා ගත යුතුයි. ලාමක බවින් වැඩි මල් තෝරා නොගැනීමට සැලකිලිමත් වන්න. අප මල් මිලදී ගන්නේ නම් මල්වලට නිසි පරිදි පෝෂණ කොටස් ලබා දී ඇත්දැයි ගැණුම්කරුවන්ගෙන් විමසන්න.

* මල් කැපීම සඳහා භාවිත කරන කතුරු සහ වැඩ කරන ස්ථානය පිරිසුදුව තබාගන්න.

* මල් හා කොළවල ඇති ආසාදිත කොටස් ඉවත් කරන්න (බ්‍රොට්‍රයිටිස්)

* මල් බහාලන බඳුන් සියල්ල විසබීජ නාශකයක් භාවිත කොට හොඳින් සෝදන්න.

* මල් බහාලන බඳුන් සඳහා පිරිසුදු ජලය භාවිත කරන්න.

* අප ශීත කාමරයක මල් ගබඩා කරන්නේ නම් එහි උෂ්ණත්වය සෙල්සියස් අංශක 5 - සෙල්සියස් අංශක 10 තුළ තිබීම අනිවාර්යය වේ. මල් ගබඩා කරන ස්ථානය පිරිසුදුව තබා ගැන්මට වග බලාගන්න.

* මල් ගබඩා කිරීමේදී ශීත කාමර ශීතකරණවල දොර පියන් නිතර විවෘත කිරීමෙන් වළකින්න. එළවළු හෝ පලතුරු සමඟ කිසි විටෙකත් මල් ගබඩා නොකරන්න. (ඒවායින් එතලින් නිකුත් වන බැවිනි)

* මල් ගබඩා කරන බඳුන්වලට ප්‍රමාණය ඉක්මවා මල් සහ කොළ නොදමන්න. මල්වලට නැවුම් වාත්‍රාශය ලැබීමට සලස්වන්න.

* ඕනෑම මලක් භාවිතයට හෝ අලෙවියට පෙර පැය හතරක කාලයක් පමණ ජලයේ බහා තබන්න. සිසිල් ස්ථානයක තැබීම සුදුසුයි.

* මල් ජලයට දැමීමට පෙර එහි නටුව අංශක 45 ක ඇලයට කපා දමන්න. මල් නටුව තැලීම හෝ කැඩීම සිදු නොකරන්න. ඉහත කී ආකරයටම කැපීම නිසා මල් ජලයට දැමු පසු මලට අවශ්‍ය ආකාරයට ජලය උරා ගැනීම පහසුවෙයි.

* මල් ජල බඳුනට දමන විට ජලයේ ස්පර්ශ වන සියලුම කොළ පොහොට්ටු කඩා ඉවත් කරන්න.

* මල් දැමීම සඳහා ලෝහ බඳුන් භාවිත නොකරන්න.

* මල් බහාලන බඳුන්වල ජල මට්ටම සෙන්ටීමීටර 10 උසට දමන්න.

* සැම විටම වියළුණු පලුඳු වූ මල් ඉවත් කරන්න.

* සෘජුව සුළඟ නොවැදෙන පරිදි මල් සැකසුම් ස්ථානගත කරන්න.

මල් සැකසුම් සඳහා අවශ්‍ය වන ඇතැම් මල් වර්ග සහ කොළ වර්ග අපට අවට පරිසරයෙන් සපයා ගත හැකි අවස්ථා තිබෙයි. මෙසේ අවට පරිසරයෙන් පහසුවෙන් සපයා ගත හැකි කොළ වර්ග ලෙස මිසැන්ජියානා - සැන්ඩ්‍රියානා, චයිනිස්ග්‍රාස් කෝඩිලයින්, මිනි ප්ලාන්ට්, මොස්ටෙරා කිතුල් කොල දැක්විය හැකියි. මීට අමතරව අයි වී, ලෙදර් ෆර්න්ස් ඇස්පරගස්, කැමීලියා කොළ ආදිය නුවරඑළියේ මල් සැපයුම්කරුවන්ගෙන් ලබා ගත හැකියි.

* අප අවට පරිසරයක් ලබා ගත හැකි මල් වර්ග වන්නේ රෝස, ඇන්තූරියම්, ඕර්කිඩ්, කැන්ඩියන් ඩාන්ස්, නෙළුම්, හැලිතෝනියා ආදියයි. මීට අමතරව ඒරම් ලිලි, ටයිගර් ලිලී, මැඩෝනා ලිලී, කානේෂන්, බේබිස් බ්‍රෙත් - ජර්බරාස් ක්‍රිෂෙන්තිමම්, ඩේසි හයිඩ්‍රින්ජියා - සුපර්ඩේසි වැනි මල් වර්ග ද තිබෙයි.

ලබන සතියේ මුලික සිද්ධාන්තවලට අනුව මල් බන්ච් එකක් සාදා ගන්නා ආකාරය.

අධීක්ෂණය - ලස්සන ෆ්ලෝරා පාලන අධ්‍යක්ෂ

වෛද්‍ය ලසන්ත මලවිගේ

උපදෙස් - මල් සැකසුම් ප්‍රධාන උපදේශක ජී. ඒ. සුදර්ශන

ඡායා - ප්‍රභාත් රඹුක්වැල්ල 

6523 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2015 ඔක්තෝබර් 20, අඟහරුවාදා 10:59
අදහස් එක් කිරීමට ලොග් වෙන්න