තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

කොණ්ඩා සැකසුම් සිරස්තල

මල් කළඔ සිරස්තල

මෙහෙන්දි රටා සිරස්තල

රූපලාවන්‍ය සිරස්තල

ආභරණ සපයන්නෝ සිරස්තල

සාරි සිරස්තල

2015 නොවැම්බර් 02, සඳුදා 11:30

මල් බාස්කට් එකක් නිර්මාණය කරන්නේ කොහොමද? විශේෂාංග

ලිව්වේ  මංජුලා මල්කාන්ති
අගයන්න
(3 මනාප)
මල් සැකසුම් කලාවේ දැවැන්ත ආයතනයක් වන ලස්සන ෆ්ලෝරා ආයතනය තරුණී වෙතින්ම පමණක් ඉදිරිපත් කරන මල් සැකසුම් පාඨමාලාව කෙරෙහි ප්‍රතිචාර දක්වන පිරිස අතිවිශාලයි. මෙම පාඩම් මාලාව අවසානයේ පවත්වනු ලබන වැඩමුළුව සඳහා සහභාගී වන්නට අයදුම්කර ඇති තැපැල්පත් රාශියෙන් එය අපට පැහැදිලියි.

 

මල් සැකසුම් කලාව ස්වයං රැකියාවක් වශයෙන් හදාරන ඔබට මෙම පාඨමාලාව තුළින් ලබාදෙන සුවිශේෂී දැනුම වඩාත් වැදගත් වන්නේ මල් සැකසුම් කලාවේ ප්‍රමුඛ ආයතනයක් විසින් එය ඔබට ලබාදෙන නිසයි.

මෙවර අප සූදානම් වන්නේ මල් සැකසුමේදී වඩාත් වැදගත් වන මල් කූඩයක් නැත්නම් ෆ්ලවර් බාස්කට් එකක් නිර්මාණය කෙරෙන ආකාරය ගැන ඔබ දැනුවත් කරන්නටයි.

බොහෝ විට අලංකාර සැකසුමක් ලෙස මෙන්ම සුභ පැතුම් පිරිනමන අවස්ථාවලදීත් විශේෂ ආරාධිත අමුත්තන් පිළිගන්නා අවස්ථාවලදීත් පිරිනැමෙන්නේ මල් බාස්කට් එකයි.

මල් බාස්කට් එකක් නිර්මාණය වන්නේ කෙසේද?

මේ සඳහා ෆ්‍රෙෂ් ෆෝම්, කුකුළු දැල් සහ හැඬලය සහිත බාස්කට් එකක් අවශ්‍යයි.

ක්‍රිෂාන්ති, ඕකිඩ්, කෝඩ් ලයින්, නුවරඑළිය පර්න්ස්, අයි වී කොළ ආදිය මේ සඳහා යොදා ගත හැකියි.

අප මීට පෙර උපදෙස් දී ඇති ආකාරයට ෆෝම් කැබැල්ල කුකුළු දැලෙන් ආවරණය කරගන්න.

 

1. මුලින්ම කළ යුත්තේ ඔබ කරනු ලබන නිර්මාණයේ ප්‍රමාණයට අවශ්‍ය සැකිල්ල සාදා ගැනීමයි. එය මෙහිදී තෝරා ගන්නා බාස්කට් එකෙහි හැඩයට අනුව කළ යුතුයි.

2. ඉන්පසු අයි වී කොළ වටේට රඳවාගන්න.

3. දැන් ක්‍රිෂාන්ති මල් රඳවන්න. මෙහිදී මුලින් සකසාගත් සැකිල්ලට අනුකූලව මල් රඳවා ගන්නට සැලකිලිමත් වන්න.

4. බාස්කට් එක තුළට මල් රැඳවීමේදී එහි හැඬලයට යටින් අත දැමිය හැකි ආකාරයේ පරතරයක් තිබිය යුතුයි.

5. ඉන්පසු ඕකිඩ් මල් අතරට රඳවන්න.

මෙහිදී අතරින් ඇතිවන හිඩැස් වැසෙන සේ මල් රැඳවීමට සැලකිලිමත් වන්න.

තවදුරටත් මෙහි වන හිස්තැන් පිරවෙන සේ බේබිස් බ්‍රෙත් යොදන්න.

 මල් බාස්කට් එකක් නිර්මාණය කරන විට එහි බර (කුඩා දරුවන් වෙනුවෙන් නම් බර අඩුවිය යුතුයි) බාස්කට් එකෙහි හැඩය, අවස්ථාව අනුව වර්ණ ගළපා ගැන්ම, යොදා ගනු ලබන මල් ප්‍රමාණය ගැන සැලකිලිමත් වීම වැදගත්.

 ඉදිරිපත් කිරීම - ලස්සන ෆ්ලෝරා ඇකඩමි ප්‍රධාන උපදේශක - ජී. ඒ. සුදර්ශන

  ඡායා - ප්‍රභාත් රඹුක්වැල්ල

5405 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2015 නොවැම්බර් 02, සඳුදා 11:33
අදහස් එක් කිරීමට ලොග් වෙන්න