තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

කොණ්ඩා සැකසුම් සිරස්තල

මල් කළඔ සිරස්තල

මෙහෙන්දි රටා සිරස්තල

රූපලාවන්‍ය සිරස්තල

ආභරණ සපයන්නෝ සිරස්තල

සාරි සිරස්තල

2015 දෙසැම්බර් 08, අඟහරුවාදා 10:57

ආභරණ ඔබේ සොඳුරු දිනය තවත් ඔප කරයි

Written by 
අගයන්න
(0 මනාප)
 තාරුණ්‍යයට එබිකම් කරන තරුණ තරුණියන්ගේ එකම සිහිනය තම මංගල දිනය ඉතාමත් උත්කර්ෂවත් අන්දමින්න නෑ හිත මිතුරන් මධ්‍යයේ පවත්වා ගන්නයි. ඉතින් ඒ කටයුත්ත සාර්ථකව කරගන්න මනාලයා වගේම මනාලියත් ගොඩක් වෙහෙසෙනවා.

 

ඔවුන්ගේ වෙහෙසේ ප්‍රතිඵලය අත්කර ගන්න ඒ සොඳුරු දිනය මනාල යුවළගේ අමරණීය දිනය බවට පත්වෙනවා. ඒ නිසා මේ දෙපොළ එදිනට සුන්දර පියකරු විය යුතුමයි.

මංගල දිනයේදී විශේෂයෙන්ම පැමිණෙන නෑ හිත මිතුරන්ගේ නෙතු මනාලිය වෙත යොමුවෙනවා. ඒ නිසා ඇය එදින අඳිනු ලබන ඇඳුම, ආභරණ, මල් කළඹ මේ සියල්ලම ගැන වැඩි අවධානයක් යොමු කළ යුතු වෙනවා. මේ විශේෂාංගය වෙන් වන්නේ මනාලියක් මංගල දිනයේදී ආභරණ තෝරාගත යුත්තේ කෙසේද යන්න හඳුන්වා දීමටයි. මේ සොඳුරු දිනය මංගල දිනය නැති නම් රත්තරං දිනය ලෙසත් හඳුන්වනු ලබනවා. ඒ වගේම මේ දිනය රනින් හා මැණික්වල ආලෝකය වඩාත් ඔප් නංවන දිනය ලෙසත් හඳුන්වන්න පුළුවන්.

එහෙත් ඒ දිනයේදී මනාලිය විසින් පැලඳීමට නිවැරැදි ආභරණ තෝරා නොගතහොත් ඒ ඔපය එලෙසින්ම මනාලියට ලබාගත නොහැකි වෙනවා. සාමාන්‍යයෙන් මනාලිය අඳින විලාසිතාව අනුව ආභරණද වෙනස් වන අතර ඇඳුමේ පැහැය අනුව ආභරණ පැහැයද ගැළවිය යුතු වෙනවා. මංගල දිනයේදී ඔබ බටහිර පන්නයට හැඩවීමට සූදානම් වන යුවතියක නම් ඔබේ ආභරණ සඳහා නිල් ගල් වර්ග වඩාත් යෝග්‍ය බව කිව යුතුයි.

ඔබ ආභරණ තෝරා ගැනීමේදී සැලකිලිමත් විය යුතු ප්‍රධාන කරුණක් තිබේ. ඒ ඔබේ මුහුණේ හැඩය පිළිබඳයි. ඔබේ මුහුණ ඕවල් හැඩැති මුහුණක් නම් අඟල් 3 - 5 ක් හෝ ඊට අඩු ප්‍රමාණයේ කරාඹු පැළඳිය යුතුයි. ඔබේ මාලය දිගු හෝ කෙටි වූවාට වරදක් නැත. ඔබට රවුම් හැඩැති මුහුණක් ඇත්නම් ඔබ තෝරාගත යුත්තේ රවුම් නැති ආභරණයි. ඩයමන්ඩ් හැඩයේ මුහුණක් ඇති ඔබට එල්ලෙන කර්ණාභරණ වඩාත් යෝග්‍ය වන අතර එමගින් මුහුණේ පළල වැඩි කිරීමට සමත් වනු ඇත. ගෙලටම ඇති මාල පැලඳීමෙන් ඔවුන්ගේ නිකටෙහි ඇති උල් හැඩය අවම කරගත හැකිය.

ඔබට ඇත්තේ ත්‍රිකෝණාකාර හෝ හතරැස් ආකාරයේ මුහුණක් නම් ඕවල් හැඩයේ ආභරණ වඩාත් යෝග්‍ය වනු ඇත. එසේම හතරැස් හැඩයේ මුහුණක් හිමි මනාලියට කඳුළු බිංදුව හැඩයේ කර්ණාභරණ ගැළපෙනු ඇත. එවැනි අයට බෙල්ලෙහි විශාල පෙදෙසක් ආවරණය වන සේ මාල පැලැඳීම ඉතාම සුන්දරය. ලැඳී සෘජු කෝණාස්‍ර හැඩයේ මුහුණක් හිමි ඔබට රවුම් ආභරණ පැලැදීමෙන් මුහුණේ හැඩය දිගුකර පෙන්වන අතර දිගු ගෙලක් ඇත්නම් බෙල්ලටම ඇළුණු මාල වඩාත් උචිත වේ. එමනිසා ආභරණ මිලදී ගැනීමේදී සමේ පැහැය වගේම මුහුණේ හැඩය ගැනත් අවධානයක් යොමු කළ යුතුමයි. සුදු පැහැති සමක් හිමි මනාලියට වඩාත් සුදුසු වන්නේ රිදී, ප්ලැටිනම්, සුදු රත්තරන් වැනි වර්ණයි.

දුඹුරු පැහැති සමක් හිමි ඔබට රන් සහ තඹ පැහැයන් වඩාත් යෝග්‍ය වන අතර සුදු සහ දුඹුරු අතර මැද පවතින සමට සුදු මුතු සහ දියමන්තිවලින් සැකසූ ආභරණ සුදුසු වේ. මෙවැනි අයට රෝස, දම්, නිල්, රතු වැනි පැහැති ආභරණ ද, ගැළපෙනු ඇත.

තද පැහැති සමක් හිමි මනාලියට කොරල්, රත්තරන්, දුඹුරු, තැඹිලි කහ පීච් වැනි වර්ණ ආභරණ පැලැදීමෙන් ඇගේ සුන්දර බව තවත් ඔපමට්ටම් වනු ඇත.

හෙට දිනයේ මනාලියක වන්නට සූදානම් වන ඔබ ඔබේ සමේ පැහැය සහ මුහුණේ හැඩය හඳුනාගෙන ඒ අනුව සුදුසු ආභරණ කට්ටලය තෝරා ගැනීමට හැකි නම් ඔබටත් ඔබගේ මංගල දිනයේදී කැපී පෙනෙන සුවිශේෂීම තරුව බවට පත්වන්නට හැකි වේ.

 

උදයංගනී ලියනආරච්චි 

8224 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2015 දෙසැම්බර් 08, අඟහරුවාදා 11:01
අදහස් එක් කිරීමට ලොග් වෙන්න