තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

රූපලාවන්‍ය ශිල්පින් සිරස්තල

කොණ්ඩා සැකසුම් සිරස්තල

මල් කළඔ සිරස්තල

මෙහෙන්දි රටා සිරස්තල

රූපලාවන්‍ය සිරස්තල

ආභරණ සපයන්නෝ සිරස්තල

සාරි සිරස්තල

2016 ජනවාරි 04, සඳුදා 14:49

බලාජියෝ ටෙක්නික් විශේෂාංග

ලිව්වේ  මංජුලා මල්කාන්ති
අගයන්න
(1 මනාපය)
 මේ දවස්වල දිගටම පාටි. මේ හැම පාටි එකකටම කැපිලා පේන විදිහට ලස්සනට යන්නත් ඕනෙ. ඇඳුම් පැලඳුම් මේක්අප් විතරක් නෙමෙයි හෙයාර්ස්ටයිල් එකත් හරිම වැදගත්.

 

 

මුහුණට පෙනුමට හෙයා එකට ගැළපෙන්න හෙයාකට් එකක් කරගත්ත නම් ඇත්තටම ලස්සන පෙනුමක් එනවා. මේ නිසාමයි දැන් වැඩි දෙනෙක් හෙයාකට් එක ගැන වැඩි උනන්දුවක් දක්වන්නේ.

දිනෙන්තිටයි ශාක්‍යටයි පාටි එකකට ආරාධනා කරලා. පොඩි ප්‍රශ්නෙකට තිබුණේ අඳින ඇඳුම්වලට ගැළපෙන්න හෙයාකට් එක කරලා නැති එකයි.

මේ නිසා අලුත්ම හෙයා කට් එකක් කරලා කොණ්ඩෙ ලස්සනට සෙට් කරගන්න දෙන්නටම අවශ්‍ය වුණා.

හරි ඔය දෙන්නගෙම හෙයා එක ලස්සන ස්ටයිල් එකකට මම සෙට් කරලා දෙන්නම්. සැලෝන් ජීවා එකට ගොඩවුණු ශාක්‍යටයි දිනෙන්තිටයි එහෙම කිව්වේ රූපලාවණ්‍ය ශිල්පී ජීවන් ගුණසේකරයි.

කොහොමද ජීවා මේ දෙන්නගේ හෙයාකට් එක කළේ?

දිනෙන්තිගේ හෙයා එක මම ක්‍රියේට් කළේ බලාජියෝ ටෙක්නික් එකට අනුවයි. හෙයා එක වී ෂේප් එකට අරගෙන ක්‍රියේට් කරලා මම හෙයාකට් එක නිර්මාණය කළා. ලෙන්ත් එක වැඩියෙන් අයින් කළේ නෑ. දිනෙන්තිගේ කොණ්ඩේ ඝනත්වය අඩුනිසා මම එයාගේ කොණ්ඩේ ප්‍රමාණය වැඩියෙන් පෙනෙන ආකාරයට හෙයාකට් එක කළා. දැනට තියෙන අලුත්ම ජනපි‍්‍රයම හෙයාකට් එකකට අනුවයි මම දිනෙන්තිගේ කොණ්ඩය සෙට් කළේ.

ශාක්‍ය අලුත්ම විලාසිතා පි‍්‍රය කරන කෙනෙක්. මේ නිසා ශාක්‍යට ඕනෙ වුණේ දැනට තියෙන නවීන පන්නයේ අලුත්ම හෙයාකට් එකක්. ශාක්‍යගේ කොණ්ඩේ ලෙන්ත් එක දිග නිසා ඒ අනුව

 ඔහුගේ හෙයාකට් එක නිර්මාණය කරන්න මම තීරණය කළා. මම ශාක්‍යගේ හෙයාකට් එක කළේ ඛඥඵබ ක්‍රමයටයි. මෙය ඉතාමත් පැරැණි තාලේ හෙයාකට් එකක්. නමුත් මම මෙහිදී ලොකු වෙනස්කම් කීපයක් කළා. ඔහුගේ මුහුණේ හැඩය අනුව කොණ්ඩේ වඩාත් කොට කිරීම සුදුසු වන්නේ නෑ. ඉන් එහි පෙනුම නැති වෙන්න පුළුවන්. ඒ නිසා කොණ්ඩයට වැඩි පෙනුමක් එන ආකාරයට ෂෝල්ඩර් ලෙන්ත් එකට එන විදිහට හෙයාකට් එක කළා.

මෙයත් නවීන විලාසිතා පි‍්‍රය කරන තරුණයන්ට වඩාත් සුදුසු හෙයාකට් එකක්.

ෂා. දැන්නම් දෙන්නම හොඳට මැච් වෙනවා.

ඒ ඉතිං ජීවා නිසානේ.

  හෙයාකට් නිර්මාණය ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පී ජීවන් ගුණසේකර

සැලෝන් ජීවා කඳාන 

11000 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2016 ජනවාරි 04, සඳුදා 14:51
අදහස් එක් කිරීමට ලොග් වෙන්න