තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

කොණ්ඩා සැකසුම් සිරස්තල

මල් කළඔ සිරස්තල

මෙහෙන්දි රටා සිරස්තල

රූපලාවන්‍ය සිරස්තල

ආභරණ සපයන්නෝ සිරස්තල

සාරි සිරස්තල

2016 ජනවාරි 12, අඟහරුවාදා 11:17

එදා ABBA වෙතින් නිමැවූ මංගල ඇඳුමින් සැරසුණු පියවරු අද තම පුතුන්වත් මෙහි කැඳවාගෙන එනවා

Written by 
අගයන්න
(0 මනාප)
 ABBA INTERNATIONAL DESIGNS නාමය ඔබට අලුත් දෙයක් නොවෙයි. විවාහ මංගල ඇතුළු අනෙකුත් උත්සව අවස්ථාවලට සරිලන මහත්වරුන්ගේ ඇඳුම් වෙනුවෙන් ABBA නාමය. ජනප්‍රියත්වයේ ඉහළ තළයක පැවතීම ඊට හේතුවයි.

 

මේ එහි කළමනාකාර අධ්‍යක්ෂ කණුෂ්ක සුරියබණ්ඩාර මහතාගෙන් අප කළ සුවිශේෂී විමසුමකි.

 

මේ වනවිට පිරිමි මංගල නිමි ඇඳුම් වෙනුවෙන් තිබෙන්නේ තරඟකාරී වෙළෙඳපොළක්, ඒ අතර ABBA ඉන්ටර්නැෂනල් සුවිශේෂී වන්නේ ඇයි?

යුගයෙන් යුගයට කාලයත් සමග විලාසිතාද අලුත් වෙනවා. ඒ වෙනසට අනුගත වෙමින් දශක 3කට ආසන්න කාලයක් අප ආයතනය පාරිභෝගික විශ්වාසය දිනාගෙන තිබෙනවා. ඇත්තෙන්ම කියන්න සන්තෝෂයි අද අප ඉන්නේ එදා තම විවාහ මංගල්‍ය දා ABBA වෙතින් නිමුවුණු මංගල ඇඳුමින් සැරසුණු පියවරුන් තම පුතුන් අප වෙත කැඳවාගෙන එන යුගයකයි. එදා මෙන් අදත් ABBA ඉන්ටනැෂනල් සුවිශේෂී වෙන්නේ පාරිභෝගික ප්‍රසාදය නිසයි.

 වසර 27 කට පෙර ඔබේ පියා ඇරැඹු මෙම ව්‍යාපාර අද පවත්වාගෙන යන්නේ ඔබයි. තවමත් ලාබාල වයසෙහි පසුවන ඔබට එය අභියෝගයක් නේද?

මගේ පියා වන රාජිත සූරිය බණ්ඩාර මේ ව්‍යාපාරය ආරම්භ කළේ මම ඉපදෙන්නටත් පෙරයි. ඉතින් මා හැදී වැඩුණේ මේ මැහුම් කලාවත් එක්ක මුහු වු වටපිටාවක් තුළමයි. එනිසාම මේ ක්‍ෂේත්‍රය මට අලුත් දෙයක් නොවෙයි.

ඒ වගේම දිනෙන් දින දියණු ලෝකයත් එක්ක ඉදිරියට යන්න නම් නව තාක්ෂණයත් එක්ක මේ ගමන යා යුතුයි. මා උසස් අධ්‍යාපනය හැදෑරුවේ තොරතුරු තාක්ෂණ ක්‍ෂේත්‍රයේන් පියාගේ නිර්මාණ කලාවට මා අධ්‍යාපනය තුළින් ලත් දැනුම එක්කරමින් වඩා කඩිනම් ආකර්ෂණීය සේවාවක් පාරිභෝගිකයාට ලබාදෙන්න ABBA ඉන්ටර් නැෂනල් ආයතනයට හැකියාව ලැබී තිබෙනවා.

 වර්තමානයේ වඩා ජනප්‍රිය විලාසිතා මොනවාද?

විවාහ මංගල උත්සව වගේම අනෙකුත් උත්කර්ෂවත් අවස්ථා වෙනුවෙන් නිර්මාණය කරන ලද විලාසිතා බොහොමයක් ABBA ඉන්ටර් නැෂනල් සතුව තිබෙනවා. ඒ අතර විශේෂයෙන්ම දේශීය ආරිය සිංහල ඇඳුමත් යුරෝපීය Full Suit, Tuxedo  වැනි විලාසිතා වඩාත් ජනප්‍රියයි.

ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍යයේ යටත් විජිතයක් ව පැවති නිසා British Tuxedo  වැනි විලාසිතා ලෝකයේ බොහෝ අනෙකුත් රටවල් වලට වඩා ඉතා ඉක්මණින් අප රටට සමීප වී ඇත.

සාම්ප්‍රදායික ආරිය සිංහල ඇඳුම සුදු පැහැය වුණන් අළු, දුඹුරු වැනි වර්ණද වත්මන් තාරුණ්‍යයේ වැඩි අවධානයට ලක්වී තිබෙනවා.

එසේම එම්බ්‍රොයිඩර්, එම්බෝස් වර්ක් සහ කට්වර්ක් වලින් අලංකාර කළ යුරෝපීය ඇඳුම්ද වඩාත් ජනප්‍රියයි.

විලාසිතා වර්ග වගේම වර්ණද කාලයත් සමග වෙනස් වෙනවා. ෆුල් සුට් වල නිල් පැහැය වඩා ජනප්‍රිය වුණු කාල වකවානුවක් තිබුණා. ඉන්පසු කළු පැහැය ජනපි‍්‍රය වුණා. දැන් යළිත් නිල් පැහැය ජනප්‍රිය වෙමින් පවතිනවා.

ඊට අමතරව ඉන්දියානු කුර්තා විලාසිතා සහ පකිස්තාන් ඇඳුම් ද ජනප්‍රියයි.

විවාහ මංගල ඇඳුම් පිළිබඳ කතාකළොත් එදා මනාලියගේ ඇඳුමට ගැළපෙන මනාලයාගේ ඇඳුමේ Full Suit  මෝස්තර නිර්මාණය කළ කලාව අද වෙනස් වෙමින් ඔහුගේ බෝඑක, ක්‍රැච්ටි හෝ හැන්කි එක මගින් මනාලියගේ ඇඳුමට ගළපනවා බෙස්මන්ට් සහ ජේජ් බෝයිස් ලා සම්බන්ධයෙන්ද විවාහයට මෙම ක්‍රමය අනුගමනය කරනවා.

 අවසන් වශයෙන් අබා වෙතින් සේවය ලබන අයුරු සඳහන් කරමු.

ABBA  INTERNATIONAL  නවීන ලෝකය හා සැමවිටම සමගාමී ගමනක් යනවා. esearch & Development  අපේ විලාසිතා නිර්මාණයේ සැලැස්මයි. එය අපේ සාර්ථකත්වයේ රහසයි.

විලාසිතා වගේම ලෝකයේ අලුත්වන ඔබ ඇස ගැටුණු යම් විලාසිතාවක් වුවද අපගේ දක්ෂ නිර්මාණශිල්පින් අතින් නිමකරවා ගැනීමට ඔබට හැකියාව තිබෙනවා.

විවාහ මංගල්‍ය ඇඳුම් පැකේජ් ඔබගේ අවශ්‍යතාව පරිදි රුපියල් දාහතර දහසේ පටන් ලක්ෂය දක්වා මිල පරාසයක ඔබට ලබාගත හැකියි.එසේම ඔබ අපට ඇනවුම ලබාදුන් පසුව අන්තර් ජාලය ඔස්සේ එහි වත්මන් තත්වය පිරික්සමින් විශ්වාසය තහවුරු කරගැනීමට ඔබට හැකියාව තිබෙනවා.

ඉහත සියලුම සේවාවන් අපගේ ඕනෑම ශාඛාවකදී ඔබට ලබාගැනීමට පුළුවන්

පානදුර, නුගේගොඩ, ගාල්ල, පිළියන්දල සහ මොරටුව යන නගරවල ABBA ඉන්ටර්නැෂනල් හි ශාඛා පිහිටා ඇති අතර ඉදිරි කාලයේදී තවත් ප්‍රදේශ කිහිපයක නවශාඛාවන් විවෘත කිරීමට නියමිතය. වැඩිදුර තොරතුරු සඳහා අමතන්න දුරකතන අංක : 0778500500, 011-2844844.

 දිස්නා කුමාරි අල්විස්

7131 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2016 ජනවාරි 12, අඟහරුවාදා 11:31
අදහස් එක් කිරීමට ලොග් වෙන්න