තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

කොණ්ඩා සැකසුම් සිරස්තල

මල් කළඔ සිරස්තල

මෙහෙන්දි රටා සිරස්තල

රූපලාවන්‍ය සිරස්තල

ආභරණ සපයන්නෝ සිරස්තල

සාරි සිරස්තල

2016 පෙබරවාරි 29, සඳුදා 13:01

මේ ‘බ්‍රා’ එක ගැළපෙන්නේ කාටද? විශේෂාංග

Written by 
අගයන්න
(0 මනාප)
වයස ගැන හිතලා හරියටම තෝරාගන්න - කාන්තා ඔබට සොඳුරු රූ සපුවක ලාලිත්‍ය උපතින්ම උරුමයි. ඇඳුමකින් පැලඳුමකින් ද ඔබ උත්සාහ ගන්නේ එය වැඩි දියුණුකර ගැනීමටයි. ඒ සඳහා ඔබ කෙතරම් වටිනා වර්ණවත් උඩ ඇඳුම් ඇන්දත් එය ප්‍රමාණවත් නොවේ. ගැළපෙන යට ඇඳුම් භාවිතය තුළ තමයි ඔබේ රූ සපුවේ සුන්දරත්වය දෙගුණ තෙගුණ කිරීමේ රහස පවතිනුයේ.

ඔබ පාසල් යන දියණියක් එසේත් නැත්නම් නව යොවුන් වියේ පසුවන යෞවනියක් විය හැකියි. ඔබ ඔබට ගැළපෙන යට ඇඳුම් ගැන හොඳ අවබෝධයකින් පසුවිය යුතුයි. විශේෂයෙන් බ්‍රෙසියර් (බ්‍රා) එක ඇඳීමෙන් ඔබ තුළින් දිස්විය යුත්තේ යොවුන් විය මිසක තරුණියක් හෝ කිරි දෙන මවකගේ හැඩයක් නොවේ.

ටීන් ඒජ් බවට වඩා වැඩි යමක් ඔබෙන් පෙනෙන්නේ නම් එය ඔබ ඕනෑවට වඩා විරුද්ධ ලිංගික ආකර්ෂණයට ලක්වෙන හේතුවක් වේවි. එබැවින් ටීන් ඒජ් වියේ පසුවන දියණියන් තමාගේ සිරුර එල්ලා නොවැටෙන වගේම පපුව විශාලකර නොපෙන්වන බ්‍රා තෝරා ගතයුතුයි. පියයුරු අතර ඇති රේඛාව (ක්ලීවේජ්) අනවශ්‍ය තෙරපුමකට ලක් නොවන බ්‍රා ඔබට වැඩි සුන්දරත්වයක් එක් කරයි.

තරුණ වියේ පසුවන යුවතියන්ට ආකර්ෂණීය බවක් ගෙන එන්නේ පියයුරු අඩක් වැසෙන සේ ඇති බ්‍රා විශේෂයයි. ඒ තුළින් ඇගේ සොඳුරු රූ සපුවට සැබෑම හැඩයක් මවයි.එසේම කාර්යාලීය සේවයේ නියුතු නිතර සාරියකින් හැඩවන කාන්තා ඔබට ඔබේ සිරුරේ හැඩය හා ප්‍රමාණය අනුව ‘ඩී කප්’ හෝ ඊට විශාල ප්‍රමාණයේ කප් සහිත බ්‍රා ගැළපේ. ඔබට සිරුරේ හැඩයට වඩා අඩු ප්‍රමාණයේ පියයුරු යුවළක් ඇත්නම් පැඩඩ් බ්‍රා තෝරා ගත හැකියි. එයින් සැබෑම පිරිපුන් සිරුරක උරුමකාරිය වන්නට පුළුවන්.

ඔබ කිරිදෙන මවක් නම් එසේත් නැතිනම් අසාමාන්‍ය මහතක් ඇති යුවතියක් නම් ඔබ අඳිනා බ්‍රා එක මඟින් ඒ බව තවදුරටත් සැඟවිය යුතු නොවේ. මෙහිදී බ්‍රා කප් යටින් කුඩා වයරයක් ඇති බ්‍රා තෝරා ගැනීමට තරම් ඔබ දැනුවත් විය යුතුයි. එවැනි බ්‍රා මඟින් පියයුරුවලට කදිම සහයෝගයක් ලැබේ.

එල්ලා වැටෙන, විශාල ළැමක් ඇති ඔබට ගැළපෙන හොඳම බ්‍රා විශේෂය මෙයයි. කිරි දෙන මවක දකින අයට ඇය කෙරෙහි පහන් හැඟීමක් ඇති කරවන්නට හැකි බ්‍රා තෝරා ගන්නත් නිතරම බුද්ධිමත් විය යුතුය. එය ඔබ අනවශ්‍ය කරදරවලට පැටලීමෙනුත් වළකාලයි.


ඔබ සාදයකට හෝ උත්සවයකට සහභාගි වන යුවතියක් නම් ඔබේ උඩ ඇඳුමකින් බ්‍රා පටිය පිටත පනින ආකාරයට ඇඳුම නොඇඳීම වැඳගත්. ඒ සඳහා ඔබ කළයුත්තේ බ්‍රා පටි රහිත පැඩඩ් බ්‍රා පමණක් ඇඳීමයි. පැඩඩ් බ්‍රා තෝරා ගැනීමේදී අඟල් 28 සිට අඟල් 44 දක්වා ලබා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් අඟල් 32 අඳින යුවතියක් පැඩඩ් බ්‍රා එක තෝරා ගත යුත්තේ අඟල් 36 ප්‍රමාණයෙනි. එමෙන්ම වයර් සහ ලේස් බ්‍රා සඳහා ද මේ දිනවල ඉහළ ඉල්ලුමක් පවතී.

සැමවිටම යට ඇඳුම් තෝරා ගැනීමේදී ඔබේ තේරීම නිවැරැදි දැයි බැලීමට උඩ ඇඳුම් ඇඳ සෘජුව හිටගෙන හොඳින් අත එහා මෙහා දිගහැර බලන්න. එමඟින් සුවපහසු බවක්, ක්‍රමානුකූල බවක් දිස්වේ නම් ඔබේ තෝරා ගැනීම වඩාත් නිවැරැදියි.

ඔබ ඔබේ වයස ඔබ සිටිනා භූමිකාව ගැන හොඳින් සිතා බලා මෙවැනි යට ඇඳුම් තෝරා ගන්නේ නම් අනෙකකුගේ අනවශ්‍ය විහිළුවකට, කරදරයකට පත් නොවේවි.

අචිනි ලක්මාලි චන්ද්‍රසේකර

8169 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2016 පෙබරවාරි 29, සඳුදා 13:09
අදහස් එක් කිරීමට ලොග් වෙන්න