තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

කොණ්ඩා සැකසුම් සිරස්තල

මල් කළඔ සිරස්තල

මෙහෙන්දි රටා සිරස්තල

රූපලාවන්‍ය සිරස්තල

ආභරණ සපයන්නෝ සිරස්තල

සාරි සිරස්තල

2016 ජූනි 23, බ්‍රහස්පතින්දා 11:43

මනාලියගේ හැඩගැන්වීම සහ විලාසිතා ගැන වැඩි අවධානය වැදගත් විශේෂාංග

ලිව්වේ  මංජුලා මල්කාන්ති
අගයන්න
(1 මනාපය)
 මනාලිය මෙන්ම මනාලියගේ වැඩිහිටියන් ද බලාපොරොත්තු වන්නේ මනාලියක වන දිනයේ එම යුවතිය අතිශයින්ම සුන්දර මනාලියක වනු දකින්නටයි. මේ නිසාම මනාලියගේ හැඩගැන්වීම ගැන ඇයගේ විලාසිතා ගැන වැඩි අවධානයක් යොමුකිරීම ඉතාමත් වැදගත් වනවා.

 

හේතුව මේ සියල්ලෙන්ම පරිපූර්ණ වූ මනාලියක් බවට ඇය පත්වන්නේ නිසි පරිදි ඇයගේ හැඩගැන්වීම සිදුවුවහොත් පමණක් වන නිසායි

එහෙමනම් මනාලියක වන ඔබ මෙන්ම ඔබ මනාලියක ලෙස හැඩගැන්වන රූපලාවණ්‍ය ශිල්පිනිය හෝ ශිල්පියා මෙම කාර්යභාරය ගැන වැඩි අවධානයකින් වැඩි කැපවීමකින් කටයුතු කිරීම ඔවුන්ගේ වගකීමක්ම මෙන්ම යුතුකමක් ද වෙනවා. මේ සඳහා මනාලියගේ නිවැරැදි සුදානම ඇයගේ සුන්දර මනාලියක වීමේ සිහිනය සැබෑ කරන්නට ඉවහල් වනවා.

ඇත්තෙන්ම මනාලියක වන ඇය තමන්ගේ හැඩගැන්වීම් ගැන විලාසිතාවන් ගැන සැලකිලිමත් විය යුත්තේ මොන ආකාරයෙන් ද ?

මනාලියක් තම මංගල දිනය තීරණය කරගැනීමෙන් පසුව මුලින්ම කළ යුතු කාර්යයන් අතරින් වැදගත්ම කාර්යය වන්නේ තමන්ගේ හැඩගැන්වීම සඳහා රූපලාවණ්‍ය ශිල්පිනියක් හෝ ශිල්පියෙක් තෝරා ගැනීමයි

මෙහි දී රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ මනා පළපුරුද්දක් ප්‍රවීණත්වයක් ඇති රූපලාවණ්‍ය ශිල්පිනියකු හෝ ශිල්පිනියක තෝරාගන්නට සැලකිලිමත් වීම වැදගත් හේතුව ඔහුගේ හෝ ඇයගේ අතින් සිදු කෙරෙන කාර්යබාරය මත මනාලියගේ හැඩගැන්වීම්වල සාර්ථකත්වය රඳාපවතින නිසයි.

අඩුම තරමින් මාස තුනකට කලින්වත් ඔබ රූපලාවණ්‍ය ශිල්පිනිය හමුවිය යුතුයි. ඔබ තෝරාගන්නා ලද මංගල දින තේමාව ඔස්සේ ඔබ සැරසෙන ආකාරය එනම් උඩරට හෝ පහතරට හෝ බටහිර මනාලියක ලෙස ද යන්නත් වඩාත් ගැළපෙන විලාසිතාවන් හා ඊට අදාළ වර්ණයන් ගැනත් දෙවන මනාලියන්ගේ සහ මල් කුමාරියන්ගේ ඇඳුම් විලාසිතා වර්ණ සහ ආභරණ මල් කළඹ ආදිය පිළිබඳවත් රූපලාවණ්‍ය ශිල්පිනිය සමග සාකච්ඡා කොට වඩාත් සුදුසු දේ තෝරාගත යුතුය.

මෙහි දී ඇතැම් මනාලියන් විවිධ ලෙස හැඩගැන්වී ඇති වෙනත් මනාලියන්ගේ විලාසිතා රැගත් පුවත්පත් හෝ සඟරා ආදිය රැගෙන ගොස් ඒ ආකාරයෙන් තමා හැඩගන්වන ලෙස පවසන අවස්ථාවන් ද තිබෙනවා. නමුත් ඔබ වඩාත් සැලකිලිමත් විය යුතු වන්නේ එහි සිටින නිරූපිකාවගේ එම විලාසිතාවන් ඔබටත් ඒ ආකාරයෙන්ම ගැළපෙනවාද යන්න ගැනයි. එහි සිටින්නේ වෙනත් කෙනෙක්. ඔබ තවත් කෙනෙක්. සමහර විට ඇගේ සිරුරට ඇගේ පෙනුමට ගැළපෙන විලාසිතා ඔබේ සිරුරේ ස්වභාවයට අනුව නොගැළපෙන්නට පුළුවන්. කිසිවිටෙකත් තමාගේ මංගල දිනයේ තමාට සුදුසු විලාසිතාවන් හැරෙන්නට අන් අයගේ විලාසිතාවන් ඔබේ හැඩරුවට ගළපා ගන්නට උත්සාහ කරන්නට එපා. ඇතැම් විට ඔබේ මංගල ඇඳුම ලෙස ඔබ තෝරාගත් විලාසිතාවන් ඔබට නොගැළපෙනවානම් එය ඔබට නුසුදුසුනම් ඔබ හැඩගන්වන රූපලාවණ්‍ය ශිල්පියා හෝ ශිල්පිනිය එය ඔබට වටහා දෙනු ඇති. නිවැරැදි දේ ඔබට වටහාදීම පළපුරුදු රූපලාවණ්‍ය ශිල්පියා හෝ ශිල්පිනියගේ වගකීමක් මෙහි දී වඩාත් සුදුසු වන්නේ රූපලාවණ්‍ය ශිල්පියාගේ උපදෙස් මත ඔබේ කැමැත්තට සරිලන විලාසිතාවන් නිවැරදිව තෝරා ගැනීමයි

ඔබේ ඇඳුම් විලාසිතාව සහ වර්ණයන් තෝරාගත යුත්තේ කෙලෙස ද ?

මනාලියකට විලාසිතා සහ වර්ණ තෝරා ගැනීමේ දී අවධානයට යොමුවිය යුතු කරුණු තියෙනවා. මෙහි දී ඇයගේ සිරුරේ හැඩය සමේ වර්ණය පිළිබඳ සැලකිලිමත් විය යුතු වනවා. සමහර විලාසිතා සහ වර්ණ නිසා මනාලියගේ සිරුරේ ස්වභාවය වෙනස් වී පෙනෙන්නට පුළුවන්. සමහර මනාලියන්ගේ සිරුර මහත් බවක් දක්වන අතර තවත් කෙනෙකුගේ පෙනුම ඉතාමත් සිහින් බවක් දක්වන්නට පුළුවන්. මෙය අවධානයට යොමුවිය යුතු කරුණක්.

මහත මිටි සිරුරක් ඇති අයෙක් නම් දික් අතට යොදන ලද මෝස්තරයක් සහිත සාරි හෝ රෙදි මංගල ඇදුම් නිර්මාණය සඳහා තෝරාගත යුතුයි. මෙවැනි අය ලොකු බෝඩර් හෝ එසේ නැතිනම් සාරිය පුරාම පැතිරීගිය ලොකු මොස්තර සහිත බෝඩර් තෝරා නොගත යුතුයි. මෙවැනි සාරි තෝරා ගතහොත් ඔවුන් වෙතින් වැඩිහිටි බවක් වයසින් වැඩි බවක් පෙන්නුම් කෙරෙනවා. මේ අයට පැහැයෙන් වැඩි වර්ණ තෝරාගත හැකියි.

සිහින් උස සිරුරක් ඇති යුවතියකට නම් හරස් අතට යෙදූ මෝස්තරවලින් යුත් සාරි තෝරා ගන්නට පුළුවන්. සාමාන්‍යයෙන් කෙට්ටු සිරුරක් ඇති අයට වුවත් වඩාත් ලොකු මෝස්තර බෝඩර් සහිත සාරි ගැළපෙන්නේ නැහැ. සාරිය පුරාම විහිදී ගිය ආකාරයේ මෝස්තර මේ අයට සුදුසුයි. ඒ වාගේම උරහිසේ සිට පපුව ප්‍රදේශය මතට එන සාරි පොට සිරුර ස්වභාවයේ මෝස්තරයෙන් සහිත වීමට ලස්සන පෙනුමක් ගෙන දෙනවා.

වර්ණ තෝරා ගැනීමේ දී සැලකිලිමත් විය යුත්තේ මොන ආකාරයෙන් ද ?

මනාලියගේ ඇඳුම් තෝරාගැනීමේදී වර්ණ ගැනත් අවධානය යොමු විය යුතුයි. මෙහි දී මනාලිය ගේ සමේ පැහැය පිළිබඳවත් සැලකිලිකිමත්වීම වැදගත්. ගැළපෙන වර්ණ තෝරා ගැනීමේ දී සුදු සමක් ඇති අය සඳහා පියෝ වයිට්, ඕෆ් වයිට්, අයිවරි කලර්, ෂුගර් වයිට් වැනි වර්ණ සුදුසු වුවද තද පැහැති සමක් ඇති අයෙක් සඳහා එම වර්ණ සුදුසු නොවේ. තලෙළු හෝ පැහැයෙන් වැඩි අයට ගන්නා වර්ණ තද පැහැයට හුරු වර්ණ විය යුතුයි. කළු පැහැති සමක් ඇති අයට සුදු වර්ණ හෝ ලා වර්ණ යොදැගනීම සුදුසු වන්නේ නැහැ. හේතුව ඔවුන්ට එවන් වර්ණ යොදැගැන්මෙන් සමේ කළු පැහැය මතු වී පෙනිය හැකි නිසායි. එවන් මනාලියකට බිස්කට් කලර් කොපර් කලර්, ඩල් ගෝල්ඩ් වැනි වර්ණ සුදුසු වේ. මධුසමයට (ගොයින්අවේ) පිටත්ව යාමේදී නිර්මාණය කෙරෙන ඇඳුම සිරුර නිරාවණය නොවන ආකාරයෙන් විය යුතු අතර තෝරා ගන්නා වර්ණ ලා රෝස, එනම් බේබි ක්‍රිම් පවුඩර් ක්‍රිම්. පැහැයෙන් අඩු පීච් කලර් වයිට් ඔරේන්ජ් වීම වඩා සුදුසුයි. මේ කාලයේ බෝහෝවිට තද වර්ණ නොගන්නා අතර වැඩි වශයෙන් තෝරා ගැනෙන්නේ ඇසට සෞම්‍ය වර්ණයි.

මනාලියට තෝරාගන්නා සාරියේ වර්ණයට අනුව දෙවැනි මනාලියගේ සහ මල් කුමාරියන්ගේ ඇදුම්වල වර්ණ තෝරාගත යුතුයි. ඊට අමතරව මනාලියට තෝරාගත් වර්ණයට අනුව මනාලයගේ ඇඳුමේ වර්ණයන් මල් කුමාරියන්ගේ වර්ණයන් - මංගල කාඩ්පත මංගල කේක් ආකෘතිය කේක් පෙට්ටි, මල් සැරසිලි. උත්සව ශාලාවේ ආලෝකකරණය ආදිය ද එකිනෙකට ගැළපෙන ලෙස සිදුකරගැන්ම වැදගත් වෙයි.

උපදෙස් - ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පිනි ලංකා කුමාරි සුමනසේකර

ලක් රූ සැලෝන්

14062 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2016 ජූනි 23, බ්‍රහස්පතින්දා 11:51
මේ යටතේ එන අනෙකුත් ලිපි: « My Style My Style Beauty »
අදහස් එක් කිරීමට ලොග් වෙන්න