තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

කොණ්ඩා සැකසුම් සිරස්තල

මල් කළඔ සිරස්තල

මෙහෙන්දි රටා සිරස්තල

රූපලාවන්‍ය සිරස්තල

ආභරණ සපයන්නෝ සිරස්තල

සාරි සිරස්තල

2016 ජූලි 05, අඟහරුවාදා 10:37

මුල් වරට අඳින බ්‍රෙසියරයේ ප්‍රමිතිය ගැන සැලකිලිමත්වන්න විශේෂාංග

ලිව්වේ  මාලනී වේරගොඩආරච්චි
අගයන්න
(3 මනාප)
 නව යොවුන් වයසේ පසුවෙන දියණිය ශාරීරිකව ස්ථුල ස්වභාවයට පත්වී පමණට වඩා විශාල ලෙස වැඩුණු පියයුරු සහිතව සමාජයට මුහුණ දෙන්නට නොහැකිව මහත් අසහනයෙන් පසුවෙනවාද? ඇයගේ සිරුරේ හැඩයට ගැළපෙන ලෙස නිසි ප්‍රමිතියට අනුව සැකසූ බ්‍රෙසියරය මෙම ගැටලුවට විසඳුමක් ලෙස තෝරා ගන්නට ඔබට හැකියි.

 

පියයුරු ආශි‍්‍රතව මතුවෙන නොයෙක් ගැටලුවලට විසඳුම් සපයා ඒ ඒ අයගේ ශාරීරික ගැටලුව හඳුනාගෙන එයට නිසි පිළිතුර ලබා දෙන ඇඳුමක් වූ බ්‍රෙසියරය මසා දීමෙන් අනගි සේවයක් සපයන නෙරංජලී විජයවර්ධන නම් දිරිය කත පසුගියදා ලේක්හවුස් පඩි පෙළ නැංගේ ඇගේ සේවාව ගැන ඔබට කියන්නටයි.

“ශරීරයේ ප්‍රමාණයට ගැළපෙන ලෙස නැතිව පියයුරු කුඩා වුණත් පමණට වඩා විශාල වුණත් ඒ දෙකම ගැටලුවක්. ප්‍රශ්නයට මුහුණ දෙන කෙනා තමයි මෙවන් ගැටලු නිසා ඇතිවන මානසික පීඩාව දන්නේ. මම එවන් ගැටලු සහිත යුවතියන්ට ඔවුන්ගේ ගැටලුව හඳුනාගෙන විසඳුම් සපයා දෙනවා. ඒ අවශ්‍යතාව අනුව ශරීරයට ගැළපෙන ලෙස ප්‍රමිතියෙන් යුත් බ්‍රෙසියර් මසා දීමෙන්.”

අද ඔබේ පුංචි දියණිය තව දින කිහිපයකින් වැඩිවියට පත් යොවුන් දියණියක ලෙස සමාජයට පිවිසේවි. ඇය එයින් පසු වඩ වඩාත් සමාජයේ අවධානයට ආකර්ෂණයට ලක්වේවි. අම්මා කෙනකු ලෙස ඔබ ඇගේ ශරීර සෞඛ්‍යය, ආරක්ෂාව හා ශරීරයේ බාහිර ස්වරූපය ගැන වැඩි වැඩියෙන් සිතන්නට ඕනෙ කරන කාලයක් තමයි මේ නව යොවුන් වයසේ ගත කරන කාල සීමාව.

ප්‍රමිතියක් ඕනෑ

යොවුන් දියණිය බාහිර අලංකාරයට කැමැතියි. ඒ නිසා වෙළෙඳපොළෙන් මිලදී ගන්නා අලංකාරයට මිස ප්‍රමිතියට තැනක් නොදුන් බ්‍රෙසියර් තෝරා ගන්නවා. එක් එක් දියණියන්ගේ ශරීර එකිනෙකට වෙනස්. නමුත් වෙළෙඳපොළේ ඇත්තේ එකම මිම්මකට අනුව සැකසූ යට ඇඳුම්. සමහර දියණියන්ගේ පිට ප්‍රදේශයට වඩා පපුව ලොකුයි. සමහරකුගේ පපුවට වඩා පිට ප්‍රදේශය ලොකුයි. මේ නිසා කාටත් ගැළපෙන බ්‍රෙසියරයට වඩා තමාගේ ඇඟට ගැළපෙන බ්‍රෙසියරය තෝරා ගැනීමයි වැදගත්.

සාමාන්‍යයෙන් යට ඇඳුමක ගැළපීම වඩාත් අවශ්‍ය වන්නේ කෙට්ටු යුවතියට වඩා ස්ථුල ශරීර ඇති යුවතියටයි. අනෙක් කරුණ වන්නේ මේ යොවුන් යුවතියන් මුල් වරට අඳින බ්‍රෙසියරය ඇගේ ඉදිරි කාලයේ ශරීර හැඩය පවත්වා ගැනීමට සාධකයක් වීමයි. ඒ නිසා මුල් වරට අඳින බ්‍රෙසියරය ප්‍රමිතියෙන් යුතු එකක් වීම බෙහෙවින් වැදගත්.

එසේ නොමැතිව හිතුමතේ මිලදී ගෙන අඳින බ්‍රෙසියර් නිසා පසුකාලීනව විවිධ ගැටලු මතු වෙනවා. බොහෝ දියණියන්ට ශරීරයේ ප්‍රමාණයට වඩා විශාල පියයුරු ඇතිවීමට මූලික හේතුව මෙසේ ප්‍රමිතියෙන් තොර බ්‍රෙසියර් භාවිතයයි.

අතුරු ආබාධ

යෞවනියන් සුන්දර රූ සපුවකට කැමැතියි. නමුත් පියයුරු විශාල ලෙස වර්ධනය වී පිට ප්‍රදේශයෙන් කිහිලි ප්‍රදේශයෙන් මස් නෙරා එන්නේ නම් ශරීරය අවලක්ෂණ ස්වභාවයට පත්වෙන අතර මොන තරම් අලංකාර ඇඳුමක් වුවත් අඳින්නට ඇයට නොහැකි වෙනවා. මේ තත්ත්වය සමනය කරගන්නටත් රූපලාවණ්‍යය ආරක්ෂාකර ගන්නටත් අන්තිමේදී සැත්කම්වල පිළිසරණ පැතීමටයි ඇයට සිදුවෙන්නේ. නමුත් සැත්කම් නිසා අතුරු ආබාධ ඇතිවීමේ ප්‍රවණතාවක් ද තිබෙනවා. එමෙන්ම විශාල පියයුරු තිබීම යොවුන් දියණියට මානසික වශයෙන් පීඩාවක්. ඇය සෙනඟ ගැවසෙන ස්ථානයකට යන්න කැමැති නැහැ. බොහෝ විට සිටින්නේ අතින් පපුව ප්‍රදේශය ආවරණය කරගෙනයි. බස් රියට නැඟුණත් අන් අයගේ සිනාවට, අනවශ්‍ය තෙරපීම්වලට, උසුළු විසුළුවලට ලක්වීමට ඇයට සිදුවෙනවා. මේ තත්ත්වය අවසානයේ ගැටුමක් දක්වා වර්ධනය වෙන්නත් පුළුවනි.

විසඳුමක් සොයමු

යොවුන් දියණියට මුල්වරට අඳින්නට දෙන බ්‍රෙසියරය ප්‍රමිතියෙන් යුතු එකක් නම් අනාගතයේ ඇතිවිය හැකි බොහොමයක් ගැටලු විසඳී අවසන්. විශාල ලෙස ශරීරයට නොගැළපෙන ලෙස පියයුරු වර්ධනය වීම වළක්වා ගන්නට නිසි ප්‍රමිතියෙන් යුතු බ්‍රෙසියරයකට හැකියාව ඇති බව දැන ගැනීම ඔබ පුදුමයට පත් කරාවි. ඒ සඳහා විශේෂයෙන්ම සැකසූ බ්‍රෙසියර් තිබෙනවා. මෙම බ්‍රෙසියර් ඇඳීමෙන් ශරීරයට සුවපහසු බවක් ලැබෙනවා. විශාල පියයුරු නිසා ඇතිවෙන උරහිස් වේදනාව, කොන්දේ වේදනාව වළකා ශාරීරික සහනයක් ලබාදෙනවා. ශරීරය වැඩෙන මේ කාලයේ දී ඔබේ සිඟිති දියණියගේ ශරීර අවයවත් හොඳින් වර්ධනය සිදුවෙන කාලයයි මේ. ඒ නිසා මවක් ලෙස මේ කාලයේ දියණියට ගැළපෙන යට ඇඳුම් පිළිබඳ දැනුවත් විය යුතුමයි. විශේෂයෙන් මේ වයසට අඳින්නට සුදුසු කුමන විදියේ බ්‍රෙසියරයක් දැයි අම්මා වටහා ගන්නට ඕනේ. සමහරු සිතන්නේ මේ කාල සීමාවේ දී දියණියට අඳින්නට සුදුසු ඇදෙන රෙද්දකින් මසන ලද බ්‍රෙසියරයක් කියායි. නමුත් එය වැරැදියි. එවැනි බ්‍රෙසියර් ඇඳීමේදී ශරීර වර්ධනයට ඒ මඟින් බලපෑමක් නොකරන නිසා දියණිය ස්ථුල බවට පත්වීමට පුළුවනි. මේ නිසා ශරීරයේ නියම රූප සොබාව මතුකර දැක්වීම සඳහා ගතහැකි ක්‍රියාමාර්ග තිබෙනවා. ඒ තමයි විශාල පියයුරු කුඩා කොට පෙන්වන ආකාරයට ප්‍රමිතියෙන් යුක්තව නිපදවා ඇති බ්‍රෙසියර්. මේවා දිගින් දිගටම ඇඳීම මඟින් පපුවේ විශාලත්වය අඩුකර ගැනීමට පුළුවනි. එය ඔබේ යොවුන් දියණියට මානසිකවත් ශාරීරිකවත් විශාල සහනයක් ගෙන දේවි.

 

අදහස් දැක්වීම

නෙරංජලී විජයවර්ධන,

සිනේ බ්‍රෙසියර්ස්,

13/ඩී 2, ආවාස පාර, කැස්බෑව, පිළියන්දල

(0711910755)

4846 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2016 ජූලි 05, අඟහරුවාදා 10:46
අදහස් එක් කිරීමට ලොග් වෙන්න