තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

කොණ්ඩා සැකසුම් සිරස්තල

මල් කළඔ සිරස්තල

මෙහෙන්දි රටා සිරස්තල

රූපලාවන්‍ය සිරස්තල

ආභරණ සපයන්නෝ සිරස්තල

සාරි සිරස්තල

2016 ජූලි 21, බ්‍රහස්පතින්දා 10:17

මෙන්න! ඔබ වෙනුවෙන්ම Special “බ්‍රෙසියර්” විශේෂාංග

ලිව්වේ  මාලනී වේරගොඩආරච්චි
අගයන්න
(2 මනාප)
“සිසිවන වුවන ඉඟ සුඟ ගත හැකි මිටින නිසි පුළුලුකුල රිය සක යුරු තිසර තන”පැරැණි කවියා පියයුරු උපමා කළේ රණ තිසරුන්ටයි. එසේ වර්ණනා කළේ සුන්දර

 

ලලනාවන්ගේ රූ සපුවයි.

ඇත්තටම වනිතාව සුන්දර ලෙස දිස්වෙන්නට එක් හේතුවක් වන්නේ ඇය සතු පුන් පියයුරු යුගලයි.

නමුත් නොයෙක් රෝගාබාධ, සැත්කම් හෝ හෝමෝන සම්බන්ධ ගැටලු නැතහොත් ශරීරයේ කෘෂ බව නිසා මතුවන රූපලාවණ්‍ය ගැටලු බොහොමයක් ඇත. මෙවන් ගැටලුවලට මුහුණ දෙන යුවතියන් මහත් අසීරුතාවට පත්වන්නේ ඇඳුම් ඇඳීමේදීයි. ඒ ශරීරයේ නිසි හැඩය මතුකර පෙන්වීමට මොනතරම් අලංකාර ඇඳුමක් ඇන්දත් නොහැකි වීම නිසයි.

කුමන ගැටලුවක් මතුවුණත් ඒ සඳහා විසඳුමක් ද තිබිය යුතුයි. එම විසඳුම නම් ශරීරයේ මතුවන ගැටලුව හඳුනා ගෙන ඒ සඳහා ගැළපෙන බ්‍රෙසියරයක් මඟින් එම අඩුව සම්පුර්ණ කරගැනීමයි.

නොකරම බැරි සැත්කම්

අද වනවිට ලංකාවේ පිළිකා වැලඳීම නිසා රෝගී වූ පුද්ගලයන් විශාල සංඛ්‍යාවක් සිටිනවා. ඒ අතර පියයුරු පිළිකා නිසා පියයුරු දෙකම හෝ එකක් ඉවත් කළ කාන්තාවන් රැසක් සිටිනවා. මොවූහු තමාට ඇතිවන අපහසුතා කඳුළුවලින් දියකර හැරියත් විසඳුමක් සොයාගත නොහැකිව ළතවෙති. නමුත් මෙවැනි ගැටලු සඳහා විසඳුම් ඇතැයි දැනගන්නට ලැබීම මොනතරම් සතුටක්ද? ඒ ශරීරයට කිසිම අපහසුතාවක් ඇති නොවන ලෙසත් රූප සොබාව කෙරෙහි බලපාන අඩුපාඩුව එවැන්නක් පිළිබඳ හැඟීමක්වත් ඇති නොවන ලෙසත් මඟහරවා ගතහැකි වීමයි. ඒ එයට සුදුසු බ්‍රෙසියරයක් ඇඳීම හරහායි.

මෙවැනි අඩුපාඩු සහිත කාන්තාවන්ට කෘත්‍රිම පුළුන් පුරවා සැකසූ බ්‍රෙසියරය හොඳින් ගැළපේ.

සාමාන්‍යයෙන් මෙවැනි සැත්කම් කළ කාන්තාවන් සඳහා වෙළෙඳපොළේ ඇත්තේ සිලිකන් පුරවා සකසා ඇති බ්‍රෙසියර්ය. මේවා ඇඳීමේදී බරින් වැඩි නිසාත් සුවපහසු නැති නිසාත් ශාරීරික අපහසුතා මතුවේ. නමුත් නෙරංජලී අතින් සැකසෙන බ්‍රෙසියරය කෘත්‍රිම පුළුන් යොදා සකසා ඇති අතර සේදීමේදී ඉවත් කළ හැකි ආකාරයටයි මසා තිබෙන්නේ. ඔබට අවශ්‍ය නම් මෙම පැඩිං වෙනුවට පුළුන් හෝ වෙනත් සුවපහසු ද්‍රව්‍යයක් යොදා සකස්කර ගැනීමටත් පුළුවනි. එසේ නැතහොත් බ්‍රෙසියරය තුළ පුරවා ඇති ද්‍රව්‍ය ඉවත් නොකර සෝදා වේළා ගැනීමටත් පුළුවනි.

ස්ථුල කාන්තාවන්

ශරීරය ස්ථුල වීම රූපලාවණ්‍යයට මොනතරම් බලපෑමක් කරනවාද? මෙවැනි කාන්තාවන්ට මොනතරම් අලංකාරවත් ඇඳුමක් ඇන්දත් මතු වෙන්නේ අවලක්ෂණ ස්වභාවයක්මයි. සමහර විට හෝමෝන සම්බන්ධ ගැටලුත් මේ තත්ත්වයට හේතු වෙන්නට පුළුවනි. එවැනි කාන්තාවන්ගේ මස් පිඬු ඉදිරියට නෙරා ඒම නිසා සුන්දර සිරුරක සිහිනය ඈතට ගොස් ඇත. මෙවැනි අය සිරුර සිහින් කරගන්නට බෙහෙවින් කැමැතියි. එසේ නැත්නම් මස්පිඬු නෙරා ඒම වළක්වා ගන්නට කැමැතියි. ඒ සඳහා විශේෂයෙන් සැකසූ බ්‍රෙසියර් වර්ග තිබෙනවා. මේවා ඇඳීම මඟින් අනවශ්‍ය මස්පිඬු පාලනය කරගැනීමට පුළුවනි. ඒ හරහා ශරීරය හැඩකර ගන්නට හැකිවේවි.

සමහර කාන්තාවන්ගේ පියයුරු ශරීරයේ ප්‍රමාණයට නොගැළපෙන ලෙස විශාලව වර්ධනය වී තිබෙනවා. මෙවැනි අයට ගැළපෙන්නේ විශාල පෙනුම කුඩාකර පෙන්වන ආකාරයේ බ්‍රෙසියරයකි. රූ සපුව ඔපලන පියයුරු අවශ්‍ය ප්‍රමාණයට ශරීරයේ පෙනුමට වැඩී නැත්නම් එය ද ගැටලුවකි. ඒ අඩුව මඟ හරවා ගන්නට හැකි වන්නේ ද බ්‍රෙසියරයක් මඟින්මයි. ඒ සඳහා ගැළපෙන ලෙසට සැකසූ බ්‍රෙසියරයටත් ඇත්තේ ඉහළ ඉල්ලුමකි.

කිරි දෙන මවුවරුන්

කුඩා දරුවන් සිටින මවුවරුන්ට නිතර නිතර දරුවන්ට කිරි දෙන්නට සිදුවෙනවා. එබඳු කාන්තාවන් ඇඳිය යුත්තේ පියයුරු තදින් තෙරපා සිටින ආකාරයේ ඇඳුම් නොව සැහැල්ලු ඇඳුමකි. එමෙන්ම වරින් වර කිරි දීමට බ්‍රෙසියරය ඉවත් කරන්නට සිදුවීම ද ඇයට මහත් ගැටලුවකි. මෙය වළක්වා ගැනීමට හැකි ලෙස පහසුවෙන් විවර කළ හැකි කොටසක් සහිතව මසා ඇති බ්‍රෙසියරය කිරි දෙන මවට මහත් පහසුවකි.

පියයුරු ආශි‍්‍රත ගැටලු නිසා ඔබත් මානසිකව පීඩා විඳින අයෙක්ද? ඔබව දුටු විගස ඔබට ඇති ගැටලුව කුමක්දැයි හඳුනාගෙන ඒ සඳහා විසඳුම් ලබාදෙන්නට නෙරංජලී හැම විටම සූදානම්. ඔබ පෙළෙන ගැටලුව කාටවත් කියා ගන්නට නොහැකිව සිතෙන් ළත වෙමින් මෙතෙක් දිනක් මානසික පීඩාවෙන් පසුවෙන්නට ඇති. ඒ සඳහා විසඳුමක් සහනයක් සපයා ගන්නට මින් පසු ඔබට හැකිවේවි.

ඉතා උසස් අමුද්‍රව්‍ය භාවිතකර කල් පවතින අයුරින් නොඇදෙන 80 ය 20 පොලියෙස්ටර් රෙද්දෙන් සුවපහසුව දනවන ලෙස නිර්මාණයකර ඇති බ්‍රෙසියරයකට ඔබේ ගැටලුව විසඳන්නට හැකි නම් එය ඔබට මහත් සතුටුදායක පුවතක් වේවි. රූපලාවණ්‍ය සම්බන්ධව පියයුරු ආශි‍්‍රතව ඔබට මතුවෙන ගැටලු විසඳා ගන්නට පහත සඳහන් දුරකථන අංකයට කතා කරන්නට ඔබටත් පුළුවනි. නිසැකයෙන්ම ඔබේ ගැටලුවට විසඳුමක් ඇගෙන් ලැබේවි.

 

 

තොරතුරු සැපයීම

නෙරංජලී විජයවර්ධන,

සිනේ බ්‍රෙසියර්ස්,

13/ඩී/2, ආවාස පාර, කැස්බෑව, පිළියන්දල (0711910755)

 

 

 

 

 

 

4202 වාරයක් කියවා ඇත
අදහස් එක් කිරීමට ලොග් වෙන්න