තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

රූපලාවන්‍ය ශිල්පින් සිරස්තල

කොණ්ඩා සැකසුම් සිරස්තල

මල් කළඔ සිරස්තල

මෙහෙන්දි රටා සිරස්තල

රූපලාවන්‍ය සිරස්තල

ආභරණ සපයන්නෝ සිරස්තල

සාරි සිරස්තල

2016 අගෝස්තු 02, අඟහරුවාදා 09:28

පැහැපත් සමකට ලස්සන වෙනසක් විශේෂාංග

ලිව්වේ  උදයංගනි ලියනආරච්චි
අගයන්න
(0 මනාප)
 තැඹිලි පාටට කළුපාට එකතු වුණාම හරිම ලස්සනයි. ඒ වගේම තමයි ඒ පාට සාරියකින් පැහැපත් සිරුරක් ඇති යුවතියක් හැඩ වුණාමත් හරිම පියකරුයි.

 

 

ඉතින් ඔබත් තම නිර්මාණශීලි හැකියාවෙන් ප්‍රයෝජනයට ගන්නා යුවතියක නම් මෙලෙසින් තමන් විසින්ම නිර්මාණය කරගත් ඔසරියකින් හැඩ වී හෙට දින උත්සවයකට සහභාගීවීමට අවස්ථාව උදා වේ.

 

අවශ්‍ය ද්‍රව්‍ය

ඔරේන්ජ් වර්ණ ජෝජර්ට් රෙදි යාර 07ක් හෝ ලේස් රෙද්දෙන් යාර 07ක්

කළු වර්ණ ඩූම් නෙට් යාර 3ක්

කළු හා ගෝල්ඩ් වර්ණ කෝඩ්

ස්ටෝන්ස්

ෆැබ්රික් ග්ලූ

 නිර්මාණය කිරීම

මෙම ඔසරිය එකටම කරගත් ඔසරියක් බැවින් පළමුව ඔසරි පොට, පල්ලුව සහ නෙරියට අවශ්‍ය ප්‍රමාණය ලකුණු කරගන්න. ඉන්පසු හැට්ටය සඳහා කොටසක් වෙන් කරගන්න. ඉන්පසු මෙහි දැක්වෙන මෝස්තරය අඟල් 5 ක ප්‍රමාණයට කොළයක් මත පිටපත් කරගන්න. දැන් සෘජිෆෝම් බෝඩ් එකක් මත එම කොළය තබා ඊට උඩින් පොලිතින් කොළයක් තබා ඊට උඩින් සාරිපොටට අවශ්‍ය ප්‍රමාණය තබා උඩින්ම නෙට් කොටස තබා ඩ්‍රෝවින් පින්ස් ගසාගන්න. දැන් විනිවිදව පෙනෙන මෝස්තරය උඩින් ෆැබ්රික් ග්ලූ දමාගන්න. පසුව එය වේළෙන්නට තබා පල්ලුව සඳහා අඟල් 16-20 ප්‍රමාණය ගෙන පෙර සේම සෘජිෆෝම් බෝඩ් එකක් මත තබා ෆැබ්රික් ග්ලූ දමාගන්න. එය ද වේළෙන්නට තබන්න. නෙරිය සඳහා ද කුඩා කොටසක් ගෙන ෆැබ්රික් ග්ලූ දමන්න.

දැන් හොඳින් වේළුණු සාරිය ගෙන හොඳ පිට හරවා මෝස්තරයේ මල් සහ කොළ ඉතිරි වන්නට අනවශ්‍ය කොටස් කපා ඉවත් කරගන්න. පසුව තැඹිලි සහ කළු පැහැති කෝඩ්වලින් මෝස්තරය කෝඩ් කරගන්න. අවසානයේ

ඡායාරූපයේ දැක්වෙන පරිදි මෝස්තරය වටා ස්ටෝන්ස් අලවාගන්න. 

මෙම ඔසරි මෝස්තරය නිර්මාණය කරගැනීමේදී ගැටලුවක් ඇති වුවහොත් 0714086424 අංකයෙන් ශිල්පිනිය ඇමතිය හැකියි

  හැඩගැන්වීම

මනෝරි අත්තනායක

නිරූපණය - තිළිණි

උපදෙස් ප්‍රවීණ සාරි මෝස්තර නිර්මාණ ශිල්පිනී

ජයන්ති ගමගේ 

6088 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2016 අගෝස්තු 02, අඟහරුවාදා 09:31
අදහස් එක් කිරීමට ලොග් වෙන්න