තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

කොණ්ඩා සැකසුම් සිරස්තල

මල් කළඔ සිරස්තල

මෙහෙන්දි රටා සිරස්තල

රූපලාවන්‍ය සිරස්තල

සාරි සිරස්තල

2016 අගෝස්තු 15, සඳුදා 12:25

සාරි මන්දිර් වෙත සාරි සවාරියේ යමු විශේෂාංග

ලිව්වේ  අචිනි ලක්මාලි චන්ද්‍රසේකර
අගයන්න
(0 මනාප)
පාසලෙන් සමුගත් පසු ලෝචනයි ෂෙහානියි නැවත හමුවුණේ පසුගියදා වැල්ලවත්තේදී. කතා කරන්න නම් දේවල් එමටයි. “ඔයා කොහේද මෙහේ?”

 

ඉස්සරවෙලාම ඉන්නකෝ මේ කවීෂව හඳුන්වලා දෙන්න. මේ මම මැරි කරන්න යන කෙනා. ළඟදි තමයි ලංකාවට ආවේ. ඉතිං වෙඩින් එක අරගෙන අපි දෙන්නම යන්නයි හිතාගෙන ඉන්නේ. මගේ වෙඩිං සාරිය ගන්න යන ගමන්.

ඔවුන් වැල්ලවත්තේ පිහිටි දශක දෙකකට වැඩි ඉතිහාසයක් ඇති මංගල සාරි කලාවේ අපුරු තෝතැන්න ‘සාරි මන්දීර්’ වෙත පිය නැඟුවා.

සිව් මහල් ගොඩනැගිල්ලක් වූ මෙහි පළමු මහල වෙන් වන්නේ මංගල සාරි, දෙවැනි ගමනට, මධුසමයට සහ විවාහ ගිවිස ගැනීමේ උත්සවලට වෙන්වූ සාරි සඳහාමයි.

“ආ... එන්න නෝනා එන්න. මේ දවස්වල වෙඩින් සාරිවල අලුත්ම ට්‍රෙන්ඩ් එක තමා මේ. ඩල් ගෝල්ඩ් සාරි එක, ෆෙන්ච් නොට් වර්ක් සාරිය. වෙඩින් එක තියෙන පරිසරය අනුව ෆොටෝ ෂූට් එකට ඔයාගෙ පැහැයට ගැළපෙන්න මේ සාරි තෝර ගන්න පුළුවන්.”

සාරි මන්දීර් ආයතනයේ වසර ගණනක් සේවය කරන යෝගේන්ද්‍රන් එහෙම කියද්දී ෂීමර් ෂෝල්ඩර් වර්ක් විත් පර්ල්, පර්ල් ඇන්ඩ් ස්ට්‍රෝන්ස් වගේ නෙත් අදහාගන්න බැරි තරම් ආකර්ෂණීය තවත් සාරියකට ලෝචනා ගෙ හිත ගියා.

“ආ ඔය සාරි එක ඉන්දියන් විලාසිතාවට හරි මොඩර්න් වෙස්ටන් විදිහට හරි අඳින්නත් පුළුවන්.”

“නෝනා හස්බන්ඩ් වෙඩින් එකට අඳින්නෙ මුල් ඇඳුමද? ආර්ය සූට් එකද? එහෙනම් මේ බොකේට් සාරි එක මැච් වෙනවා. කැමැති නම් වැඩි වර්ක් එකක් වගේම වර්ක් එකක් නැති චාම් බව කියාපාන සාරියක් තෝරා ගන්නත් පුළුවන්.”

““Home Coming  සාරි එකත් අදම තෝර ගන්න.” ඒ ලෝචනාගේ අම්මා.

“සාරි මන්දිර්වල ඔබටම ආවේණික වූ  Home Coming, going away  සාරි තමයි තියෙන්නෙ. මේ පියෝ සෙටින් සාරි එක කැන්ඩියන් අඳින්න පුළුවන්.”

“ෂෙහානි බලන්නකෝ ෆුල් කට් වර්ක් සාරියක් මේ. බේජන් රෙඩ් කලර් බ්ලවුස් එක.”

“ෂා... මේකත් මගෙ හිතට ඇල්ලුවා.”

“ෂෙහානි මගෙ Home Coming සාරියට මේක හොඳයි. මේක මේඩ් අප් සාරියක්. පල්ලුව, බ්ලවුස් එක, පොට වෙනම තියෙද්දී අඳින්නත් පහසුයි.”

ලෝචනා ඇගේ හිතේ තිබුණ අලුත්ම ට්‍රෙන්ඩ් එකේ Wedding  සාරියත් Home Coming  සාරියත් ගත්තා.

“මගෙ  Wedding  එකට ඔයත් එනවනෙ. අපි ඔයාටත් සාරි එකක් තෝරමු.”

සාරි මන්දීර්වල දෙවැනි මහළ වෙන් වූයේ ඩිසයින් සාරි වෙනුවෙන්. ලෙහෙන්ගා සාරි විලාසිතා හරිම ආකර්ෂණීයයි. මංගල උත්සවයකට, ප්‍රිය සම්භාෂණවලට සහභාගිවන ඔබට එය අපූරු තෝරා ගැනීමක් වේවි.

මීළඟට අපි සාරි මන්දීර්වල තෙවැනි සහ සිව්වැනි මහල්වලටත් ගියා. ඒ වෙඩිං එකෙන් පස්සෙ ලෝචනාට ඔෆිස් අඳින්න සාරි කීපයක් තෝරා ගන්න. ලේස් මැටීරියල්, ප්ලේන් සාරි, නෝමල් ඔෆිස් සාරි ඩිසයින්, සෙටින් සාරි, වෙල්වට් සාරි ඒ අතර වුණා.

කලකට පසු මුණ ගැසුණු යෙහෙළියන් දෙන්නත් ලෝචනාගෙ මවත් අලුත්ම ට්‍රෙන්ඩ් එකේ සාරි අරන් සාරි මන්දිර්වලින් පිට වුණේ හරිම සතුටින්

ලබන සතියේත් මෙවැනිම අලුත්ම ට්‍රෙන්ඩ් එකේ ඇඳුම් විලාසිතා සොයා යන සවාරියකදී හමුවෙමු.

 

විශේෂ ස්තූතිය - සාරි මන්දීර් අධිපති

සනත් රණවීර මහතාට

 

ඡායා. - ශාන් රඹුක්වැල්ල

5747 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2016 අගෝස්තු 15, සඳුදා 12:32
මේ යටතේ එන අනෙකුත් ලිපි: « පැහැපත් සමකට ලස්සන වෙනසක් GALE »
අදහස් එක් කිරීමට ලොග් වෙන්න