තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

රූපලාවන්‍ය ශිල්පින් සිරස්තල

කොණ්ඩා සැකසුම් සිරස්තල

මල් කළඔ සිරස්තල

මෙහෙන්දි රටා සිරස්තල

රූපලාවන්‍ය සිරස්තල

ආභරණ සපයන්නෝ සිරස්තල

සාරි සිරස්තල

2016 අගෝස්තු 23, අඟහරුවාදා 09:35

ස්ථූල අයට විලාසිතා ගෙනෙන Double XL විශේෂාංග

ලිව්වේ  ආශිර්වාදිනී හෙට්ටිආරච්චි
අගයන්න
(1 මනාපය)
 මහත වැඩියි නම් තද වර්ණයි ගැළපෙන්නේ

 

 

 

 

 විලාසිතා කරන්නට කවුරුන් නම් අකැමැති වේද? සිහින් සිරුරක් ඇති අය සේම බැලූ බැල්මට සථූල යැයි සිතෙන අයත් විලාසිතා සඳහා එක සේ ඇලුම් කරති.

“අපේ සයිස් එකට කොහෙද අනේ ඇඳුම් තියෙන්නේ. ලස්සන ඇඳුමකට හිත ගියත් වැඩක් නැහැ අතට ගත්තම මදි...”

ප්ලස් සයිස් (Plus Size)) සඳහා නිමි ඇඳුම් එක් කරමින් ස්ථුල අයගේ නිම්හිම් නොවන විලාසිතා ලොවට අරුතක් ඩබල් එක්ස්එල් (Double XL) ආයතනය එක් කළේ මීට වසර හයකට පමණ ඉහතදීය.

ඩබල් එක්ස්එල් ශ්‍රී ලාංකේය විලාසිතා ලොව සීඝ්‍රයෙන් ජයගන්නට විය. බියුටි කම්ස් ඉන් ඕල් සයිස් (Beauty comes in all size) බිගර් ඉස් ඕල්වේස් බෙටර් (Bigger is allways better)  වැනි ආදර්ශ පාඨයන් ඔස්සේ ඔවුන් මෙතෙක් විලාසිතා ලොව දැවැන්ත හිඩැසක් පිරවීය.

ඇඳුමක් අඳින්නට ශරීරයේ ප්‍රමාණය කොහෙත්ම බලනොපාන බව බම්බලපිටිය, ඩුප්ලිකේෂන් පාරේ (ලොරිස් රෝඩ් අසල) අංක 31 දරණ ස්ථානයේ පිහිටි ඩබල් එක්ස්එල් වෙත පියමනින ඔබට සාක්ෂාත් වනු ඇත.

ගැහැනු පිරිමි දෙපාර්ශවයටම L - 7XL දක්වාම වූ ප්‍රමාණයෙන් යුතු ඇඳුම් තිබීම විටෙක ඔබව පුදුම කරවනු ඇත.

ස්ථුල ශරීර ඇති අයට ඔවුන් හඳුන්වා දුන් අලුත්ම අංගය ලිනන් නිමි ඇඳුම්ය. ශරීරයට වඩාත් පහසුවක් ගෙන දෙන ලිනන් රෙදිවලින් මැසූ නිමි ඇඳුම් සඳහා ඉහළම ඉල්ලුමක් පවතී.

ඝර්ම කලාපීය රටක අපි ජීවත්වන නිසා කපු ඇඳුම් ඇඳීමට වඩාත් කැමැත්තක් දක්වයි. ස්ථුල භාවයෙන් වැඩි අයට දහදිය දැමීම සාපේක්ෂව වැඩි නිසා කපු රෙදිවලින් නිමැවූ ඇඳුම් කෙරෙහි වැඩි ඉල්ලුමක් පවතී.

රුපියල් 450 සිටම ඇඳුම් මිලදී ගත හැකි අතර පිටරටවලින් ආනයනය කළ ඇඳුම් ද පවතී. ඒ ඒ ඇඳුමට ගැළපෙන පරිදි සපත්තු, බෑග්, ආභරණ ද පවතී.

කාර්යාලීය ඇඳුම්, හවස්වරුවේ සාද සඳහා ඇදුම්, ලිනන් හා ඩෙනිම් ඇඳුම්, යට ඇඳුම් පරාසයක් පවතින අතර අවශ්‍ය මිමිවලින් ලබාගත හැකිවේ.

ස්ථුල බවින් වැඩි අය තද වර්ණ ඇඳිය යුතුයි. ලොකු මෝස්තර සහිත ඇඳුම් අඳින්න එපා. පහළට ඉරි ඇති ඇඳුම් තෝරා ගන්න. මේ ආදී මතවලින් බැහැරව රුචිකත්වය පරිදි ඕනෑම ඇඳුමක් සිරුරට හැඩකාරයි යන මතයේ සිටිමින් ඇඳුම් තෝරා ගෙන හැඩ බලන්නට පුළුවන.

ප්‍රියාන් සෙනරත් (සභාපති), අදීශා දහනායක (ප්‍රධාන විධායක නිලධාරී), දේමින්ත දහනායක (අධ්‍යක්ෂ) යන අයගේ සිත් තුළ පහළවුණු පුංචිම පුංචි අදහසක් අද මල්ඵල ගැන්වී ඇති අයුරු විස්මිතය. වසර හයක් ඇවෑමේ දී ඔවුන් ලංකාවේ විලාසිතා ලොවේ ප්‍රමුඛ පෙළේල් සිටින්නන් අතර වැජඹේ.

මීගමුව කෙළින් වීදියේ ඩබල් එක්ස්එල් ශාඛාවක් ඇරැඹියේ පසුගිය වසෙර්ය. මේ වසරේ ඩබල් එක්ස්එල් හා කේ. රණවක වෙළඳ සන්නාම තානාපතිවරයකු  (Brand Embassador) ලෙසට අත්වැල් බැඳගැනීම තවත් ජයග්‍රාහී පියවරකි.

ශරීරයේ ස්ථුලබව ඔබේ විලාසිතාවන්ට හරස්වූයේ ද? එසේ නම් පියමනින්න ඩබල් එක්ස්එල් වෙත. ඔවුන් ඔබේ සිතැඟි නිසැකවම ඉටුකර දෙනු ඇත.

 

විශේෂ ස්තූතිය - ‘ඩබල් එක්ස්එල්’ හි ප්‍රධාන විධායක නිලධාරිනී

අදීශා දහනායකට

6414 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2016 අගෝස්තු 23, අඟහරුවාදා 09:40
මේ යටතේ එන අනෙකුත් ලිපි: « Wills Beauty Fashion »
අදහස් එක් කිරීමට ලොග් වෙන්න