තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

රූපලාවන්‍ය ශිල්පින් සිරස්තල

කොණ්ඩා සැකසුම් සිරස්තල

මල් කළඔ සිරස්තල

මෙහෙන්දි රටා සිරස්තල

රූපලාවන්‍ය සිරස්තල

ආභරණ සපයන්නෝ සිරස්තල

සාරි සිරස්තල

2016 අගෝස්තු 23, අඟහරුවාදා 10:15

රතු පැහැයට රන් පැහැයෙන් රටා විශේෂාංග

ලිව්වේ  උදයංගනී ලියනආරච්චි
අගයන්න
(1 මනාපය)
රක්ත වර්ණ ඩූම් නෙට් සාරිය මත ඔප වැටුණු මල් ලියකම් රටාව නිසා ඔසරියට අමුතුම කල එළියක් ලැබිලා. ඔසරිය වටේටම බෝඩරයකුත් මහලා තියෙන නිසා තවත් ලස්සනයි.

 

වෙළෙඳ පොළෙන් අඩු මුදලට සාරියක් අරන් මේ විදිහට හැඩවැඩ කරගන්න ඔබටත් පුළුවන් නම් එහි වටිනාකමත් ඉහළයි.

 

අවශ්‍ය ද්‍රව්‍ය

රතුපාට සහ රන්වන් පැහැය මිශ්‍ර යාර 10 ක බෝඩර් රෝලක්

රතු සහ රන්වන් පැහැති විවිධ හැඩයේ ස්ටෝන්ස්

රතු සහ රන්වන් පැහැති දෙව්දාස් සීකුවින්ස්

පැතලි සීකුවින්ස්

රතු පැහැති ඩූම්නෙට් සාරියක්

ෆැබ්රික් ග්ලු

නිර්මාණය කිරීම

මේ ඔසරිය මේඩප් ක්‍රමයට සකසා ඇති බැවින් පළමුව සාරිපොට, පල්ලුව සහ නෙරියට අවශ්‍ය කොටස් වෙන්කර ගන්න. එහිදී පල්ලුව සඳහා ඔබට අවශ්‍ය උසට යාර දෙකක් පමණත් පොට සඳහා අඟල් 45 ක් පළලට සහ ඔබට අවශ්‍ය උසටත්, නෙරිය සඳහා ඔබට අවශ්‍ය උසට ඉණමෙන් දෙගුණයක් දිගටත් සිටින සේ කොටස් කපාගන්න. දැන් ඔබ පළමුවෙන්ම බෝඩර් රෝල ගෙන පල්ලුව දිගට, පොට දිගට සහ නෙරිය දිගට සිටින සේ මැෂිමෙන් මසාගන්න.

ඉන්පසු මෙම මල් සහිත මෝස්තරය කොළයක් මත පිටපත් කරගන්න. දැන් එම කොළය සෘජිෆෝම් කොටසක් මත තබා එයට උඩින් පොලිතින් කොළයක් තබා ඒ මත සාරියේ බෝඩර් පටියෙහි හොඳපිට උඩට සිටින සේ තබා රැලි නොවැටෙන ලෙස ඩ්‍රෝවින් පින්ස් ගසාගන්න. දැන් බෝඩරයේ රටාවට ගැළපෙන ලෙසින් ස්ටෝන්ස් සහ සීකුවිනිස් අලවන්න. මේ ආකාරයට සම්පූර්ණ බෝඩරය වටා ස්ටෝන්ස් සහ සීකුවින්ස් අලවන්න. දැන් සාරිය මතද මෙම මල් මෝස්තරය අලවාගන්න. මල් වටා කොටු හැඩයට ඇති ඉරි රටාවද ස්ටෝන්ස් අලවා හැඩකර ගන්න. පොට සහ නෙරියට මෙම මල් සහ ඉරි රටාව තරමක් කුඩාවට සිටින සේ අලවා ගන්න. ඉන්පසු මෙම කොටස් සියල්ලම වේළෙන්නට තබන්න. දැන් ඔබට තිබුණාට වඩා වැඩි වටිනාකමකින් යුතු සාරියක් ලැබී ඇති.

නිරූපණය, කාංචනා

හැඩගැන්වීම,

ලියසිරිය, බ්‍රයිඩ්ල් සැලෝන් ඇකඩමි,හෑදෙණිය

 උපදෙස්, සාරි මෝස්තර නිර්මාණ ශිල්පිනී, මැහුම් උපදේශිකා

ජයන්ති තිලකරත්න

 මෙම සාරි මෝස්තරය නිර්මාණය කිරීමේදී ගැටළුවක් ඇති වුවහොත් 071-1486050 අංකයෙන් ශිල්පිනිය ඇමතිය හැකිය

6499 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2016 අගෝස්තු 23, අඟහරුවාදා 10:20
අදහස් එක් කිරීමට ලොග් වෙන්න