තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

රූපලාවන්‍ය ශිල්පින් සිරස්තල

කොණ්ඩා සැකසුම් සිරස්තල

මල් කළඔ සිරස්තල

මෙහෙන්දි රටා සිරස්තල

රූපලාවන්‍ය සිරස්තල

ආභරණ සපයන්නෝ සිරස්තල

සාරි සිරස්තල

2016 ඔක්තෝබර් 10, සඳුදා 14:44

‘ඩබල් කලර්’ සාරිය පාටියකට හරි අපූරුයි විශේෂාංග

ලිව්වේ  අචිනි ලක්මාලි චන්ද්‍රසේකර
අගයන්න
(1 මනාපය)
කාන්තා ඔබට හැඩ වෙන්නට ඇඳුම් විලාසිතා ඕනෑ තරම්. ඒත් ඔබ ඔබේ විවාහ මංගල්‍ය දා සැරසිය යුතු වන්නේ සාරියකින් නැතිනම් ඔසරියකිනි. එසේම විශේෂ අවස්ථාවකට, ඇරැයුම් ලබන උත්සවයකට ද සාරියකට ලැබෙන්නේ අද්විතීය තැනකි.

 

මේ කාලයේ නානා මාදිලියේ සාරි විලාසිතා තියෙනවා. ඒ අතරින් මංගල සාරියේ අලුත්ම ට්‍රෙන්ඩ් එක වන්නේ ‘බේබ් ලේස්’ සාරියයි.

අයිවරි, ගෝල්ඩ්, බේජ් ගෝල්ඩ් වැනි වර්ණවලින් ඔබට තෝරා ගත හැකියි. එමෙන්ම රු. 20000 සිට ඉහළ මිල ගණන් යටතේ වෙළෙඳපොළේ අලෙවියට තිබේ.

එමෙන්ම හාෆ් ලේස්, හාෆ් නෙට් සාරියත් ඔබටම මේ දිනවල විශේෂිත වූ අලුත්ම මාදිලියේ සාරියකි.

මෙහිදී හෙඩ් පීස් එක ලේස් එකෙන් ටේල් එක නැතිනම් පොට කොටස නෙට් එකෙන් වගේම නෙට්, ලේස් මාරුවෙන් මාරුවට ද මෝස්තරය විහිදී ඇත.

ඒවා රු. 35000 සිට අලෙවියට තිබේ. බේජ්, මෙරූන්, රෙඩ්, ක්‍රීම් යන වර්ණවලින් ඔබට තෝරාගත හැකියි.

මේ අතර තනි නෙට් සාරියට ලේස් ඩිසයින් 20 කින් ආකර්ෂණීය වු නෙත් වශීකරන සාරිත් ඔබේ නවතම තේරීම විය හැකියි.

ලෙහෙන්ගා (Lehenga Saree) ගැන දැන් කවුරුත් දන්නවා. එහෙත් සුවිශේෂී ත්‍රෙඩ් වර්ක්, ස්ටෝන් වර්ක් මෝස්තර මේ අතර තියෙනවා.

ඔබ උත්සවයකට සාරි විලාසිතාවක් තෝරනවා නම් ඩබල් කලර් සාරිය අපූරුයි.

එය පොටට එක පැහැයකුත් ප්ලීට්වලට තව පැහැයකුත් ලෙසයි හැඩ වන්නේ. මෙහි ජැකට් එක ප්‍රින්ටඩ් මල් මෝස්තරයෙන් හැඩ වේ. පොට පමණක් ප්‍රින්ටඩ් මල් මෝස්තරයෙන් හැඩ වූ සාරි ද තිබේ. ස්ටෝන් හෙවි වර්ක්, රිච් පාටි වෙයාර් ලෙසින් මේ තෝරා ගැනීම කළ හැකියි.

සාමාන්‍ය ගමනට බිමනට හෑන්ඩ්ලූම්, ලයිට්, ඩාර්ක් වර්ණවලින් තෝරා ගන්න පුළුවන්. එමෙන්ම සිල්ක් කොට්න් සාරිත් රු. 750 සිට ලබා ගන්න හැකියි.

සැබෑම ආකර්ෂණය ලබාගන්න නම් ඔබටත් මෙවැනි අලුත්ම මාදිලියේ සාරියකින් හැඩවිය හැකියි.

 

ස්තූතිය

‘Swathis’ සාරි සෙන්ටර් දෙවැනි හරස්වීදිය

පිටකොටුව

 

 

5793 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2016 ඔක්තෝබර් 10, සඳුදා 14:46
මේ යටතේ එන අනෙකුත් ලිපි: « රතු පැහැයට රන් පැහැයෙන් රටා GALE »
අදහස් එක් කිරීමට ලොග් වෙන්න