තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

රූපලාවන්‍ය ශිල්පින් සිරස්තල

කොණ්ඩා සැකසුම් සිරස්තල

මල් කළඔ සිරස්තල

මෙහෙන්දි රටා සිරස්තල

රූපලාවන්‍ය සිරස්තල

ආභරණ සපයන්නෝ සිරස්තල

සාරි සිරස්තල

2012 ජූලි 20, සිකුරාදා 10:03

ආදර රහස් කියන මල් කළඹේ මුල් කතාව

ලිව්වේ  ජේ.එස්. ගෝමස්
අගයන්න
(7 මනාප)
ඔබ මවිත වේවි, මනාලියගේ සුරත හැඩ කරන මල් කළඹ උපත ලැබුවේ, සුදුලූනු පොකුරක් දෙපසින්, ස්වභාවික බෙහෙත් පැලෑටි සහ කුළු බඩු රාශියක් එකතුවෙන් බව කීවොත් ......

එදා කාන්තාව යක්ෂ බලවේග මග හැරීමට සුගන්ධවත් සුදුලුණු පොකුරු ස්වභාවික බෙහෙත් පැලෑටි සහ කුළු බඩු ඇතැතිව ගමන්කළ බවට සාක්ෂි තිබේ.

ශිෂ්ටාචාර බිහිවීම්වලට සමගාමීව ගී‍්‍රසිය සහ රෝමයේ මනාල යුවළ ගෙල සරසාගෙන ඇත්තේ සුගන්ධවත් කුළුබඩු සහ ස්වභාවික බෙහෙත් පැලෑටි වලිනි. මෙලෙස ඔවුන් ගෙලවටා පලදන ලද මාලය මගින් සංඛේතවත් කර ඇත්තේ බලාපොරොත්තුව සහ සඵලබවින් පෝෂිත නව දිවියකි. තවද මෙම මාලයෙන් විහිදෙන්නා වූ සුගන්ධය අපට යම් රහසක් හෙළිදරව් කරයි. එනම් ගුප්ත බලවේග පිළිබඳ ඔවුන් තුළ තිබු විශ්වාසයන් උක්ත සුගන්ධය මගින් යක්ෂ බලවේග ඈත්කළ හැකි බවත්.

රෝමානුවන්ගේ පැමිණීමට පෙර සිටි සමහර බටහිර යුරෝපීය ජනතාව මල තැනීමට යොදාගෙන ඇත්තේ හරිත ශාකවැල්, කුඩා දම්, සුදු හෝ කහ මල් ඇති කටු අගින් යුත් පත්‍ර සහිත කොළ වර්ග සහ සීනු හැඩැති දම්, රෝස හෝ සුදු මල් ඇති හරිත ශාකය.

ගුප්ත බලයක් හා සැබැදුණු මිත්‍යා විශ්වාස මකා දමමින්, මල් කළඹට මල් දායාද කරන ලද්දේ වික්ටෝරියා රැජින තම පි‍්‍රන්ස් ඇල්බම් කුමරු හා විවාහ වීමත් සමගය.

තවත් රසයක් ගැබ් වූ මල් කළඹ විශේෂයන් අදටත් දැකගත හැකි වෙයි. එනම් අනුභව කළ හැකි තත්ත්වයෙන් සැකසුනු මල් කළඹය. ව්‍යංජනයක් රසවත් කිරීමට සමත් උළුහාල් මල් කළඹ තැනීමට යොදාගැනීමත් සමග එහි ගුණාත්මක බව ඉහළ ගියේය. රාගය උද්දීපනය කරක මෙවන් කළඹ සහිතව පත්වන මංගල සභා උත්සවයන්හි විශේෂත්වය වනුයේ මනාලියගේ කළඹේ ඇති උළුහාල්, මනාළ යුවළ ඔවුන්ගේ මංගල සභාවේදී අනුභව කිරීමයි.

වික්ටෝරියා වකවානුවේදී මල්කළඹට පිවිසුණු මල්වලට හිමිවුනේ ආදරයේ පණිවිඩය ගෙනයන පණිවුඩකරුවකුගේ චරිතයකි. තවද සෑම මලකටම ඊට ආවේණික අර්ථයක් ලබාදී තිබිණි. මේ මගින් සෑම මලකටම කළ හැකි ගුණයක් ත්‍යාග කෙරිණි. එලෙස ත්‍යාග කරන ලද සුවිශේෂි ගුණය “මල් භාෂාව“ ලෙස 17 වන සියවසේදී තුර්කියේදී කල එළි දැක ඇත.

මල ආදරවන්තයන්ගේ පණිවිඩ යාත්‍රාව වූ පසු, මලින් සැකසුණු මල් කළඹද එය නිර්මාණය කිරීමට භාවිත කර ඇති විවිධ වූ මල්වලට හිමි වැදගත්කම් නොහොත් “මල් භාෂාවද” මගින් මල් කළඹ ලබන්නාට ආදර රහස් කියන්නට විණි.

අවාසනාවකට මෙන් මල් වර්ග රාශියකට “මල් භාෂාව“ නම් වූ විද්‍යාව මගින් ඇත්තේ ඊට නුසුදුසු අර්ථකථනයන්ය.

මනාලියන්ද මේ නිගමන කේන්ද්‍ර කරගනිමින් ඔවුන්ගේ කළඹ සඳහා මල් තෝරාගැනීම ස්වභාවධර්මයට කෙරුන අසාධාරණයක් දෝ යැයි විටෙක සිතෙයි.

එලෙස “මල් භාෂාව“ ආදරවන්තයන්ගේ හදවතේ භාෂාව ලෙස නවාතැන් ගැනීමත් සමගම තමන්ට ශබ්දනගා පැවසිය නොහැකි තතු සියල්ල මල් කළඹට ගොනුකර හැරීම තමන්ට අප සැමගේ සුන්දර අතීතයන්ද අවදි කරවන මෙවලම් වනවාට සැක නැත.

කරුනු කෙසේ වෙතත් සීඝ්‍රයෙන් වෙනස් වන ලෝකයේ නුතන මනාලිය තමන්ගේ මල් කළඹ සකසාගනුයේ “මල් භාෂාව“ නම් වූ විද්‍යාව පසෙක ලමිනි.

ඔවුන් හුදෙක්ම මලට හිමි වර්ණය සහ හැඩය මුලාශ්‍ර කරගනිමින් මල් සිත් සේ සකසා ගැනීමට උත්සුක වෙති.

12649 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2012 ජූලි 20, සිකුරාදා 10:08
අදහස් එක් කිරීමට ලොග් වෙන්න