අද මේක තමයි යෞවනියන්ගේ අලුත්ම ‘ට්‍රෙන්ඩ්’ එක.
ඉතාම පහසුවෙන්ම අඩු කාලවේලාවකදී හැඩ විය හැකි uneven hair style එක සාමාන්‍ය උත්සව අවස්ථාවකට වගේම දෙවැනි මනාලියන්ගේ කොණ්ඩා විලාසිතාව බවටද පත් වෙලා.
මුලින්ම කොණ්ඩා මෝස්තරය දැමීමට පෙර කොණ්ඩයේ තත්ත්වය බැලිය යුතුයි. එනම් කොණ්ඩය නැචුරල් නොවී රීබොන්ඩින්කර ඇත්නම් මෙම මෝස්තරය වැඩි වේලාවක් පවත්වා ගත නොහැකියි.
පළමුව කොණ්ඩා මෝස්තරය දැමීමට පෙර බ්ලෝ ඩ්‍රයි කරගන්න. ගොඩාක් කඩා හැළෙන කොණ්ඩයක් නම් ජෙල් තවරා ගන්න. ඉයර් ලයින් එකෙන් කොණ්ඩය වෙන්කර ගන්න.
කොටස් තුනකට ක්‍රවුන් ඒරියා එක බැක්කෝම්බ්කර ගන්න. ස්ලයිඩ් දෙක බැක්කෝම්බ් කරගන්න.
දැන් එම සෙක්ෂන්වලින් ඉදිරිපස සෙක්ෂන් එක හැර අනෙක් සෙක්ෂන් සියල්ලම ඡායාරූපයේ දැක්වෙන ආකාරයට රඳවාගන්න. ඉතිරිකර ගත් කොටස්වලින් කොණ්ඩා සැකසුම වසාගන්න. ඉදිරිපස දෙපසිනුත් කොණ්ඩා ප්‍රමාණයක් ගෙන ඡායාරූපයේ දැක්වෙන ආකාරයට හීට්කර ගන්න.
ඉන්පසුව පිටුපස මැද කොටස පෝනි ටේල් එකක් දමා ඉදිරිපසින් කොණ්ඩය තරමක් ඉතිරිකර ගන්න. දැන් මැද පෝනි ටේල් එකේ කොණ්ඩයෙන් නෙට් ලූප්ස් හතරක් පහක් සාදාගන්න.
නෙට් එකට රඳවාගත් කොණ්ඩයෙන් කැමැති හැඩයක් සාදා ගෙන පිටුපසට එකතුකර ගන්න. මෙය විවිධ හැඩයට ගැනීමෙන් අලුත්ම මෝස්තරයක් ලැබේවි. දැන් පිටුපස දෙපස ඉතිරි කරගත් කොණ්ඩය ජෙල්කර ගන්න. එය කොටස් ආකාරයට ගෙන කර්ලිං ටොන් එකෙන් කර්ල් කරගන්න. අවසානයට කනෙන් ඉදිරියේ ඇති කොණ්ඩය කොටස දෙකට බෙදා ගෙන මුහුණට ගැළපෙන ආකාරයට කර්ල් කරගන්න. එය පිටුපස කොණ්ඩයට එකතුකර ගන්න. ඉදිරිපස ඉතිරිකරගත් කොණ්ඩය හැඩයට ටොන්කර ගන්න. ලස්සන කිරීමට ඕනමන්ට් රැඳවිය හැකියි.
නිරූපණය - නිශී
ඡායාරූප – ශාන් රඹුක්වැල්ල
උපදෙස් - ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පිනී
නීශා මනහාරි
(0777650133)