තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

කොණ්ඩා සැකසුම් සිරස්තල

මල් කළඔ සිරස්තල

මෙහෙන්දි රටා සිරස්තල

රූපලාවන්‍ය සිරස්තල

සාරි සිරස්තල

2016 නොවැම්බර් 08, අඟහරුවාදා 11:23

කළු සහ පීකොක් බ්ලූ වර්ණ සාරියට ගෙනෙන ආකර්ෂණය

ලිව්වේ  උදයංගනී ලියනආරච්චි
අගයන්න
(0 මනාප)
පීකොක් බ්ලූ වර්ණ නෙට් එකට කළු ලේසර් සාරියක් මොනතරම් ලස්සනට හැඩ කරන්න පුළුවනිද කියලා මේ සාරි විලාසිතාව ඔබට කියාවි.

 

රාත්‍රී උත්සව අවස්ථාවකට වඩාත් උචිත මෙම සාරි නිර්මාණය නවතම සාරි විලාසිතාවලට ඇලුම් කරන ඔබ වෙනුවෙන්මයි.

අවශ්‍ය ද්‍රව්‍ය:-

කළු ලේසර් සාරියක්

නෙට් යාර 4 ක්

(පීකොක් බ්ලූ වර්ණයෙන්)

වර්ණ දෙකක කෝඩ්

එම වර්ණවලින් මල්ටි

ස්ටෝන්ස්

ෆැබ්රික් ග්ලූ

නිර්මාණය කිරීම:-

පළමුවෙන්ම දී ඇති මෝස්තරය කාබන් කොළයක් මත පිටපත් කරගෙන නැවත වෙනත් කොළයක් මත අඟල් 5 ක් පළලට සකසා ගන්න. දැන් එසේ සකස් කරගත් මෝස්තරය සෘජිෆෝම් බෝඩ් එකක් මත තබන්න. ඒ මත පොලිතින් කොළයක් තබා එයට උඩින් සාරියෙහි පොට කොටස තබා නැවත නෙට් කොටස තබා ඩ්‍රෝවින් පින්ස් ගසා ගන්න.

පසුව විනිවිදව පෙනෙන මෝස්තරය උඩින් ෆැබ්රික් ග්ලූ දමන්න. මේ ආකාරයට සාරියෙහි හිප් එකේ සිට පොට පහළටත් නැවත පහළ කොටස එනම් කකුල් දෙක වටා යන කොටස වටාත් ගම් දමාගන්න. මෙය හොඳින් වේළෙන්නට තබන්න. පසුව හොඳපිට හරවා මෝස්තරය මතුකරගෙන නෙට් කොටස ඉතිරිවන පරිදි සාරිය කොටස් කපා ඉවත් කරගන්න.

යළිත් මෝස්තරය යටින් පොලිතින් කොළය තබා සාරියෙහි හොඳ පිට උඩට සිටින සේ ඩ්‍රෝවින් පින්ස් ගසාගන්න. ඉන්පසු වර්ණ දෙකේ කෝඩ්වලින් මෝස්තරය කෝඩ් කරගන්න. අවසානයේ වර්ණ දෙකේ මල්ටි කලර් ස්ටෝන්ස්වලින් සාරිය අලංකාර කරගන්න.

 

නිරූපණය - නටාෂා

හැඩගැන්වීම - මනෝරි අත්තනායක

රූ රටා  සමන් ශ්‍රී කාන්ත

 

මෙම සාරි මෝස්තරය නිර්මාණයකර ගැනීමේදී ගැටලුවක් ඇතිවුවහොත් 071-4086424 අංකයෙන් ශිල්පිනිය අමතන්න.

 

උපදෙස් - ප්‍රවීණ සාරි මෝස්තර නිර්මාණ ශිල්පිනී

ජයන්ති ගමගේ

 

 

 

 

ඡායා - ශාන් රඹුක්වැල්ල

 

 

 

 

3678 වාරයක් කියවා ඇත
අදහස් එක් කිරීමට ලොග් වෙන්න