තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

රූපලාවන්‍ය ශිල්පින් සිරස්තල

කොණ්ඩා සැකසුම් සිරස්තල

මල් කළඔ සිරස්තල

මෙහෙන්දි රටා සිරස්තල

රූපලාවන්‍ය සිරස්තල

ආභරණ සපයන්නෝ සිරස්තල

සාරි සිරස්තල

2016 නොවැම්බර් 15, අඟහරුවාදා 15:00

තාරකාවක් සේ හැඩවෙන්න ටුවිස්ට් හෙයාර් ස්ටයිල්

ලිව්වේ  අචිනි ලක්මාලි චන්ද්‍රසේකර
අගයන්න
(3 මනාප)
හරිම සරල කොණ්ඩා විලාසිතාවක් වන මෙය මේ දිනවල සිනමා තාරකාවන් අතර ද අතිශයින් ජනප්‍රියයි.

 

කොණ්ඩය ඇඹරුමක් ලෙස හැඩ කරන මේ මෝස්තරය ‘ටුවිස්ට් හෙයාර් ස්ටයිල්’ (Twist Hair style)  ලෙස හඳුන්වයි.

ඔබට සැබෑවටම තරුණ පෙනුමක්, ආකර්ෂණීය බවක් එක් කරයි.

පළමුව කනේ මැද සිට කෙළින් ඉරක් වෙන්කර ගන්න. ඉන්පසුව පිටුපස කෙස් කොටස පෝනි ටේල් එකක් දමා හිස මුදුනෙන් කෙස් තීරු ගෙන මඳක් බැක්කෝම්බ් කරගන්න. පිටුපස මැදට වන ලෙස බැක්කෝම්බ් කරගත් කොටස පිටුපසට පීරා හෙයාර් ක්ලිප්ස් රඳවාගන්න. පසුව ඉදිරිපස කොටස පැත්තෙන් බෙදා අඟලක පමණ කෙස් තීරු දෙකක් ගෙන හෙයාර් ජෙල් තවරා ඇඹරුමක් (ටුවිස්ට්) කරගන්න. දැන් ඒ ආකාරයට අඟලක පමණ කෙස් තීරු හෙයාර් ජෙල් තවරා වෙන්කර ගන්න. පළමුවැනි කෙස් තීරුව මත දෙවැනි කෙස් තීරුවත්, දෙවැනි කෙස් තීරුව මත තුන් වැනි කෙස් තීරුවත් තබමින් ඇඹරුම කරගන්න.

වම්පස කොටසත් පෙර සාදාගත් ආකාරයටම ඇඹරුමක්කර පිටුපසට තබා හෙයාර් ක්ලිප්ස් රඳවාගන්න. දකුණුපස කෙස් කොටසක් ගෙන ජෙල් තවරා ඇඹරුමක්කර කෙස් තීරු දෙකේ අවසානය දක්වා ඇඹරුම ගෙන යන්න.

දකුණුපස ඇඹරුම කරගත් කොටස පිටුපසින් තොණ්ඩුවක් ආකාරයට තබන්න. අවසානයේ ස්ටෝන්ස්වලින් හැඩ වූ සෙක්ෂන් ක්ලිප් එකක් රඳවාගන්න. දැන් ඔබට ලස්සනම ලස්සන කොණ්ඩා මෝස්තරයක් ලැබී ඇති.

 මෙම කොණ්ඩා මෝස්තරය දමා ගැනීමේදී ඔබට ගැටලුවක් මතුවුවහොත් 0778030800 දුරකථන අංකයෙන් ශිල්පිනිය අමතන්න.

  උපදෙස් - ප්‍රවීණ රූපලාවණ්‍ය සහ කේෂලාවණ්‍ය ශිල්පිනී

නදීකා පෙරේරා

(නදී හෙයාර් ඇන්ඩ් බියුටි ඇකඩමි)

5135 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2016 නොවැම්බර් 15, අඟහරුවාදා 15:20
අදහස් එක් කිරීමට ලොග් වෙන්න