තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

රූපලාවන්‍ය ශිල්පින් සිරස්තල

කොණ්ඩා සැකසුම් සිරස්තල

මල් කළඔ සිරස්තල

මෙහෙන්දි රටා සිරස්තල

රූපලාවන්‍ය සිරස්තල

ආභරණ සපයන්නෝ සිරස්තල

සාරි සිරස්තල

2016 නොවැම්බර් 30, බදාදා 10:14

ප්‍රින්ටඩ් රෙද්දෙන් ඔසරි රටා විශේෂාංග

ලිව්වේ  උදයංගනී ලියනආරච්චි
අගයන්න
(0 මනාප)
අලුත් අවුරුද්දේ ඉස් ඉස්සෙල්ලාම රැකියාවට යන්නට සූදානම් වන යුවතියන්ට හරිම අපූරු ඔසරි නිර්මාණයක්.     ප්‍රින්ටඩ් රෙද්දට ෂිෆෝන් රෙද්ද එකතුවෙලා එයටම පැච්වර්ක් මෝස්තරයකුත් ඇවිත් නිසා තවත් කලඑළිවෙලා.

 

අවශ්‍ය ද්‍රව්‍ය:

ප්‍රින්ටඩ් සිල්ක්

රෙදි යාර 5 ක්

ෂිෆෝන් බේජ් වර්ණ

රෙදි යාර 1 1/2 ක්

රතු සහ කොළ වර්ණ සිල්ක් රෙදි

රතු සහ කොළ කෝඩ්

රතු සහ කොළ ස්ටෝන්ස්

නිර්මාණය කිරීම:

මෙය කොටස් වශයෙන් සාදාගත් ඔසරියකි. එහිදී පළමුව ඉණේ සිට උරහිසට සාරිපොට සඳහා බේජ් වර්ණ රෙදි කොටසක් ගන්න.

එතැන සිට පහළට ප්‍රින්ටඩ් සිල්ක් රෙදි කොටසක් අලවන්න.

දැන් ඉණ සිට උරහිස දක්වා බේජ් රෙද්ද උඩින් අඟල් තුනක් පමණ පළල කොළ පැහැති රෙදි කොටසක් අලවන්න.

දැන් රතු පැහැති සිල්ක් රෙද්දෙන් කපාගත් මල් කීපයක් කොළ රෙදි කොටස උඩින් අලවන්න.

මල් වටේට රතු කෝඩ් එක අලවා එහි වටේට ලියවැලක ආකාරයට පර්ල්ස් අලවන්න.

පල්ලුව සඳහා ද අඟල් 16 ක් පමණ පළල බේජ් පැහැති ෂිෆෝන් රෙදි කොටසක් අලවන්න.

දැන් පල්ලුව පුරා රතු සහ කොළ මල් අලවන්න. මල් වටා කෝඩ් අලවන්න.

ඉන්පසු රතු මල් මැදට කොළ ස්ටෝන්ස් සහ කොළ මල් මැදට රතු ස්ටෝන් අලවන්න.

 නෙරිය කොටසට ද බේජ් පැහැති රෙදි කොටසක් අලවා එහි ලියවැලක ආකාරයට පර්ල්ස් අලවන්න.

උපදෙස් - ප්‍රවීණ සාරි මෝස්තර

නිර්මාණ ශිල්පිනී

ජයන්ති ගමගේ

 හැඩගැන්වීම - මමෝරි අත්තනායක

නිරූපණය - මධුෂානි

ඡායා - ශාන් රඹුක්වැල්ල

  මෙම සාරි මෝස්තරය නිර්මාණය කරගැනීමේදී ගැටලුවක් ඇති වුවහොත් 071-4086424 අංකයෙන් ශිල්පිනිය අමතන්න.

5307 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2016 නොවැම්බර් 30, බදාදා 10:17
අදහස් එක් කිරීමට ලොග් වෙන්න