තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

රූපලාවන්‍ය ශිල්පින් සිරස්තල

කොණ්ඩා සැකසුම් සිරස්තල

මල් කළඔ සිරස්තල

මෙහෙන්දි රටා සිරස්තල

රූපලාවන්‍ය සිරස්තල

ආභරණ සපයන්නෝ සිරස්තල

සාරි සිරස්තල

2016 නොවැම්බර් 30, බදාදා 10:42

ඔය හෙයාකට් එක ඔයාට හරියන්නේ නෑ විශේෂාංග

ලිව්වේ  මංජුලා මල්කාන්ති
අගයන්න
(0 මනාප)
වයසට ගියත් තරුණ පෙනුමක් එන විදිහේ විලාසිතාවක් කරගන්න උනන්දුවක්, කැමැත්තක් දක්වන අය ඉන්නවා. 

 

 

නමුත් සමහරවිට එහෙම හිතාගෙන කරන විලාසිතා නිසා වයසට වඩා වයස පෙනුමක් ළඟා කරගෙන ඉන්න අයත් නැතුවා නොවෙයි.

“අයියෝ ඔය හෙයාකට් එක ඔයාට හරියන්නේ නෑ. හිටියටත් වඩා වයස පාටයි.”

“රීබොන්ඩිං එක ඔයාට මැච් වෙන්නේ නෑ. ඔයා කෙල්ල වෙන්න ගිහිල්ලා.”

ඔන්න ඔය වගේ විවේචන බොහෝවිට අසන්නට ලැබෙන්නේ ඔබ ඔබේ වයසට නොගැළපෙන විලාසිතා කිරීමට යාම නිසයි.

විලාසිතා කරන එක වරදක් නෑ. නමුත් හොඳින් හිතන්න. ඔබ ඔබේ කොණ්ඩය කිසියම් මෝස්තරයකට අනුව සකස් කරගන්නට සිතනවා නම් ඒ පිළිබඳ ඔබගේ අවධානයට යොමුවිය යුතුදේ තිබෙනවා.

ඔබේ වයසට, පෙනුමට හරියටම ගැළපෙන විලාසිතාවක් තෝරාගත්තොත් ඉන් තමන්ගේ පෞරුෂත්වය මතුකර ගන්නට පුළුවන්.

විශේෂයෙන්ම අප හිසකෙස් විලාසිතා ගැන කතා කළොත් රිබොන්ඩිං, පර්මිං, හෙයාකලර්, හයිලයිට් සහ හෙයාකට් ආදියෙන් තමන්ගේ කොණ්ඩයට සහ මුහුණට ලස්සන පෙනුමක් එක්කරගත හැකියි. නමුත් මේ වගේ දෙයකට යොමුවන විට තමන්ගේ පෙනුම, වයස, රැකියාව හිසකෙස්වල ස්වභාවය සහ මුහුණේ හැඩය ගැන ප්‍රධානකොට සැලකිය යුතුයි.

ඇස් පෙනීම දුර්වල නිසා කණ්ණාඩි පලඳන සම රැලිවැටණු ස්වභාවයක් ඇති. උස්මහත් වූ දරුදැරියන් ඇති වියපත් ලක්ෂණ පෙන්නුම් කරන අයෙක් රීබොන්ඩිං, පර්මිං වැනි විලාසිතාවන් සිදුකළොත් එය ඔවුන් තම පෞරුෂත්වයට කරගන්නා හානියකි. එමෙන්ම එවැනි අය අන් අය අතර උපහාසයට ලක්වෙයි. එමනිසා කරන්නන් වාලේ එවන් විලාසිතා අනුකරණය කරන්නට යාමෙන් වැළකීම වැදගත්.

විවාහක කාන්තාවක් නම් ඔබ ද එවන් විලාසිතාවන්ට යොමුවීමට පෙර ඒ පිළිබඳ වරක් නොව දෙවරක් සිතිය යුතු බව අමතක කරන්නට එපා. හේතුව විවාහයට පෙර ඔබේ සැමියා දුටු ඔබේ දිගු වරලස කෘත්‍රිම ලෙස වෙනස්කර ගැනීමෙන් ඔහුගේ නොරිස්සුම ද සමඟ ඔහු ඔබෙන් දුරස්වීම පවුල් ජීවිතයේ සමඟියට බාධා ගෙනදීමට පවා හේතුවිය හැකි නිසයි.

විවාහක කාන්තාවක් වන ඔබ, ඔබේ රුව ලස්සන කරන එවන් දේ සඳහා යොමුවනවා නම් ඒ පිළිබඳ සැමියාගේ කැමැත්ත අකැමැත්ත ගැනත් සැලකිලිමත් වන්න.

සමහරවිට ඔබේ කොණ්ඩයේ නිරෝගි ස්වභාවයක් නැත්නම් හෙයාකට් එකක් කර එම අඩුව මඟහරවා ගන්නට තීරණය කරනවා වන්නට පුළුවන්. මෙහිදි ඔබට ගැළපෙන නොගැළපෙන බව නොතකා වෙනත් අයෙක් කර ඇති හෙයාකට් විලාසිතාවක් අනුකරණය කරන්නට එපා. බොහෝවිට හෙයාකට් එකක් සිදුකරනුයේ කෙනකුගේ මුහුණේ හැඩය, පෙනුම, වයස සහ කොණ්ඩයේ ස්වභාවය අනුවයි.

ඔබට තිබෙන්නේ රවුම් කුඩා මුහුණක් නම් හැමවිටම මුහුණ හොඳින් පෙනෙන ලෙස හෙයාකට් එක කළ යුතුය. හතරැස් පළල් මුහුණක් ඇති අය හැමවිටම කොණ්ඩය දෙපසින් මුහුණ ආවරණය වන ආකාරයෙන් හෙයාකට් එක කිරීම වඩාත් සුදුසුයි.

නළල වැඩියෙන් ඇති දත් ඉදිරියට නෙරා අති ස්වභාවයෙන් යුත් අයකු නම් හෙයාකට් එකක් කරගැනීමේදී හැමවිටම සයිඩ් ෆින්ජ් එකක් ඉදිරිපසින් සකස්කර ගත යුතු අතර සයිඩ්පාට් එකකින් යුත් විලාසිතාවක් ඔවුන්ට වඩාත් හොඳින් ගැළපෙයි.

දිග මුහුණක් ඇති විට බොබ් ලේයර් එකක් තෝරාගන්න. ලේයර් බොබ් එකට අනුව හෙයාකට් එක සකසාගත් විට මුහුණ දෙපසින් පිරුණු ස්වභාවයක් දක්වයි.

රැලි සහිත කොණ්ඩයක් හිමිවී නම් හෙයාකට් එක කරන විට තමන් සිතන ප්‍රමාණයට වඩා අඟලක් හෝ දෙකක් දිග තබා කැපිය යුතුයි. එසේ නොවුණහොත් කොණ්ඩය වඩා කෙටි වීමෙන් මුහුණට අවලස්සන පෙනුමක් ගෙනදෙන්නට පුළුවන්. රැලි සහිත කොණ්ඩයක් ලේයර් කරනවිට ස්ට්‍රේට් කොණ්ඩයක් ලේයර් කරන ආකාරයට එය කළ නොහැකි බව මතක තබාගන්න. ලේයර් කරන්නේ රැලි කොණ්ඩයකට නම් හැමවිටම රවුම් හැඩයට ලේයර් එක කපාගත යුතුයි.

සමහර කාන්තාවන්ගේ හිසකෙස් අඩු ස්වභාවයක් පෙන්නුම් කරන අවස්ථා දක්නට ලැබෙනවා. එවන් අයගේ කොණ්ඩයට පිරුණු ස්වභාවයක් ගෙනඑන ලෙස පර්ම් එකක් හෝ ස්පයිරල් එකක් ආකාරයට සකසාගත හැකිය. නමුත් එවැන්නක් කළ පසු හිසකෙස්වලට හොඳින් සත්කාර කළ යුතු බව රැකබලාගත යුතු බව අමතක නොකළ යුතුයි.

මෙහිදී ඔබ දැන සිටිය යුතු තවත් කරුණක් නම් හිසකෙස් වර්ණ ගැන්වීමේ දී හැමවිටම තද වර්ණයක් භාවිත කළ යුතු බවයි.

තද වර්ණ වන බර්ගන්ඩි, කොකාර්, මහෝගනි වැනි වර්ණ ආසියාතික කාන්තාවන්ට ගැළපෙන වර්ණයි. කොණ්ඩය වර්ණ ගැන්වීමේදී වුවද එය ඔබේ පෞරුෂයට ගැළපෙන දෙයක් ද යන්න සිතා බලන්න.

රූපලාවණ්‍ය ශිල්පියාගෙන් හෝ ශිල්පිනියගෙන් ඒ පිළිබඳ නිසි උපදෙස් ලබාගන්න.

ඇතැම්විට එවන් විමසුමකින් තොරව හිසකෙස් වර්ණ ගැන්වීමට පෙලඹීමෙන් එය ඔබේ ප්‍රතිරූපයට හානිකර විය හැකියි.

 උපදෙස් - ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පී

සමන්ත ගුණසේකර දෙමටගොඩ

6013 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2016 නොවැම්බර් 30, බදාදා 10:44
අදහස් එක් කිරීමට ලොග් වෙන්න