තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

රූපලාවන්‍ය ශිල්පින් සිරස්තල

කොණ්ඩා සැකසුම් සිරස්තල

මල් කළඔ සිරස්තල

මෙහෙන්දි රටා සිරස්තල

රූපලාවන්‍ය සිරස්තල

ආභරණ සපයන්නෝ සිරස්තල

සාරි සිරස්තල

2016 දෙසැම්බර් 19, සඳුදා 11:25

ඔසරිය හැඩ කළ පැච්වර්ක් රටා මනරම් විශේෂාංග

ලිව්වේ  උදයංගනී ලියනආරච්චි
අගයන්න
(0 මනාප)
මනරම් රටා මවන ‘පැච්වර්ක්’ ගෙදරටම සිරියාවක් කැඳවන්නට හැකි අපූර්ව කලාවකි.

 

මේ සුවිශේෂීත්වය ලලනා ගත හැඩකරන ඔසරියට ආකර්ෂණීය පෙනුමක් ගෙන දුන් ආකාරයයි ඔබ මේ දකින්නේ. ඔබේම දෑතින් මෙවැනි ඔසරියකට ජීවය දෙන්න කැමැති නම් මෙන්න අවස්ථාව.

නව වසරේ රැකියාවට යන දින හැඩවෙන්නට මෙය නිර්මාණය කරමු නේද?

අවශ්‍ය ද්‍රව්‍ය:

වර්ණ දෙකකින් යුත් හෑන්ඩ්ලූම්

සාරියක්

අළු වර්ණ ටසල් කෝඩ්

ෆැබ්රික් ග්ලූ

රෝසිල්ක් හෝ ඩුම් සිල්ක්වලින් වර්ණ පහක රෙදි යාර භාගය බැගින්

 

නිර්මාණය කිරීම

මෙය පොට, පල්ලුව, නෙරිය, හැට්ටය වශයෙන් වෙන්කරගත් සාරියක් බැවින් පළමුව එම කොටස් වෙන්කර ගන්න. ඉන්පසු ඔබ තෝරාගත් මෝස්තරයක් ගෙන එහි හැඩතල වෙන්වෙන් වශයෙන් කපාගෙන අංක දමා ගන්න. දැන් එම අංක අනුව රෙදි කොටස් කපාගන්න. ඒ අනුව සාරි පොට සඳහා අඟල් පහක මෝස්තරයක් ඇඳගන්න. ඉන්පසු සෘජිෆෝම් බෝඩ් එකක් මත මෝස්තරය තබා ඊට උඩින් පොලිතින් කොළය තබා එයට උඩින් සාරිපොට තබා ඩ්‍රෝවින් පින්ස් ගසා ගන්න. දැන් කලින් කපාගත් රෙදිකොටස් පිළිවෙළින් විනිවිද පෙනෙන මෝස්තරය උඩින් අලවන්න. ඉන්පසු වේළෙන්නට තබන්න. මේ ආකාරයට පල්ලුව සඳහා අඟල් 15 ක ප්‍රමාණයට මෝස්තරය විවිධ වර්ණ රෙදි කොටස්වලින් කපා අලවන්න.

දැන් එයද වේළෙන්නට තබා නෙරිය සඳහා ද කුඩා මෝස්තරයක් දමා ගන්න. පසුව නැවතත් සෘජිෆෝම් බෝඩ් එකක් මත අඟල් පහක මෝස්තරය තබා එයට උඩින් මැජෙන්ටා වර්ණ රෙදි කොටසක් එළාගන්න. දැන් මෝස්තරයේ වටේට ඇති කොටස ට්‍රේසිංකර කපාගන්න. ඉන්පසු එය පොට කොටසෙහි කුඩා රෙදිකැබලි අලවාගත් කොටස උඩින් තබා අලවා ගන්න. ඒ ආකාරයටම කොළ පැහැති රෙද්දකින් පල්ලුව සඳහා ද අවුට්ලයින් කොටසක් කපාගන්න. එය ද පල්ලුව කොටසෙහි අලවාගත් මෝස්තරය උඩින් අලවන්න. ඉන්පසු අළු වර්ණ ටසල් කෝඩ් එකෙන් සම්පූර්ණ මෝස්තරයම අවුට්ලයින් කරන්න. නෙරියද මල්පෙති මෝස්තරයක් දමාගන්න.

 හැඩගැන්වීම - මනෝරි අත්තනායක

නිරූපණය - මධුෂානි

 උපදෙස් - ප්‍රවීණ සාරි මෝස්තර නිර්මාණ ශිල්පිනී ජයන්ති ගමගේසාරි මෝස්තර රටාව නිර්මාණය කරගැනීමේදී ගැටලුවක් ඇතිවුවහොත් 071-4086424 අංකයෙන් ශිල්පිනිය ඇමතිය හැකියි

 

ඡායා - ශාන් රඹුක්වැල්ල

5231 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2016 දෙසැම්බර් 19, සඳුදා 11:35
අදහස් එක් කිරීමට ලොග් වෙන්න