තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

රූපලාවන්‍ය ශිල්පින් සිරස්තල

කොණ්ඩා සැකසුම් සිරස්තල

මල් කළඔ සිරස්තල

මෙහෙන්දි රටා සිරස්තල

රූපලාවන්‍ය සිරස්තල

ආභරණ සපයන්නෝ සිරස්තල

සාරි සිරස්තල

2017 ජනවාරි 03, අඟහරුවාදා 12:19

දෙවැනි ගමනට හැඩ වෙන්න රතු පාට සාරියට මල්කම් රටා විශේෂාංග

ලිව්වේ  උදයංගනී ලියනආරච්චි
අගයන්න
(1 මනාපය)
මල් මංගල්ලේ දෙවැනි ගමන දා සරසන්නට ඉන්දියානු විලාසිතාවකට අනුව හැඩකළ අපූරු සාරියකි. හැඩට වැඩට අඳින්න කැමැති, මැහුමට ගෙතුමට දස්කම් ඇති ඔබට ඉතාමත්ම පහසුවෙන් මෙවැන්නක් නිර්මාණය කරගත හැකි වේවි.

 

අවශ්‍ය ද්‍රව්‍ය -

ඩූම් නෙට් යාර 5 ක්

සුපර් ෂිෆෝන් ජෝර්ජට් යාර 7 ක්

සාරියෙහි වර්ණයෙන් කෝඩ්

ගෝල්ඩ් කෝඩ්

සාරියෙහි වර්ණ ස්ටෝන්ස්

ගෝල්ඩ් ස්ටෝන්ස්

මල්ටි ස්ටෝන්ස්

පර්ල්ස්

ෆැබ්රික් ග්ලූ

නිර්මාණය කිරීම -

පළමුව මෝස්තරය ඇඳගෙන කොළයක් මත පිටපත් කරගන්න. ඉන්පසු සෘජිෆෝම් බෝඩ් එකක් මත මෝස්තරය තබා ඊට උඩින් සාරිය තබා ඊට උඩින් නෙට් කොටස තබා පින්ස් ගසා ගන්න. පසුව විනිවිදව පෙනෙන මෝස්තරය උඩින් ගම් දමාගන්න. මේ ආකාරයට ඉණේ සිට පල්ලුව පහළටත් කකුල් දෙක වටේටත් අඟල් 4 ක් පළලට බෝඩරයක් දමාගන්න. පල්ලුව සඳහා එම මෝස්තරය තරමක් විශාලව ඇඳ ගම් දමාගන්න. එය වේළෙන්නට තබා පසුව හොඳපිට හරවා නෙට් අවශ්‍ය තැන්වලදී නෙට් එකත් සාරි රෙද්ද අවශ්‍ය තැන්වලදී සාරි රෙද්දත් මතුවන පරිදි කට්වර්ක් කරන්න.

දැන් සාරියෙහි ඉණේ රැලිවලට එන කොටස ඉවත්කර එයට ඩූම් නෙට් කොටසක් මූට්ටු කරන්න. දැන් ඉවත් කරගත් සාරි කොටසින් අඟල් 1/2 පටි තීරු කපාගන්න. එසේ කපාගත් පටි ඉණේ රැලි තබන ඩූම් නෙට් කොටසෙහි අඟල් 3 න් 3 ට අල්ලන්න.

පසුව එම පටි රතු කෝඩ්වලින් කෝඩ් කරගන්න. මෝස්තරය රතු සහ ගෝල්ඩ් කෝඩ්වලින් කෝඩ් කරගන්න. එහි ඇති කුඩා බීක්කුවලට පර්ල්ස් අලවන්න. පල්ලුව පුරාම මල්ටි ස්ටෝන්ස් තැනින් තැන අලවා ගන්න. මෙම මෝස්තරයේ ඇති හාට් එකෙහි මැදට මදර් ඔෆ් පර්ල්ස් අලවන්න.

කුඩා පටි තීරු මැදට මල්ටි ස්ටෝන්ස් සහ ගෝල්ඩ් ස්ටෝන්ස් අලවන්න.

ගෝල්ඩ් ලාමේ රෙද්දක් භාවිතකර අන්ඩස්කර්ට් එක සහ හැට්ටය ලයිනිං කරගන්න. හැට්ටයෙහි අතට ඩූම් නෙට් භාවිත කරනවානම් අත වටා සාරි රෙද්දෙන් අඟල් 1/2 පළලට කපාගත් පටි තීරු අඟලක පරතරයක් තබා මසා ගන්න. ඔබට කැමැති නම් හැට්ටයෙහි පිටුපස කොටසටත් මෙම මෝස්තරය දමාගත හැකියි.

 

මෙම සාරි මොස්තරය නිර්මාණය කර ගැනීමේදී ගැටලුවක් ඇතිවුවහොත් 071-4086424 අංකයෙන් ශිල්පිනිය ඇමතිය හැකිය.

  උපදෙස් - ප්‍රවීණ සාරි මෝස්තර නිර්මාණ ශිල්පිනී ජයන්ති ගමගේ

 හැඩගැන්වීම  මනෝරි අත්තනායක

නිරූපණය - මධුෂානි

ඡායා - ශාන් රඹුක්වැල්ල

4526 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2017 ජනවාරි 03, අඟහරුවාදා 12:35
අදහස් එක් කිරීමට ලොග් වෙන්න