තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

රූපලාවන්‍ය ශිල්පින් සිරස්තල

කොණ්ඩා සැකසුම් සිරස්තල

මල් කළඔ සිරස්තල

මෙහෙන්දි රටා සිරස්තල

රූපලාවන්‍ය සිරස්තල

ආභරණ සපයන්නෝ සිරස්තල

සාරි සිරස්තල

2017 ජනවාරි 10, අඟහරුවාදා 11:57

ඉන්ක්‍රීසින් ලේයර් කට් විශේෂාංග

ලිව්වේ  දුමින්ද කාරියවසම්
අගයන්න
(0 මනාප)
දිලුනිකා සේවය කළේ පෞද්ගලික බැංකුවක ලිපිකාරිනියක ලෙසයි. හැඩවැඩ වෙන්න, විලාසිතා, මෝස්තර කරන්න ලොකු වෙලාවක් කලාවක් නැති වුණත් පාරිභෝගිකයන්ගේ සේවාදායකයන්ගේ ආකර්ෂණය දිනා ගැනීම ඇයට හරිම වැදගත්. මේ නිසාම දිලුනිකා නව වසරේ අලුත් වෙන්න සිතුවා.

 

ඒ වෙනුවෙන් ඇය කළේ පුංචිම පුංචි වෙනසක්. ඇයගේ කොණ්ඩයට ගැළපෙන අලුත්ම තාලයේ Hair Cut එකක් දැමීම. ඇයට තිබුණේ දිගු රැළි සහිත (Wave Hair) කෙස් අඩු කොණ්ඩයක්. මේ කොණ්ඩයට ඉන්ක්‍රීසින් ලේයර් එකක් දැම්මා.... හැමෝගෙන්ම ලැබුණේ පුදුම සිතෙන wow එකක්. දිලුනිකාට අදහා ගන්නත් බැහැ.

 1. ඒ සඳහා මුලින්ම ෂැම්පු කන්ඩිෂනර් දමා සෝදා ගත් කොණ්ඩයේ Top area එක වෙන්කර ගන්න.

2. ඡායාරූපයේ පෙනෙන පරිදි එම කොටසේ පිටුපස යටම Hair Line  එකේ කෙස් රොදේ අගිස්ස කැපෙන පරිදි වෙන්කර ගත් කොටසේ guide  එක කපාගන්න.

එම කපාගත් කොටස් තුන් පැත්තකට ගොස් තිරස් අතට (හරස් අතට) නිවැරැදිව කැපී ඇති දැයි පරික්ෂා කරමින් කොණ්ඩය එකම මට්ටමකට කපා ගන්න.

3. තුන්වැනි රූපයෙන් පෙනෙන්නේ එසේ සම්පූර්ණයෙන්ම තිරස් ආකාරයට කැපූ පසුව පෙනෙන ආකාරයයි.

4. ඉන් පසුව හිසේ පිටුපස කොනක සිට උඩ සිට යට Hair line  එක දක්වා අඟල් 1/2 ට අඩු ප්‍රමාණයේ කෙස් රොදවල් කොටස් කරගනිමින් එම කොටස් කපන්න. මෙහිදී යට කොටස් අංශක 180 ක්, ඉහළ කොටස් (Top area) අංශක 90 අල්ලමින් මුලින් කැපූ උඩ කොටස් guide  කරමින් සම ප්‍රමාණයට කපාගන්න.

5. මෙලෙසින් සියලුම කොටස් ඒ ආකාරයට යට සිට ඉහළට ඔසවමින් උඩ කොටස  guide  කරගනිමින් සියලුම කෙස් කොටස් උස්සමින් සම ප්‍රමාණයට කපාගන්න.

6. ඉන්පසුව සියලුම කෙස් කොටස් පහළට පීරා V  හැඩයට හෝ U  හැඩයට ඉදිරිපස සිට පිටුපස දක්වා ඇඟිලි හැඩකරමින් කපා අවසන් කරගන්න.

7. අවසානයේ ˆ blow dryer එක මඟින් හිස සාමාන්‍ය ප්‍රමාණයට වියළා set  කර ගත් විට මෙලෙසින් අපූරුවට පෙනේවි.

   

උපදෙස් - කොණ්ඩා සහ කොණ්ඩා මෝස්තර ශිල්පී ආචාර්ය

ආරිය මධුරසිංහ

0777-746165

5528 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2017 ජනවාරි 10, අඟහරුවාදා 12:03
අදහස් එක් කිරීමට ලොග් වෙන්න