තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

රූපලාවන්‍ය ශිල්පින් සිරස්තල

කොණ්ඩා සැකසුම් සිරස්තල

මල් කළඔ සිරස්තල

මෙහෙන්දි රටා සිරස්තල

රූපලාවන්‍ය සිරස්තල

ආභරණ සපයන්නෝ සිරස්තල

සාරි සිරස්තල

2017 ජනවාරි 23, සඳුදා 12:21

ළා නිල් පැහැයයි රන් පැහැයයි ගෙනෙන එළියක තරම

ලිව්වේ  උදයංගනී ලියනආරච්චි
අගයන්න
(0 මනාප)
මෙම සාරි මෝස්තරය නිර්මාණය කරගැනීමේදී ගැටලුවක් ඇති වුවහොත් 071-4086424 අංකයෙන් ශිල්පිනිය ඇමතිය හැකිය.

 

 

 

උපදෙස් - ප්‍රවීණ සාරි මොස්තර නිර්මාණ ශිල්පිනී ජයන්ති ගමගේ 

ළානිල් කියන්නේ බොහොම සෞම්‍ය වර්ණයක්. මේ වර්ණයට රන්වන් පැහැය එකතු වුණාම තවත් අපූරුයි. මේ වර්ණ දෙක මිශ්‍ර වී සාරි නිර්මාණයකට ගෙනා කල එළියයි මේ. උදේ කාලයේ පවත්වන උත්සවයකට මේ වගේ සාරියක් හරිම අපූරුයි නේද?

අවශ්‍ය ද්‍රව්‍ය -

ෂිෆෝන් ජෝර්ජට් වර්ගයේ නිල් පැහැති සාරියක්

ගෝල්ඩ් ලාමේ රෙදි කොටසක්

ලයිට් ගෝල්ඩ් වර්ණ නෙට් යාර තුනක්

මෙම වර්ණ දෙකෙන් කෝඩ්

ස්ටෝන්ස් සහ පර්ල්ස්

ෆැබ්රික් ග්ලූ

නිර්මාණය කිරීම -

පළමුව මිදි කොළ සහිත මෙම මෝස්තරය කොළයක් මත පිටපත් කරගන්න. ඉන්පසු හැට්ට කොටස සාරියෙන් කඩා වෙන්කර ගන්න. දැන් මෙම මෝස්තරය සෘජිෆෝම් බෝඩ් එකක් මත තබා එයට උඩින් පොලිතින් කොළයක් තබා ඊට උඩින් සාරියේ උකුළ සිට පොටට එන කොටස තබා පසුව නෙට් කොටස තබා ඩ්‍රොවින් පින්ස් ගසාගන්න. දැන් විනිවිදව පෙනෙන මෝස්තරය උඩින් ෆැබ්රික් ග්ලූ දමාගන්න. මෙය වේළෙන්නට තබා ඒ ආකාරයටම පල්ලු කොටසටත් ගම් දමා ගන්න. සාරියෙහි පහළ කොටසටත් ගම් දමා වේළෙන්නට තබන්න. දැන් සාරිය හොඳ පිට හරවා මිදි කොළය මතු කරගෙන ඉතිරි කොටස් ඉවත්කර ගන්න.

ඉන්පසු කොළය වටා නිල් පාට කෝඩ්වලිනුත් මෝස්තරය අනුව ගෝල්ඩ් කෝඩ් එකක් යොදන්න. මිදි කොළයෙහි මැදට ගෝල්ඩ් ලාමේ රෙදි මඟින් නාරටි ලෙසට තීරු කපා අලවාගන්න.

මෙයට වැඩි අලංකාරයක් ලබා දීම සඳහා වටේට ස්ටෝන්ස් සහ පර්ල්ස් අලවන්න.

සාරි පොටෙහි වටේට ගෝල්ඩ් කෝඩ් අලවා වටේට මල්ටි ස්ටෝන්ස් අලවා ගන්න.

නිරූපණය - නටාෂා

හැඩගැන්වීම - මමෝරි අත්තනායක

ඡායා - ශාන් රඹුක්වැල්ල

3912 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2017 ජනවාරි 23, සඳුදා 12:29
අදහස් එක් කිරීමට ලොග් වෙන්න