තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

රූපලාවන්‍ය ශිල්පින් සිරස්තල

කොණ්ඩා සැකසුම් සිරස්තල

මල් කළඔ සිරස්තල

මෙහෙන්දි රටා සිරස්තල

රූපලාවන්‍ය සිරස්තල

ආභරණ සපයන්නෝ සිරස්තල

සාරි සිරස්තල

2017 ජනවාරි 23, සඳුදා 12:44

දිග කොණ්ඩය ඩැමේජ් නම් විනාඩි පහෙන් ලේයර් එකක් විශේෂාංග

ලිව්වේ  දුමින්ද කාරියවසම්
අගයන්න
(0 මනාප)
කොණ්ඩය අගිස්ස damage වෙන ගැටලුව බොහෝ දෙනකුට තිබෙනවා. “මගේ කොණ්ඩේ කොච්චර දිගට තිබුණත් අග damage  වෙලා. හරිම කැතයි...” මෙවැනි මැසිවිලි බොහෝ දෙනෙක් සැලොන් එකට ඇවිත් කියනවා.

 

ඒ ගැටලුවට කදිම විසඳුමක් ලෙස විනාඩි පහක ලේයර් කට් එකක් දෙන්නට පුළුවන්. එය ඔබේ කොණ්ඩයට අලුත් පෙනුමක් සමඟ හොඳම ප්‍රතිකාරයක්. අපි බලමු මේ ලේයර් විලාසිතාව කරන්නේ කොහොමද කියලා.

 1. හොඳින් කොණ්ඩය ෂැම්පුකර පසුව කන්ඩිෂනර්කර ගැට හැර පීරාගන්න. දැන් හිසේ කෙස් කොටස් පිටුපස සිට ඉදිරියට ගෙන පීරාගන්න.

2. එම පීරා ගත් කොටසේ ඉදිරිපස උඩ කොටසේ සිට පහළ අගිස්ස දක්වා හොඳින් අඹරා කෙස් කොටස් හොඳින් තදවෙන පරිදි අගිස්සටම එන පරිදි අඹරා ගන්න. දැන් අගිස්සේ දුබල වූ කෙස් කොටස්වලට උඩින් කතුර හරි මැදට තබා සෙමෙන් ටිකෙන් ටික කතුර තද කරමින් උඩ සිට පහළට යනතුරු කපාගන්න.

3. මෙහි තුන්වැනි රූපයේ ඇත්තේ එසේ කපාගත් පසු පෙනෙන ආකාරයයි.

4. ඉදිරිපසට කැපූ කොණ්ඩය පිටුපසට හොඳින් පීරා උ හැඩයට ඍ හැඩයට ලෙන්ත් එක කපා අවසන්කර ගන්න.

5. මෙහි පස්වැනි රූපයේ ඇත්තේ ලෙන්ත් එක කපන අයුරුයි.

6. අවසානයේදී බ්ලෝ ඩ්‍රයර්කර කොණ්ඩය සකස්කර අවසන් කරන්න.

ඡායාරූප - ප්‍රභාත් රඹුක්වැල්ල  

උපදෙස් - කොණ්ඩා කැපීම හා කොණ්ඩා මෝස්තර ශිල්පී

ආචාර්ය ආරිය මධුරසිංහ

0777-746165

6126 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2017 ජනවාරි 23, සඳුදා 12:56
අදහස් එක් කිරීමට ලොග් වෙන්න