තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

රූපලාවන්‍ය ශිල්පින් සිරස්තල

කොණ්ඩා සැකසුම් සිරස්තල

මල් කළඔ සිරස්තල

මෙහෙන්දි රටා සිරස්තල

රූපලාවන්‍ය සිරස්තල

ආභරණ සපයන්නෝ සිරස්තල

සාරි සිරස්තල

2017 පෙබරවාරි 16, බ්‍රහස්පතින්දා 15:11

එන්ගේජ්මන්ට් පාටියට ‘රිංකල්ස්’ ස්ටයිල් විශේෂාංග

ලිව්වේ  අචිනි ලක්මාලි චන්ද්‍රසේකර
අගයන්න
(0 මනාප)
යොවුන්වියේ සොඳුරුතම සමනල් හැඟුම විවාහයයි. අන් කවරදාකටත් වඩා හැඩට එදින ඔබේ සොබා රුව දිස්විය යුතුයිනේ. එයට නවමු කලඑළියක් කොණ්ඩා මෝස්තරයෙනුත් ලබා ගත හැකියි. බලන්නකෝ මේ ‘රිංකල්ස්’ මෝස්තරය. විවාහ ගිවිස ගැනීමේ උත්සවයේදී සැබෑ ආකර්ෂණීය බවක් ගෙන දේවි.

 

1 පියවර - හිස මුදුනෙන් මුහුණට ගැළපෙන ආකාරයට බැක්කෝම්බ්කර ඉදිරිපස කොණ්ඩය සකස්කර ගන්න.

2 පියවර - පහළට වනසේ පෝනි ටේලයක් දමාගන්න.

3 පියවර - පෝනි ටේලයට මඳක් ඉහළින් පිටුපස හරි මැදට වන ලෙස කර්ල් එකක් සාදා හෙයාර් පින්ස්වලින් රඳවා ගන්න. ඉන්පසුව ඒ ආකාරයටම වම් පසින් සහ දකුණු පසින් කර්ල් සාදා ගන්න.

4 පියවර - එම ක්‍රමයම අනුගමනය කරමින් බන් එකක හැඩයට පෝනි ටේලය වටා කර්ල් සාදාගන්න.

5 පියවර - බන් එක මැදට වන ලෙස කර්ල් සාදාගන්න.

6 පියවර - ඉතිරි කෙස්වලින් මුහුණට පෙනුම ගෙන දෙන ආකාරයට කර්ල් සාදාගන්න.

7 පියවර - ඇඳුමට ගැළපෙන ආකාරයට ආභරණ සහ මල් එකතුකරගන්න.

8 පියවර - අවසානයේ වම්පස සහ දකුණුපස මේ ලෙසින් ඔබට දිස්වේවි.

 මේ පිළිබඳ යම්කිසි ගැටලුවක් මතු වුවහොත් 0778030800 දුරකථන අංකය අමතන්න.

  නිරූපණය බර්නි

5367 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2017 පෙබරවාරි 16, බ්‍රහස්පතින්දා 15:24
අදහස් එක් කිරීමට ලොග් වෙන්න